Feeds:
Posts
Comments

Archive for July, 2011

ඔබ අදහන ආගම කුමක් වුවත් එය පහත ඉදිරිපත් කරන කුලක වලින් එකකට අයත්වේ.

1.

ධර්මය 1

2.

ධර්මය

ධර්මය 2

3.


ධර්මය

ධර්මය 3

  • සුදු පැහැය: “සියල්ල ඇත්ත”
  • අළු පැහැය : “බහු බූත”
  • කළු පැහැය: “බේගල්”

සියල්ල සුදු පැහැයෙන් යුතු වෙන් රූපයක් ඉදිරිපත් නොකලේ එහෙම ආගමක් නැතැයි මා විශ්වාස කරන නිසාය.

ප.ලි: ආගම/දර්ශනය/ධර්මය යන වචන වල පලහිලව්වක් ඇති බව මා දන්නා නමුත් ඒවායේ වෙනස්කම් ද අළු පැහැති නිසා ආගම යන වචනය දර්ශනය/ධර්මය යන අර්ථයෙන්ම යොදා ඇත.

Read Full Post »

අපරාධකරුවන්ගේ ජංගම දුරකථන වලට පොලිස් කාන්තාවන් ලවා (flirting) ඇමතුම් දී ඔවුන්ව රවටීම හරහා අල්ලාගන්නා ක්‍රමයක් සාර්ථකව අත් හදා බලා ඇත. නමුත් මේ ලිපිය අනාගතයේ දී ක්‍රියාත්මක විය හැකි ඊට වඩා සාර්ථක ක්‍රමයක් පිලිබඳව ය.

සෑම ජංගම දුරකථනයකටම IMEI අංකයක් එම දුරකථනය නිශ්පාදකයා විසින් දෙනු ලැබේ. ඇමතුම් ගන්නා සෑම අවස්ථාවකදීම දුරකථනය විසින් මෙම අංකය පිලිබඳ තොරතුරු දුරකථන සමාගම වෙත යවනු ලැබේ. එසේම දුරකථනය භාවිතා කරන පුද්ගලයා සිටින ප්‍රදේශය හෝ සම්බන්ධවී සිටින දුරකථන ආවරණ කලාපය පිලිබඳ තොරතුරු ද දුරකථන සමාගම වෙත ලැබේ.


IMEI යනු ඉලක්කම් 15කින් යුතු අංකයකි. ඔබගේ ජංගම දුරකථනයේ අංකය බලා ගැනීම සඳහා *#06# ඇතුලත් කරන්න. එම අංකය පිලිබඳ වැඩිදුර තොරතුරු ලබාගන්න මෙතැනට යන්න.

සේවා සපයන ආයතනයට අවශ්‍ය නම් මෙම තොරතුරු ගබඩාකර පසුකාලීන තොරතුරු විශ්ලේෂණයන් සඳහා තබා ගත හැක. නැතහොත් එම තොරතුරු වෙනත් රහස් ආයතනයකට ලබාදිය හැක.

කෙනෙකු සිටින ප්‍රදේශය, ඔහු/ඇය නිතර යන එන ස්ථාන, ඔහු/ඇය කිසියම් අවස්ථාවක තමාගේ සිම් කාඩ්පත මාරු කර වෙනත් කාඩ්පතක් භාවිත කරනවා ද, එසේ නම් එම සිම්පතින් ලබාගන්නා ඇමතුම් මොනවා ද ආදී දහසකුත් එකක් තොරතුරු මොහොතකින් ලබා ගත හැක.

එසේම මෙම තොරතුරු මගින් සොරකම් කරන ලද ජංගම දුරකථන භාවිතා කරන්නන් සොයා ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ද දැනට ලංකාවේ සිදුකෙරේ.
Click to view TRC Notice

ලාභ චීන දුරකථන තහනම: මෙම දුරකථන වල වලංගු IMEI අංකයක් නැත. බොහෝ විට ඒවායේ ඇත්තේ 000000000000000 යන බිංදු පහලොවකින් යුතු අංකයකි. ඒ නිසා රටේ බොහෝ දෙනෙක් චීන දුරකථන භාවිතා කරනවා නම් අංකය යොදාගෙන අපරාධකරුවන් අල්ලන වැඩේ අසාර්ථක වේ. නමුත් මෙම ජංගම දුරකථන දැනටත් භාවිතයේ ඇති නිසාත්, එක්වරම තහනම් කලහොත් රජය ඊලඟ චන්දය පරදින නිසාත්, මූලික අයිතිවාසිකම් පිලිබඳ නඩු වැටුනොත් එයත් කරදර නිසාත් මෙම දුරකථන වල ශරීරයට අහිතකර විකිරණ නිකුත් වන බව කියා ආනයනය හා විකිනීම දැනට තහනම් කර ඇත.
Link to DailyMirror.lk article

