Feeds:
Posts
Comments

Archive for August, 2011

මා මුලින්ම කියවූ විද්‍යා සඟරාව වූයේ 70 දශකයේ පලවූ ධනසිරි හා බුද්ධදාස බෝධිනායක සහෝදරයන්ගේ “විද්‍යා” සඟරාවය. කුඩාකාලයේ දීම විද්‍යාත්මක චින්තනය මගේ මනසට ඇතුලු කලේ එම සඟරාවයි. අභ්‍යාවකාශය ජයගැනීම සඳහා ඇමෙරිකානුවන් විසින් ආරම්භ කිරීමට යන ෂටල වැඩසටහන ගැන එහි පලවූ ලිපිය තවමත් මාගේ මතකයේ තිබේ. දැනුම ලබා ගැනීමේ මාර්ග පාසලට හා පොතපතට සීමා වූ ඒ කාලයේ “විද්‍යා” සඟරාව මා හට ලබා දුන් දැනුම අති විශාල විය.

1980 දශකයේ අග භාගයේ දී තවත් විශිෂ්ඨ විද්‍යා පුවත්පතක් කියවීමට මාහට ලැබිනි. ඒ විදුසර පුවත්පත ය. ඒ කාලයේ ලංකාවේ සිටි ඉතා දක්ෂ විද්‍යා ලේඛකයන් රැසක් විදුසර සැබවින්ම විද්‍යා සාර කලහ. එකල එහි පලවූ බොහොමයක් ලිපි නිව් සයන්ටිස්ට්, නැෂනල් ජියෝග්‍රැෆික් ආදී විදෙස් විද්‍යා සඟරාවල පලවූ ලිපිවල සිංහල පරිවර්තනයන් වූ අතර චානුක වත්තේගම, සෙත්සිරි විජේරත්න වැනි ලේඛකයන් කිහිප දෙනෙක් තමන්ගේ ම ලිපි නිර්මාණද ඉදිරිපත් කල බව මට මතකය.

විදුසර සඟරාව මට තිත්ත වන්නට පටන් ගත්තේ එයින් භාගයක්ම අ.පො.ස සාමාන්‍ය පෙල හා උසස්පෙල සඳහා අධ්‍යාපනික (පාඩම්/පුනරීක්ෂන/..) ලිපි සඳහා වෙන් කරන්නට පටන්ගත් දිනෙන් පසුවය. එයින් පසු ලංකාවේ තිබූ එකම විද්‍යා සඟරාව නිකම්ම නිකම් අධ්‍යාපනික සඟරාවක් බවට පත්විය. වර්ෂ 1993-94 කාලයේ දී විදුසර පුවත්පත මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම අත් හිටුවන්නට මම තීරණය කලේ මේ නිසාය.

vidusara

2011 අගෝස්තු 24 විදුසරෙහි පලවූ විශේෂාංග ලිපි කිහිපය


කෙසේ නමුත් පසු කාලයකදී විදුසර අන්තර්ජාලයට එක්වූ නිසා මම නැවතත් විදුසර වෙබ් අඩවිය හරහා කියවන්නට පුරුදු වූයේ එහි ඇති විද්‍යා දැනුමක් ලබන්නට නම් නොවේ. දැන් එහි පලවන ලිපි කියවන මට ලැබෙන්නේ විද්‍යා රසයක් නොව හාස්‍ය රසයකි.
මෙහි දැන් පල කරන ලිපි බොහොමයක් ඊනියා මහාචාර්ය නලින් ද සිල්වාගේ පුස් මතවාදයන් හා ප්‍රලාපයන් හෝ එයට සමගාමී නිසරු ලිපිය.

