Feeds:
Posts
Comments

Archive for September, 2011

ආගම් වල දර්ශණයන් හා නූතන විද්‍යාව අතර නොගැලපෙන ඉගැන්වීම් බොහොමයක් ඇත. මෙම ලිපියෙන් මා දීමට උත්සාහ කරන පණිවිඩය වන්නේ එක්කෝ ආගම විශය නැතහොත් විද්‍යාව විශය පාසල් විශයමාලාවෙන් ඉවත් කල යුතුබවයි. උදාහරණ කිහිපයක් පහත ඉදිරිපත් කරමි.

1. මිනිසාගේ සම්භවය
ඒබ්‍රහ්මික (ක්‍රිස්තියානි/ඉස්ලාම්/…) ආගමික මතය: මෙලොව සිටි පලමු මිනිසා ආදම් ය. ඔහු දෙවියන්ගේ නිර්මාණයකි. ඔහුගේ තනියට ඒව නම්වූ ගැහැනියක් ද දෙවියන් විසින් මවන ලද අතර ඔවුන් දෙදෙනාගේ ප්‍රජනන ක්‍රියාවලිය මනුෂ්‍ය වර්ගයා ගේ ආරම්භයයි.

හින්දු/බෞද්ධ මතය: ලෝකයේ සිටි පලමු මිනිසා යන සංකල්පයක් නැත. කලින් කලට සිදුවන ලෝක විනාශයන් හා දිව්‍ය ලෝකයෙන් චුතවී මිනිසුන් ලෙස ලොව පහල වන දෙවියන් වැනි සංකල්ප උගන්වයි.

විද්‍යාවේ දැනට පිලිගත් මතය: පරිණාමවාදය නම් වේ. ඒ සඳහා පිලිගත් ක්‍රමවේද යොදා සිදුකර ඇති පරීක්ෂණ ආදිය ද පාසල් විශයමාලාවේ ඉගැන්වේ.

පරිණාමවාදය යනු කිසිසේත් බුද්ධ/ක්‍රිස්තියානි/ඉස්ලාම් දර්ශණ හා එකඟ වන මතවාදයක් නොවේ. එනම් පරිණාමවාදය සත්‍ය නම් ආගම බොරුවේ. ආගම සත්‍ය නම් පරිණාමවාදය බොරුවේ.

2. සත්ව විද්‍යාව හා ආගමික ඉගැන්වීම්
පාසල් විද්‍යා විශයේ එක් පාඩමක් වූයේ කැරපොත්තන් හෝ ගෙම්බන් ව්‍යවච්ඡේද විද්‍යාව ඉගැන්වීමය. ඊලඟ පැයේදී බුද්ධාගම විශයේ උගන්වන්නේ සතුන් මැරීම පවක් බවය.

3. ඩයිනෝසෝරයන් හා ජුරාසික සත්වයන්
අදට වසර ලක්ෂ ගණනකට පෙර පෘථිවියේ වාසයකල ඩයිනෝසෝරයන් ගේ පොසිල හමුවීම හා ඒ පිලිබඳ විද්‍යාවේ මතවාද පාසැලේ දී ඉගැන්වේ. නමුත් කල්ප ගණනක් පැරණි අතීතයක් කථා කරන බුද්ධාගම විශයයේ දී ඩයිනෝසොරයෙක් මුණගැසුණු බෝධිසත්වයෙක් ගැන සඳහනක් නැත. එසේම ඩයිනෝසෝරයන් මෙලොවින් වඳවීයාමද බුදු දහම අනුව පැහැදිලි කල නොහැක. ඩයිනෝසෝරයන් මෙන්ම මනුෂ්‍යන් ද දවසක මෙලොවින් වඳවී යා හැකි බව විද්‍යාවෙන් බැහැර නොකරන මතයකි. නමුත් බුදු දහමට අනුව මිනිසුන් මෙලොවින් වඳවී යාහැකි බවක් නොපිලිගැනේ.

දේව මැවුම් වාදය උගන්වන ආගම්වලට අනුව ලෝකය හා මිනිසා මැවීමෙන් පසු තවමත් වසර හය දහසකට (6000) වැඩි කලක් ගතවී නැත. එනිසා ඩ‍යිනෝසෝරයන් පිලිබඳ එම ආගම් වල ද කිසිවක් කියැවෙන්නේ නැත.