චීනයේ නිශ්පාදිත ලාභ ජංගම දුරකථන තත්වයෙන් පහත් හා සෞඛ්‍යයට අහිතකර විය හැකි නමුත් ඒ පිලිබඳව කිසිදු වගකිව හැකි ආයතනයක් පරීක්ෂණ පවත්වා ඇති බවට තොරතුරක් මා හට සොයාගත නොහැකි විය. ඔබට ඒ සම්බන්ධව යම් තොරතුරක් ඇත්නම් මා දැනුවත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

මතු සම්බන්ධයි!

Read Full Post »

80 දශකයේදී ඔන්න ඉන්දියාව ලංකාව අල්ලන්න එනෝ කියා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නම් වූ සංවිධානයක් රට පුරා ත්‍රස්ත ව්‍යාපාරයක් දියත් කල අයුරුත් එය අවසන්වූ අයුරුත් පාඨක ඔබට මතක ඇතැයි සිතමි. 2011 දී එලෙසම දේශප්‍රේමයට මුවාවී සිදු කරන සාමාන්‍ය ජනතාව බිය ගැන්වීමේ සංවිධාන කිහිපයක් පිලිබ්ඳ තොරතුරු කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

  • ආසනික් ත්‍රස්තවාදය
    රජරට පලාතේ වාසය කරන ජනතාව අතර බහුලව දක්නට ලැබුනු හේතුවක් සොයාගත නොහැකි වී ඇති වකුගඩු රෝගයක් වේ. එයට හේතුව වන්නේ ‘හාල්වල’ ආසනික් ඇති නිසා බව තමන් සොයාගත් බව කියමින් නලින් ද සිල්වා ඇතුලු කණ්ඩායමක් ජනතාව බියවැද්දීමේ ව්‍යාපාරයක් ආරම්භ කලහ.

    However, our analyses have revealed high amounts of arsenic in rice, that is, 100-500 ug/kg, which are compatible with the arsenic content in rice in West Bengal and Bangladesh. Besides, in our investigations of the hair samples of CDKu patients, a high arsenic content of 3.04-7.18 mg/kg was observed”, Jayasumana pointed out.
    Source: The Island (16th March 2011)

    ලංකාවේ විවිධ ප්‍රදේශවල නිපදවන් සහල් වල අඩංගු ආසනික් ප්‍රතිශතයන්ද දක්වා වගුවක් පුවත්පත් හරහා ප්‍රසිද්ධ කරන ලදි. මෙය විශාල ජන කැලඹීමක් ඇති කල අතර පසුව එකී ත්‍රස්ත කණ්ඩායම හාල්වල ආසනික් වෙනුවට කෘෂි රසායන ද්‍රව්‍යවල ආසනික් ඇතැයිද එම ආසනික් ජලයට එකතු වී වකුගඩු රෝගය සෑදෙන බවටත් කථාව වෙනස් කර ගන්නා ලදි.

    මෙසේ කතාව වෙනස් කිරීම නිසා හාල්වල ආසනික් කතාවෙන් කැලඹී සිටි කොළඹ ජනයාට සිද්ධිය අමතක විය. එය තවදුරටත් ඔවුන්ට බලපාන ගැටළුවක් නොවන නිසාය. එමඟින් නලින් ද සිල්වාගේ පිරිසට වැඩි-සද්දයක් නොදා හීන් සීරුවේ තමන්ගේ ව්‍යාපාරය කරගෙන යාමට ඉඩ සැලසී ඇත. පශ්චාත් යුධ සමයේ වැලේ වැල් නැතිවී සිටින දේශපාලකයින් කිහිප දෙනෙකුගේද සහය ලබමින් මෙය ඉදිරියට යයි.

  • ඇස්ට්‍රා වල E319 (TBHQ)
    ඇස්ට්‍රා වල E319 නම් වූ ප්‍රතිඔක්සිකාරකය අඩංගු බව ඒවායේ දවටන වල සඳහන් කර ඇත. එය රහසක් නොවීය. නමුත් E319 ලමුන්ට අගුණ බවත් එනිසා ඇස්ට්‍රා තහනම් කරනලෙසත් ඉල්ලා නඩු පැවරූවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් පිරිසක් විසින් කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයේදීය.