විදුසර පාඨකයන්ගේ අදහස් ද අවිද්‍යාත්මක චින්තනය නියෝජනය කරයි


පුවත්පතකට හෝ සඟරාවකට අරමුණක් තිබිය යුතුය. උදාහරණයක් ලෙස බුදුසරණ පුවත්පත බුදු දහම හා බෞද්ධ පුවත් සඳහා වෙන්වී ඇති බව කෙනෙකුට තේරුම් ගත හැක. නවලිය හෝ සිරිකත වැනි පුවත්පත් කාන්තාවන් සඳහා විශේෂීවූ ලිපි පල කරයි. නමුත් විදුසර සඳහා දැන් එවැනි අරමුණක් නැත්තා සේ ය. නැතහොත් මුලින් තිබූ අරමුණ දැන් සම්පූර්ණයෙන්ම වෙනස්වූ ගෝත්‍රවාදී කල්ලිවාදී අරමුණක් බවට පත්වී ඇත.

“වාරි පුබුදුව” වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර, කුරුණෑගල, මාතලේ සහ පුත්තලම යන දිස්‌ත්‍රික්‌කවල මහා වාරිමාර්ග 08ක්‌, මධ්‍යම පරිමාණයේ වාරිමාර්ග 12ක්‌, සුළු වාරිමාර්ග 80ක්‌ ප්‍රතිසංවර්ධනය කර වසර 2011 අවසන් වීමට පෙර ගොවි ජනතාවට භාර දීමට කටයුතු කරන බැව් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. එම නිවේදනයේ තවදුරටත් සඳහන් අන්දමට මෙසේ ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා තෝරාගත් වැව් අතරට නාච්චාදූව වැව, තිසාවැව, රාජාංගනය වැව, පානකඩවල වැව, අතරගල්ල සහ මාගල්ල යන ප්‍රධාන වැව් අයත් වෙයි.
~ නිසරු විදුසර

විද්‍යාවකට කිසිම අදාලත්වයක් නැති දේශපාලන ලිපි ඉදිරිපත් කිරීමෙන් විදුසර කතුවරයා බලාපොරොත්තු වන්නේ රටේ අනාගතය වන ලමා පරපුර මිත්‍යා දෘෂ්ඨික නූගතුන් පිරිසක් බවට පත්කිරීම නොවේද?

Advertisements

Read Full Post »

දෙදහස් පන්සිය වසරකට ඉහතදී අභීත සිංහයෙකුගේ රුධිරය මුසුවූ මවකගෙන් අප පැවත එන බව ඉතිහාසයේ ද කියවෙයි…
~ කතන්දර මාමා

කතන්දර මාමා පමණක් නොව බොහෝ සිංහලයන් සිතා සිටින්නේ සිංහල ජාතියේ මූලාරම්භය සිංහයෙකු බවයි.

මහා වංශයට අනුව විජය රජුගේ පරපුර පහත පරිදි වේ. (http://mahavamsa.org/2008/05/princess-vanga-sinhabahu/)

සිංහයා + සුප්පා දේවිය
|
v
සිංහබාහු + සිංහ සීවලී
|
v
විජය

මෙහි අසභ්‍ය කරුණු දෙකක් වෙයි. එනම්,
1. තිරිසන් සතෙකු සමග මිනිස් ගැහැණියකගේ කායික සම්බන්ධතාව
2. සහෝදර-සහෝදරියන් අතර වූ සම්බන්ධතාව

මෙවන් කාරණා ඔබ විශ්වාස කරනවා ද? එසේම මෙම කථාව පාසල් විෂය මාලාවෙන් ඉවත් කලයුතු බව මම යෝජනා කරමි.

Read Full Post »

සිම්බාබ්වේ රටේ සත්‍ය මුදල් නෝට්ටු

සිම්බාබ්වේ රටේ සත්‍ය මුදල් නෝට්ටු

මේ දිනවල නිතර ඇස ගැටෙන කළු පැහැති පෝස්ටරයක කියවෙන්නේ “රුපියල් 10,000 කින් වැටුප් වැඩිකරනු” යන නියෝගයයි (ඉල්ලීමයි). ඒ අතරම සෑම මාස දෙකකට වරක් සිදුවන ගෑස්මිල ඉහල දැමීම මෙවර සති දෙකක් පමණ කලින් (?) සිදු විය. මේ නිසා බඩුමිල වැඩිවීම ගැන යමක් ලියන්නට මට සිතුනි