4. පෘථිවි අභ්‍යන්තරයේ ස්වභාවය

බොහෝ ආගම් වලට අනුව පෘථිවියේ මතුපිට පෘෂ්ඨයට යටින් අපායක් පවතී. පවු කරන්නන් (දේවදත්ත වැන්නන්) පොලොව පලාගෙන අපායට යයි.
මෑත කාලයේ අප දන්නා කිසිදු අපරාධකරුවෙක් පොලොව පලාගෙන තබා කන්දකින් පහලකටවත් වැටී මිය ගොස් නැත. ප්‍රභාකරන් වැනි මිනීමරුවන් කිසිදු අන්තරාවක් නැතිව යහතින් කාලයක් ජීවත් වුනේ පව්/පින් සංකල්ප විහිලුවක් බවට පත් කරමිනි. හමුදාව අතින් මරණයට පත්වනතුරු ඔහුට කිසිදු දෙවියෙකු දඩුවම් කිරීමට ඉදිරිපත් නොවීම දේවවාදී සංකල්ප බිඳවැටීමකි.

දැනට විද්‍යාවෙන් සොයාගෙන ඇති ආකාරයට පෘථිවි අභ්‍යන්තරයේ අපායක් නම් නැත. යමපල්ලන් ද නැත. අධික උෂ්නත්වය නිසා උණුවී ද්‍රව තත්වයෙන් පවතින මධ්‍යයකින් යුතුවේ.

5. සතුන්ට හිතන්න පුලුවන් ද?

සතුන්ට යම් යම් උත්තේජන වලට ප්‍රතිචාර දැක්විය හැකි නමුත් ඔවුන්ට මිනිසා හා සමාන ලෙස සිතන්නට පුලුවන් කියා විද්‍යාඥයන් පිලි නොගනී. ඒ සඳහා පිලිගත හැකි තරමේ සාධක නැත.
නමුත් සමහර ආගම් වලට අනුව සතුන්ට මිනිසෙකු හා සැසඳිය හැකි තරමේ සිතීමේ ශක්තියක් ඇත.

මෙහි මා ඉදිරිපත් කලේ උදාහරණ කිහිපයක් පමණකි. කරුණු එකින් එක ගෙන සලකා බලන්නේ නම් මෙවැනි පරස්පර විරෝධී තැන් බොහොමයක් සොයාගත හැක. මේවා ඉගෙනීමෙන් දරුවන් බුද්ධි හීනයන් බවට පත්වේ.

Advertisements

Read Full Post »

ලංකාදීප 18-09-2011

සහනාධාර දීම යනු චන්ද මුදලට ගන්නා ක්‍රමයකි. 1948 දී නිදහස ලැබීමෙන් පසු බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම පාහේ විවිධාකාර වූ සහනාධාර ලබාදෙන බව කියා මැතිවරණ ජයග්‍රහණ ලබා ගත්තෝ ය. ජන සවිය, සමෘද්ධි, පාන් පිටි, ඩීසල්, පොහොර, නිවාස, වාරි මාර්ග/ජල ආදී සනහාධාර ආණ්ඩු විසින් ජනතාවට ලබා දී ඇත.

මේවා දීමේ ප්‍රාථමික අරමුණ වන්නේ මැතිවරණ දිනීම වුව ද රටටත් යම් කිසි හොඳක් වේ යයි බලා පොරොත්තුවක් ද පවතී. නමුත් මේ සහනාධාර ලබා දෙන්නේ දේශපාලකයෙකු ගේ සාක්කුවකින් නොව බදු ගෙවන ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදලින් ය. බදු ගෙවන්නන් ගේ බලාපොරොත්තුව කිසිවෙකු හෝ චන්දයෙන් දිනවීම සඳහා බදු ගෙවීම නොව ඉහත කී දෙවැනි අරමුණය. ඒ නිසා සහනාධාර වලින් අපෙක්ෂිත දෙවැනි ගණයේ අරමුණු ඉතු නොවීම ඔවුන්ට සිදුවන බලවත් අසාධාරණයකි.

පොහොර සහනාධාර‍ය සඳහා කෝටි 3000ක් වියදම් කිරීම බදු මුදල් වල භාරකරුවා වන ආණ්ඩුව සිදු කර ඇති ආයෝජනයකි. මේ ආයෝජනයට ලැබී ඇති ආදායම කෝටි 1200 ක් බව සඳහන් වේ. ගොවියන්ට කෙලින්ම මුදල් දී පිටරටින් හාල් ගෙන්වූවානම් මේ තරම් පාඩුවක් නැත. මෙවන් මෝඩ තකතීරු තීරණ මින් ඉදිරියටවත් නොගැනීමට ආණ්ඩුව වග බලා ගත යුතුය.