    නමුත් ලෝකයේ කිසිම රටක ආහාර ද්‍රව්‍ය වලට E319 යෙදීම තහනම් බවට මෙතෙක් කරුණු අනාවරණය වී නැත.


    Opinion of the Scientific Panel on food additives, flavourings, processing aids and materials in contact with food (AFC) on a request from the Commission related to tertiary-Butylhydroquinone (TBHQ).

    TBHQ has already been evaluated by the former Scientific Committee on Food (SCF) which concluded in 1987 that there was still a need for additional data. The SCF requested an adequate carcinogenicity study and an in vivo mutagenicity study of germ cell effects. At that time, the SCF was of the opinion that TBHQ was not acceptable for use as an antioxidant to food and did not establish an acceptable daily intake (ADI). Since then additional data on carcinogenicity and mutagenicity have become available.

    Based on the data reviewed the Panel concluded that TBHQ is not carcinogenic and that further genotoxicity studies were unnecessary. The Panel considers the dog as the most sensitive species and allocated an ADI of 0-0.7 mg/kg bw based on a no-observed-adverse-effect-level (NOAEL) of 72 mg/kg bw per day in dogs to which a 100-fold safety factor was applied.

    Considering that not all fat intake in high fat eaters will come from refined oils, conservative intake estimates suggest that exposure in adults and children who are high fat eaters would not exceed the ADI. However, if TBHQ were allowed to be used in infant formulae and follow on formulae at the maximum amount requested, exposure in infants and children would exceed the ADI.

    The formation of 2-tertiary-butyl-p-benzoquinone (TBBQ) is likely to be due to the antioxidant action of TBHQ and this compound would probably be reduced back to TBHQ to a certain extent when ingested. The formation of TBBQ from the use of TBHQ in food is not considered to be a matter of concern

    එසේ නම් දැන් පැන නගින ගැටලුව වන්නේ E319 ලමුන්ට අගුණ යයි කහටගස්දිගිලියේ P.H.I ලා හොයාගත්තේ කෙසේ ද කියාය.
    මොවුන් (PHI) හරියට රැකියාව කරන්නේ නම් කහටගස්දිගිලියේ ඇති ආපන ශාලා බොහොමයක් මේවන විට සීල් තබා වසා දමා තිබිය යුතුය.

ජනතාව බොරුවට බිය ගන්වන මෙවැනි සංවිධාන පිලිබඳ රජය වහාම අවධානය යොමුකල යුතුය. ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු අතර මෙවැන්නන්ට රිංගා යාමට හැකි නීතියෙහි ඇති සිදුරු වසා දැමිය යුතුය.

Read Full Post »

ආකාසට්ඨාච භුම්මට්ඨා
දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා

ගෙඩියක් කඩාගන්න අඹ ගහට ගල් ගසන්නේ නිශ්චිත අඹ ගෙඩියක් ඉලක්ක කර නොවේ. එලෙසම නමක් ගමක් නැතිව මේ ගාථාවෙන් පින් දෙන්නේ ඔහෙ වදින එකෙකුට වැදියන් කියාය.

එසේ නම් නාථ, කතරගම, ගණ වැනි දකුණු ආසියානු දෙවියන් මෙන්ම මෙම generic පින් දීම අල්ලා, යොහොවා, සියුස්,…. වැනි ජාත්‍යන්තර මට්ටමේ දෙවියන්ටද අදාල විය යුතුය.

ඇත්තටම තමන් මෙසේ දුන්/දෙන පින් ඔවුන්ට ලැබුනා දැයි දැන ගැනීමට අවස්ථාවක් ඔබටත් උදාවී ඇත. ඒ සඳහා දෙවියන් සමග කෙලින්ම ගනුදෙනු කරන පිරිසක් කැළණි විශ්වවිද්‍යාලයේ දී හමු වීමෙන් කර ගත හැක.

Read Full Post »

ගුත්තිල කාව්‍ය හෝ එහි මූලාශ්‍රය වන ජාතකයේ එන ගුත්තිල ජාතකය හෝ කියවන කෙනෙකුට හමුවන්නේ ගුත්තිල නමින් හැඳින්වෙන මහා ගාන්ධර්ව කෙනෙකි. ගුත්තිල ගාන්ධර්වයා හමුවීමට බරණැස්පුරයට පැමිණෙන්නේ මූසිල නමැති පුද්ගලයෙකි. කලක් ගුත්තිල ඇදුරිදුන්ගේ නිවසේ, අඳ මවුපියන් හට අත්පා මෙහෙවර කරමින් වෙසෙයි.