බඩු මිල ගැන කථා කිරීමට තනි භාණ්ඩයක් ගැනීම සුදුසු නැත. ඒ සඳහා එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගෙන විශ්ලේශන කටයුතු කල යුතුය. ශ්‍රි ලංකා මහ බැංකුවෙන් මෙබඳු ගණනය කිරීමක් (කොළඹ පාරිභෝගික මිල දර්ශකය / CCPI) සිදු කෙරේ. මෙම CCPI දර්ශකයේ පවතින ප්‍රධාන දුර්වලතාව වන්නේ රටේ සාමාන්‍ය ජනතාවට එය නොවැටහීමයි. එමෙන්ම රජය තමන්ගේ බදු පාලන ක්‍රියාවලියට CCPI යොදාගන්නා බවක් නොපෙනේ. එවැන්නක් ගණනය කිරීමට මහ බැංකුවෙන් වැය කරන මුදල ද නාස්තියක්ය යන්න බොහෝ දෙනාගේ මතයයි.

පසුගිය දශක තුනක පමණ කාලයේ දී කිසිම අත්‍යවශ්‍ය භාණ්ඩයක මිලක් අඩු වී ඇතිබව මට මතක නැත. මේ කාලයේ දී මිල අඩු වී ඇත්තේ දුරකථන හා දුරකථන ගාස්තු පමණක් විය හැක. එම කාලවකවානුව තුල ඒක පුද්ගල ආදායමත් වැඩිවී ඇති නිසා බඩු මිල වැඩිවීම ගැන කථා කිරීමට පුද්ගල ආදායමත් සැලකීමට ගන්නට සිදුවේ.

2002, 2004 හා 2011 දී රත්‍රං භාණ්ඩ මිලදී ගැනීමට සිදුවූ නිසා ඒවායේ මිලගණන් පහත වගුවේ ඉදිරිපත් කරමි.

වසර රත්‍රං පවුමක මිල (රුපියල්) මගේ ආදායම (රුපියල්)
2002 ~ 7000 X
2004 ~ 10000 ~ 2X
2011 ~ 47000 ~ 5X + Y

x = 2002 දී මාසික වැටුප, Y = අමතර ආදායම්

ඔබ දුප්පත් හෝ පොහොසත් වීමේ සීග්‍රතාවය ඉහත වගුවේ ආදායම් තීරුවේ ඔබේ (හෝ ඔබේ පවුලේ) ආදායම සටහන් කර සොයා ගත හැක. තමන්ගේ වැටුප බඩුමිල සමග එකසේ වැඩි කර ගැනීමට නොහැකිනම් ඒ සඳහා කිසියම් අමතර ආදායම් මාර්ගයක් සකසා ගැනීම යහපත් වේ.

ඉහත පින්තූරයෙන් දැක්වෙන්නේ සිම්බාබ්වේ රටේ සත්‍ය මුදල් නෝට්ටු කිහිපයකි. එහි ඇති ඩොලර් ට්‍රිලියනයේ මුදල් නෝට්ටුවේ වටිනාකම රුපියල් සියයක් පමණ විය. මුදල් අච්චු ගැසීමෙන් රටක් බංකොලොත් විය හැකි බවට හොඳම උදාහරණය සිම්බාබ්වේ රාජ්‍යයයි.

Read Full Post »

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් අනුමැතිය දීලා
වෛද්‍ය උපාධිය මුදලට විකිණේ!
~ දිවයින


Free Education හා Freedom of Education කියා දෙකක් ඇත.

නිදහස් අධ්‍යාපනය (Free Education) යනු බදු හා වෙනත් අරමුදල් මත යැපෙන අධ්‍යාපන ක්‍රමයකි. මේ රටේ උසස්පෙල ජීව විද්‍යා විෂයෙන් හදාරන බහුතරයක් ශිෂ්‍යයින්ගේ බලාපොරොත්තුව වන්නේ මෙම රටේ බදුගෙවන ජනතාවට බරක් වී තමන්ගේ අනාගතය සරි කරගත හැකි ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුලත් වීමය.