– අසරණ බදු ගෙවන්නෙක්

Read Full Post »

ලංකාවේ කැමරාගත කල චිත්‍රපටයක්


සියගණනක් එළුවන්ගේ හා කුකුළන්ගේ බෙලි කපා කරන්නට නියමිතව තිබූ බිලි පූජාවට අත්වූ ඉරණම ගැන මගේ අදහස් මෙසේ ලියා තබමි.

එකසිය එක්වන වතාවටත් දුටුගැමුණු චරිතය ආරූඩ කරගනිමින් ගරු ඇමතිතුමා සිදු කර ඇත්තේ ඉතාමත් අගය කරන/කලයුතු කටයුත්තකි. එනම් දෙවියන්ගේ නාමයෙන් සිදුකිරීමට උත්සාහ කල සත්ව හිංසාව චණ්ඩිකමින් හෝ නතර කිරීමයි.

මෙම ක්‍රියාව දෙවැනි වන්නේ පාර්ලිමේන්තුවේ දී එතුමා කොලොන්නාවේ සිරි සුමංගල මන්ත්‍රීතුමාගේ අන්තරාසර්ග ග්‍රන්ථියක් මිරිකීමටයි.

පින්තූරයේ කථාව බොහෝ දෙනෙකුට මතක ඇතැයි සිතන නිසා ඒ ගැන සඳහනක් නොකරමි.

Read Full Post »

කළුතර ඇති තැබෑරුමක් අරභයා මුළු රටේ ම දහම්-පාසල් වසා දැමීමට පිරිසක් ඉදිරිපත් ව සිටී.
වැඩි විස්තර – දිවයින
වැඩි විස්තර – ගොසිප්9
මෙම ප්‍රවෘත්තිය කියවන විට මගේ හිතට නැගුනු ගැටළුව වූයේ දහම් පාසල් පවත්වන්නේ ඇයි ද යන්නය.

ආගම හා රාජ්‍ය පාලනය යන දෙක ආගම් ලෝකයේ බිහිවූ දා පටන් එකට බද්ධවී පැවතෙන පද්ධතියකි. රටක පාලකයාට ( රජුට ) ජනතාව පාලනය කර ගැනීමට මූලික අඩිතාලම දමන්නේ ආගමයි.

ස්වර්ගය, නිවන, දිව්‍ය ලෝකය වැනි නොයෙකුත් අරමුණු කරා කෙනෙකුට ලඟාවිය හැක්කේ ආගමට කීකරු වීමෙන් (හෝ ඉගැන්වෙන මතවාද අනුගමනය කිරීමෙන්) බව කියාදෙන ආගම් ඒවායේ මතවාද වලට විරුද්ධ වුවහොත් ඉතා නරක ඉරණමක් අත්වෙන බව උගන්වයි. සියුම්ව විග්‍රහ කර බලන කල බෞද්ධයන් පන්සිල් ගැනීම පවා රාජ්‍ය පාලනය ස්ථාවර කරන ක්‍රියාවලියකි. රටේ අපරාධ වැඩිවුවහොත් ජනතාව පාලකයන් එලවා දැමීමට පෙලඹෙනු ඇත.

හිර ගෙදර තත්වය

ඉහත දත්ත වගුව මා උපුටා ගත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙනි. 2010 වර්ෂයේදී සිරගත කෙරුණු සිරකරුවන් 100,191 දෙනාගේ ආගම් අනුව ප්‍රතිශත සලකා බලමු.

බෞද්ධ 62.5%, හින්දු 17.5%, ඉස්ලාම් 12.3%, ක්‍රිස්තියානි 7.6%

2001දී දිස්ත්‍රික්ක 18ක සිදු කල ජනසංගණන තොරතුරු අනුව රටේ ආගමිකයන්ගේ ප්‍රතිශත:
බෞද්ධ 76.7%, හින්දු 7.8%, ඉස්ලාම් 8.5%, ක්‍රිස්තියානි 6.1%.

2001න් පසු ඉපදුන පුද්ගලයින් සිරගත නොවූ බව උපකල්පනය කර මෙම සංඛ්‍යා දෙස බැලීමේදී අපට පෙනීයන කාරණයක් වන්නේ රටේ සියළුම ආගම් අදහන්නන් අතරින් 1% ක පමණ පිරිසක් විවිධ අපරාධ වලට සම්බන්ධවී ඇති බවය. කරුණු මෙසේ නම් කුමන ආගමක් ඇදහුවත් නැතත් වෙනසක් නැත. එනම් ආගම්වලට මිනිස්සු හදන්නට බැරිබවය.

Read Full Post »