මූසිල, ගුත්තිල ඇදුරිදුන් ගෙන් වීණා වාදනය පරතෙරට ම ඉගෙනුම ලබන්නේ අඳ මවුපියන්ගේ මෙහෙයුම අනුව විනා තමන්ගේ ම කැමැත්තෙන් නොවන බව ද පෙනේ. කෙසේ වෙතත් අන්තිමට ගුත්තිල මූසිල යන ගුරු – ශිෂ්‍ය දෙදෙනා නොහොඳ නෝක්කාඩුවකට මුහුණ දෙන්නේ බඹදත් රජ මැදුරේ වීණා ශිල්ප වාදයකට තුඩු දීමෙන් බව හැඟේ.

තමන් සිල්ප හැදෑරු ඇදුරිදුන් හා සම සම ව සිටින බවත් දෙදෙනාගේ සිල්ප වෙන වෙන ම පිරික්සා බැලුමෙන් එය වටහා ගත හැකි බවත් මූසිල බඹදත් රජුට පවසයි.

මේ හේතුවෙන් ගුත්තිල ඇදුරිදුන්ගේ සෝකය තව තවත් තියුණු වී ඔහු වනගත වී සක් දෙවිදුගෙන් පවා උපකාර ලබා ගැනුමට මෙහෙය වේ. ගුත්තිල මූසිල වාදය මෙරට ඇදුරන් අතර ද මහා වාදයක් බවට පත් වී ය. සමහරු ගුත්තිලගේ පැත්ත ගත්හ.

සමහරු මූසිලගේ පැත්ත ගත්හ. තවත් සමහරු වරද බඹදත් රජුට පැවරූහ.

‘ගුත්තිල විචාර’ නමින් විචාරයක් ද පැන නැඟුණේ මේ සියල්ලේ ප්‍රතිඵලයක් වශයෙනි.

ඉන් වෙනත් බොහෝ අතිරේක සාහිත්‍යයික ගැටලු පවා පැන නැඟිණ. කෙසේ වෙතත් ස්ව ශක්තියට වඩා ශක්‍රයාගේ ශක්තිය කරණ කොට ගෙන ගුත්තිල ජයග්‍රාහි වූ බව හැඟවේ.

මේ අතර මූසිලයන්ට පරාජය හිමි වී, “යවයි නෙරපූහ යමපුරයට” යනුවෙන් ඔහුට අත්වන ඉරණම ද සනිටුහන් වේ.

~ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

මෙම කතාව ඔබත් කුඩාකල අසා ඇති ගුත්තිල ජාතකයයි.

ගුත්තිලගේ ශිෂ්‍යයෙක් ලෙස කලක් ඉගෙනගත් නමුත් රජවාසලේ සේවයට බැඳීමේදී මූසිල තමාගේ හැකියාවට සරිලන වැටුපක් බලාපොරොත්තු වීම නිසා ඇතිවූ ගැටළුවක් දේව සහයෝගයෙන් අසාධාරණව විසඳාගැනීම මෙම කථාවේ තේමාව වෙයි.

දැනුම හා හැකියාව මත රඳා පවතින රැකියාවක යෙදෙන දෙදෙනෙක් සම වැටුප් ලැබීමට අයිතිවාසිකම් ලබයි. නමුත් ගුත්තිල ආචාරියා දෙවියන්ගේ සහය ලබාගෙන තම ශිෂ්‍යයාගේ අනාගතය නැති කර දමා ඇත. එසේම වංචාවෙන් තරඟයේ ජයග්‍රහණයද ලබා ඇත.

Read Full Post »

දන්නා අයෙක් වෙතොත් කෙටියෙන් හෝ දීර්ඝව ඒ පිලිබඳව සඳහනක් කරන්න.

ප/ලි
කිහිප දෙනෙක් ඇවිත් ගිය බවට සලකුණු තිබුනත් ඒ කිසිවෙක් ‘සිංහල බෞද්ධ විද්‍යාව’ යනු කුමක් දැයි නොදන්නා අය හෝ දන්නා නමුත් දැනුම බෙදා හදා ගන්න අකමැති අය බව පෙනීයයි. කවදා හෝ දන්නා අයෙක් පැමිණ මෙහි සටහනක් තබනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

Read Full Post »