අධ්‍යාපනයේ නිදහස (Freedom of Education) යන්න මානව අයිතිවාසිකමකි. මටත් ඔබටත් අධ්‍යාපනය ලැබීමේ සමාන අයිතියක් ඇත. වෛද්‍ය විෂය හැරුණු කොට අන් සියලුම විෂයයන් සඳහා ලාංකිකයන් මෙම අයිතිය භුක්ති විඳී.

මුදලක් ගෙවා හෝ තමන්ට උවමනා වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකිවීම ලංකාවේ ඇති කණගාටුදායක තත්වයකි.

ලංකාවේ හෝ විදේශයක වෛද්‍ය අධ්‍යාපනයක් ලැබූ පමණින් කෙනෙකුට රැකියාව ලෙස වෛද්‍ය වෘත්තිය තෝරා ගත නොහැකි විය යුතුය. ඒ සඳහා නියමිත සම්මුඛ පරීක්ෂණ, බඳවා ගැනීමේ ක්‍රමවේද ආදි දෑ තිබිය යුතුය. හේතුව අධ්‍යාපනයක් තිබුනත් වෘත්තීය කුසලතාවයන් අනුව රැකියාවන් දිය යුතු නිසාය.

පොත් කට පාඩම් කරගෙන උසස්පෙල විභාගය ගොඩදමා ගත් පමණින් හෝ ඒ අයුරින් ම උපාධියක් ලබා ගත් පමණින් කෙනෙකුට හොඳ වෘත්තිකයෙකු විය නොහැක.

Read Full Post »

යකුන් සිටිනවාද යන්න දෙවියන් සිටිනවාද යන්න හා එකිනෙක බැඳී පවතින කාරණා දෙකක් ලෙස සැලකිය හැක. දෙවියන් සමග කතා කරන කපුරාලලා මෙන්ම යකුන් සමග කතා කරන කට්ටඩියන්ද ලංකාවේ සිටී. දෙවියන්ගෙන් මෙන්ම යකුන්ගෙන් ද විවිධාකාර වැඩ ගත හැකි බවට සමහරුන් තුල විශ්වාසයක් පවතී.

පසුගිය සති කිහිපයක කාලය තුල ජනමාධ්‍ය හා කට කතා හරහා ග්‍රීස් යක්කු පිලිබඳ විවිධාකාර පුවත් පැතිර ගිය බව දක්නට ලැබේ.

මට මුලින්ම ග්‍රීස් යකෙකු ගැන අසන්නට ලැබුනේ මීට වසර පහකට පමන පෙරය. ඒ මාගේ නිවසේ ඉදිකිරීමේ කටයුත්තක් සඳහා පැමිණ සිටි කම්කරුවන් පිරිසක් අතර වූ කථාබහකිනි. අනුරාධපුර, හඟුරන්කෙත, මාතර වැනි දුර පලාත්වලින් පැමිණ සිටි ඔවුන් තම තමන්ගේ ප්‍රදේශවල ග්‍රීස් යකුන් පිලිබඳ කතා කියන විට මට තේරුම් ගිය කාරණා වූයේ ග්‍රීස්යකුන් බැල්ම දමන්නේ ගැහැණුන්ට බවත්, ලංකාවේ බොහෝ ප්‍රදේශ වල මොවුන් සිටින බවත්ය. කිසිවෙකුට අල්ලාගැනීම දුශ්කරවීමට ඔවුන් ඇඟේ ග්‍රීස් තවරා ගෙන සිටින බවටත් මතයක් ඉදිරිපත් විය.

දැනට වසර විස්සකට පමන අතීතයේ සති අග පුවත්පත් වල බොහෝ විට යක්ෂ කතා හා ප්‍රසිද්ධ කට්ටඩින්ගේ කතා පලවූ බව මට මතකය. මෑත කාලයේ කිසිවෙක් මහසෝනා, රීරි යකා වැනි යක්ෂයන් දුටු බවක් වාර්තා වී නැත. සමහරවිට පිටිසර ගම් පලාත් වලටත් විදුලි බලය ලැබීම නිසා මෙම පැරණි යකුන් පැන්ෂන් ගන්නට ඇත.

යකුන් මෙන් නොව දෙවියන් ආලෝකයට බය නැත. මහළු වියට පත් මිනිසුන් හා ගැහැනුන් මෙවන් දෙවියන් ගේ බැල්මට නිතරම හසුවේ. දෙවියන් සිටින්නත් යකුන් නොසිටින්නත් හේතුවක් නැත.

ග්‍රීස් යකා පිලිබඳ හොඳ ලිපි කිහිපයක් W3Lanka අඩවියේ පලවුනු අතර එම ලිපි බොහොමයක් මගේ අදහස් හා සමගාමී බැවින් ග්‍රීස් යකා ගැන ඊට වැඩි යමක් කථා කරන්න බලා පොරොත්තු නොවෙමි.

නාථ, විපස්සක වැනි නම් වලින් හඳුන්වන දෙවියන් සමග ගනු-දෙනු කරන උදවියට අභියෝගයක් ලෙස මෙම ග්‍රීස් යක්ස ගැටලුව භාර දිය හැකිය.

Read Full Post »

කාන්තා විමුක්ති උදා කිරීමට මහා සංඝරත්නය බාධාවක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. more …

‘කාන්තා විමුක්තිය’ යන්න ලංකාවේ ජීවත්වන පිරිමින්ටත් ගැහැණුන්ටත් තවමත් අළුත් සංකල්පයකි. වෙනත් වචන වලින් කියනවා නම් හරියට මීටර් වෙලා නැති සංකල්පයකි. ඒ බව එම ලිපියට දමා ඇති කොමෙන්ටු කියවා බලනවිට ප්‍රත්‍යක්ෂ වේ.

#3 ajith 2011-08-09 13:36
ආචාර්යතුමා කාන්තා විමුක්තිය කියා හදුන්වන්නේ කුමක්දැයි පැහැදිලි නෑ. අපි දන්න විදියටනම් කාන්තා විමුක්තිය ලබා දුන් හා ඒ වෙනුවෙන් පෙනී සිටින එකම ආගම බුද්ධාගමයි. හැබැයි වර්තමානයේ රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර් වලින් යැපෙන බොහෝ දෙනෙක් කාන්තා විමුක්තිය හා කාන්තාවන් සවිබල ගැන්වීම ගැන කතා කරනව. ඒ තකා කරන්නෙ ඩෙලර්වලට මිසක් සද්භාවයකින් නෙමෙයි කියලයි බොහෝ දෙනා කියන්නෙ. කාන්තා විමුක්තිය ගැන වැඩි දුර දැන ගන්න ඕන නම් ඔබ ඔබේ අම්මා ගැන හදාරන්න.

බුද්ධාගමේ කාන්තාවන්ට ලබා දුන් විමුක්තිය කුමක් දැයි මා නම් දන්නේ නැත. භික්ෂුණීභාවය ඉල්ලා බුදුන් පසු පස බොහෝ වතාවක් මහා ප්‍රජාපතී හා යසෝධරා ඇතුළු කණ්ඩායමක් ගිය බවත් ආනන්ද තෙරුන් ඉල්ලා සිටින තෙක් කාන්තාවන් ශාසනයට ඇතුලත් කර නොගත් බවත් මම ඉගෙන ඇත්තෙමි.

එමෙන්ම අදටත් ලංකාවේ භික්ෂුණී භාවය ලබා ගැනීමට කාන්තාවන්ට ඉඩක් නැත.එසේ නම් බුදු දහමින් ලංකාවේ කාන්තාව ලබා ඇති විමුක්තිය කුමක් ද? අඩු ගානේ තනපටක්, ජංගියක් ඇඳගෙන වැවක මුහුදක පිහිනන්ට ඉඩක් නොදෙන්නේ මෙම බෞද්ධයන් ම නොවේ ද?

කාන්තාවන් සඳහා වෙන්වූ බස් රථ දැමීමෙන් කාන්තාවන්ට ලබා දෙන්නට උත්සාහ කරන සමතැන කුමක් දැයි කිසිවෙක් නොදනී. සාමාන්‍ය බස් රථයක පිරිමින්ගෙන් ගැහැටක් නොවිඳ ඔවුන් හා සමාන අයිතිවාසිකම් ඇතිව යන්නට ඉඩ නොදෙන්නේ පන්සලක් දුටු විට වාඩිවී සිටින ආසනයෙන් යන්තම් පස්ස ඔසවා ආචාර කරන මහා බෞද්ධ උපාසකයන් මය.