මෙරට ඇති ජාතික දැනුම මේ වන විට අභාවයට යමින් පවතියි. ගොවිකමේ, වෙදකමේ ආදී වශයෙන් ඇති මේ දැනුමට සම්‍යක් දෘෂ්’ටික දෙවිවරුන් එකතුකරන දැනුම ද වෙයි. ඊනියා විද්‍යාඥයන් සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට සිනහසෙන්නේ ඒ අදෘශ්‍යමාන පාර භෞතික බලවේග කියමිනි. එහෙත් ගුරුත්වාකර්ෂණ බලය ද අදෘශ්‍යමාන වෙයි. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වේ. ඒ ඉන්ද්‍රිය ගෝචර දැනුමක් බව පෙන්විය හැකි අයකු වෙතොත් ඔහුගේ හෝ ඇයගේ හෝ ගුරුත්වාකර්ෂණය ගෝචර වන විශ්මිත ඉන්ද්‍රිය ද රැගෙන කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණෙන ලෙසට ආරාධනය කරමි.
~ නලින් ඩි. සිල්වා

මෙම මාතෘකාව මුලින්ම සාකච්ඡා කරන ලිපිය මෙය නොවේ. මීට පෙර ලිපියකින් මා ඉදිරිපත් කල විද්‍යාත්මක ක්‍රමය නම්වූ ක්‍රමවේදය යොදාගනිමින් ඉලෙක්ට්‍රෝන පවතින බවටත්, ගුරුත්වාකර්ෂණය පවතින බවටත් විද්‍යාඥයන් විසින් සාක්ෂි සොයාගෙන ඇත. මෙම ලිපිය කියවන ඔබටත් විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝශය තුලින් ඒ ගැන වැඩිදුර විස්තර සොයා ගත හැක. තමා විවේචනය කරන්නවුන් පුස්සන්, පඬියන් ආදී විශේෂණ යොදා ගනිමින් ආමන්ත්‍රනය කරන මෙතුමා තමා “මහාචාර්ය” වන්නේ කුමණ විශය ක්ශේත්‍රයකින් දැයි අමතක කොට බටහිර විද්‍යාවත්, විද්‍යාත්මක ක්‍රමයත් ප්‍රතික්ශේප කර ඇත. එය සැබවින්ම තමන් වාඩිවී සිටින අත්ත කපා ගත් දර කපන්නා කරගත් අමන ක්‍රියාව හා සමානය. තමන් උගත් විෂය අමතක වී ඇති මොහු තව දුරටත් මහාචාර්ය කෙනෙක් වන්නේ කෙසේ ද?

කැළනි විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරය දැරීමට වඩා මොහු වැන්නෙකු සුදුසු වන්නේ කැළනි පන්සලේ නාථ දේවාලයේ ප්‍රධාන කපුවා තනතුරට ය.

දෙවියන් සමග කථා කරන ගැහැණිය:
සම්‍යක් දෘෂ්ඨිය යනු බෞද්ධ දර්ශනයට අනුව යහපත් දැකීමය. මිත්‍යා දෘෂ්ඨිය යන්න සම්‍යක් දෘෂ්ඨියේ විරුද්ධාර්ථය ගෙනදේ. මීට අමතරව නොදියුණු ජනවහරේ එන තවත් දෘෂ්ඨියන් ඇත. යක්ෂ/දේව දෘෂ්ඨි යනු එවැනි භින්නෝන්මාදය (Schizophrenia) නම්වූ මානසික රෝගී ස්වභාවයක් හැඳින්වීමට යොදා ගනී. මෙම කාන්තාව පෙලෙන්නේ මෙම භින්නොන්මාදය රෝගයෙන් බව ඉහත වීඩියෝව නැරඹූ විට පෙනේ.

පෙර ලිපියේ සඳහන් කල පරිදි ‘දෙවියන් ලෝකය මැව්වා’ වැනි කාරණා විද්‍යා ගෝචර නොවේ. එසේම මීට වසර 2600 කට පමණ පෙර සිදුහත් කුමරා බුදු වුනා ද නැද්ද යන්නද විද්‍යාත්මක ක්‍රමය යොදා පරීක්ෂා කල හැකි නොවේ. එයට හේතුව වන්නේ මෙබඳු කල්පිතයන් හරිවැරදි බව තහවුරු කල නොහැකි නිසාය. නමුත් කැළණියේ ජීවත්වන කාන්තාවක් දෙවියෙක් සමග කථා කරනවා යයි කීම විද්‍යාත්මක ක්‍රමය යටතේ පරීක්ෂණයකට කල හැකිය. ඉල්ලීමක් කලහොත් මාහට පරීක්ෂනයක් යෝජනා කල හැක.

Read Full Post »

Older Posts »