Read Full Post »

ඕනෑම බබෙකුට තේරෙන තරම් ප්‍රශ්නය ඉතා සරලය. අහන්නේ අතීතයේ දී දෙවියෙක් සිටියාද නැද්ද කියා නොවේ, දැන් ඉන්නවා ද කියාය. උත්තරය ඔව් හෝ නැත යන දෙකින් එකක්.

කැරපොත්තාගේ පටන් සියලු දේ මැව්වා යයි කියන ඒබ්‍රහ්මික ආගම් වල කියවෙන දෙවියා දැන් කොහේ ද? දැනට වසර 1000 ක පමණවත් විස්තරාත්මක ව ලියැවුනු ඉතිහාසයක් ඇති අපට (මිනිසාට) දෙවියෙකු විසින් මෙම කාලය තුල කරන ලද නව නිර්මාණ කිසිවක් හමු නොවේ. එම දෙවියන් ලෝකය මවා බොහෝ කල් ගතවී ඇති නිසා මේ වන විටත් මරණයට පත්වී තිබීමට නොහැකිද? එනිසා මම කියන්නේ ඒබ්‍රහ්මික දෙවියන් කියා කෙනෙක් දැන් නැති බවය.

දකුණු ආසියානු දෙවියන්

සිත්තරා මෙබඳු සිතුවම් අඳින්න ඇත්තේ දෙවියෙක් දැකීමෙන් පසුව විය හැක

නාථ හා විපස්සක යයි නම් වලින් හඳුන්වන දෙයියන් නම් ලංකාවේ කිහිප දෙනෙක් සමග කතා කර ඇතැයි කියවේ. මෙම වර්ගයේ දෙවියන් ඇතැයි පිළිගන්නවා නම් මහසෝනා, රීරි යකා, කලු කුමාරයා ආදී මෙකී නොකී යක්ෂයන් ද සිටින බව පිලිගන්නට අපට සිදුවේ. නාථ සිටින්නත් රීරි නොසිටින්නත් හේතුවක් නැත.

නාථ වැනි දෙවියන් ගේ පැවැත්ම ගැන කථා කරනවිට අපට මගහැරිය නොහැකි තවත් මාතෘකාවක් වෙයි. බොහෝ දේව කථා වල දේවතාවියන් (ස්ත්‍රී ලිංගික දෙවියන්) ගැනද සඳහන් වීමයි. උදාහරණයක් ලෙස නන්ද කුමාරයා දිව්‍ය ලෝකයට ගොස් එහි සිටි දිව්‍ය ස්ත්‍රීන්ට වශීවූ බව කියවේ. මෙබඳු කථා වලට අනුව දෙවියන්ට ස්ත්‍රී/පුරුෂ ලිංගික අවයව පිහිටා ඇත.

මෙම නිගමනය විසංවාදයකට තුඩු දෙයි. ඒ,
1. දෙවියන් ලිංගික ප්‍රජනනය කරන ජීවී විශේෂයකි
2. දෙව් ලොව උපදින්නේ ඕපපාතිකවය.

මෙම කාරණා දෙකම සත්‍ය විය නොහැක. දෙව්ලොවේ දී ලිංගික අවයව නැතුව ඉපදීමට නන්ද කුමාරයාට උවමනා වූවා ද?

මෙබඳු එකිනෙක නොගැලපෙන බහුබූත මතවාද පරිගණකයක යතුරු පුවරුව ක්‍රියා කරවීමේ තරම් වත් උගත්කමක් ඇති පොඩි ගමරාලලා විශ්වාස කරනවා කියා මා පුදුම නොවන්නේ භෞතික විද්‍යාවෙන් කෙළ පැමිනි නලින් ද සිල්වා වැනි අයත් මේවා හිසමත තබාගෙන සිටින නිසාය.

Read Full Post »

Older Posts »