Feeds:
Posts
Comments

Archive for October, 2011

ජෝතිෂ්‍යය ගැන හැඳින්වීමක්
ජෝතිෂ්‍යය අධ්‍යයනය මූලික වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. ඒ ග්‍රහ වස්තුවල චලිතය හැදෑරීම හා අනාවැකි පල කිරීම ලෙසය. ග්‍රහවස්තු වල චලිතය පිලිබඳව මුලින්ම කෙටි සඳහනක් කරමි.
ජෝතිෂ්‍යයේ මූලික පදනම වන්නේ පෘථිවි කේන්ද්‍රවාදය හෙවත් විශ්වයේ කේන්ද්‍රය පෘථිවිය බවත් සියලු ග්‍රහ තාරකාවන් එය වටා භ්‍රමණය වන බවටත් වන මතයයි. පහත රූප සටහනේ දැක්වෙන්නේ පෘථිවිය කේන්ද්‍ර කර එය වටා තාරකා රාශි 12ක් පිහිටා ඇති ආකාරයයි.

සූර්යයා, පෘථිවිය හා රාශි චක්‍රය


ඔබ නැගෙනහිර හා බටහිර ක්ෂිතිජයන් පැහැදිලිව පෙනෙන ස්ථානයක සිටිනවා යයි සිතන්න. නැගෙනහිර ක්ෂිතිජයෙන් ඔබට පෙනෙන තාරකා රාශිය දැන් උදාවන ලග්නය ලෙස හැඳින්වේ. ඉන් අංශක 30ක් ඉහල බැලූ විට දෙවන රාශියත් ඊලඟ අංශක 30දී තුන්වන රාශියත් ආදී ලෙස ගණන්කරමින් ගියවිට ඔබට බටහිර ක්ෂිතිජයේ දිස්වන්නේ සත්වන රාශියයි. එලෙසම ක්ෂිතිජයෙන් පහලට ගණන් කිරීම කරගෙන ගියවිට රාශි 12 සම්පූර්ණ කල හැක. මෙලෙස රාශිවල පිහිටීම හා හිරු, සඳු, බුධ,සිකුරු, අඟහරු, බ්‍රහස්පති හා සෙනසුරු යන ආකාශ වස්තුවල පිහිටීම ගණනය කිරීම ජෝතිෂ්‍යයේ ගණිතයයි.

හඳහන / ජන්ම පත්‍රය

කෙනෙකු උපන් මොහොතේ තාරකා රාශි හා ආකාශවස්තු වල පිහිටීම දැක්වෙන සටහන හඳහනක් ලෙස හැඳින්වේ. කිසිදු ජෝතිෂ්‍ය දැනුමක් නැතිව වුවද උපන් වෙලාව පමණක් දත් විට හඳහනේ කුමන කොටුවේ හිරු පිහිටයිද යන්න කෙනෙකුට කිව හැකිය.

හඳහනක්

ජෝතිෂ්‍යයෙන් අනාවැකි කීම
හින්දු හා වෛදික යුගයේ පැවති සමහර ආගම් මගින් ඉගැන්වූ සංකල්පයක් වූයේ කෙනෙකුට දෛවයක් (ඉරණමක්) ඇති බවයි. මේ දෛවය යනු පෙර ආත්මයකදී සිදු කරන ලද කර්මයක් නිසා ලැබෙන බවට ඔවුහු ඉගැන්වූහ. රජුන් සැප විඳීමටත් දුප්පතුන්/වහලුන් දුක් විඳීමටත් හේතුව මෙම දෛවය ලෙස අර්ථ දැක්වීමෙන් රජවුරුන්ටත් බමුණන්ටත් පූජකයින්ටත් රිසිසේ දුප්පතුන් පෙලීමේ අවස්ථාව උදා විය.

දෛවය පිලිබඳ මතය මුල් බැසගත් සමාජයේ එක්තරා යුගයකදී ස්වභාවිකව ඇතිවන යම් යම් රටා හා නිමිති මගින් මිනිසාගේ දෛවය පිලිබඳ අනාවැකි පැවසිය බවට මතයක් පහල වුනි. (උදාහරණ ලෙස අල්ලේ රේඛා, ශරීර ලක්ෂණ, තාරකා රටා, කුරුල්ලන් කෑගැසීම, බල්ලන් බිරීම, හූනන් චුක් චුක් ගෑම අනුව දෛවය පැවසීම.)

ජෝතිෂ්‍යයෙන් අනාවැකි කියන්නේ
1. ග්‍රහයන් හොඳ හා නරක අය ලෙස හැඳින්වීම ( බ්‍රහස්පති හොඳය, සෙනසුරු නරකය ආදී වශයෙන්)
2. රාශි දොලහට ගමන් කරන ග්‍රහයන්ගේ බලපෑම
3. ග්‍රහයන් අතර අන්තර් සම්බන්ධතා
.. ආදී වශයෙන් (විවිධ එකිනෙකට නොගැලපෙන) මූලධර්ම යොදාගෙනය.

චන්ද්‍රයාගේ චලිතය මත මනුෂ්‍යයන්ගේ විවාහය සිදුවන බව පැවසීම අදටත් සිදුවේ


ඉහත පින්තූරයේ දක්වා ඇත්තේ විවාහ ප්‍රමාද වීමට චන්ද්‍රයා බලපාන බවට ජෝතිෂ්‍යයෙන් ඉදිරිපත් කරන මතයකි. එසේම විවාහය ඉක්මන් කිරීමට හේතුවන ග්‍රහ යෝගද පවතී. මෙසේ විවාහ ප්‍රමාද කරන යෝග ඇති අය ඉක්මණින් විවාහවූ අවස්ථාවක් පෙන්වූවිට ජෝතිෂ්‍යකාරයන් හීන්සීරුවේ ලිස්සා යන්නේ උපන් වෙලාවල් වැරදී ඇතැයි කියාය.

Advertisements

Read Full Post »

මේ අද දිවයින පුවත්පතේ පලවූ ලිපියකින් උපුටා ගත් කොටසකි. මුල් ලිපිය බැලීමට පින්තූරය මත කොටන්න.

… නෙදර්ලන්තයේ කොටි පාසලක තිබී හමුවූ චිත්‍රයකින් කොටි අත්බෝම්බ සහිතව සිටින අයුරු දිස්‌වේ.

කවුද මේ?

Read Full Post »

බුදු හිමියන් අනුදැන වදාළ නිදහස් චින්තනය හා විමර්ශනය පිළිගෙන සිටි අනුබුදු මිහිඳු මාහිමියන් පොසොන් පුර පසළොස්වක් පොහෝදිනක අනුරපුර මිස්සක පව්වේදී දේවානම්පියතිස්ස නරනිඳුන් මුල්වරට මුණගැසුණි.ඒ අවස්ථාවෙහි ඒ නරනිදුන්ට බුදුදහම දේශනා කළේ ද බුදුදහම අවබෝධ කර ගැනීමට තරම් හේතු සම්පත් හා ප්‍රඥා සම්පත් ඇත්දැයි සරල හා ප්‍රායෝගික බුද්ධි පරීක්‍ෂණයකින් මනාකොට විමසා බැලීමෙන් පසුවය.
http://www.lakehouse.lk/budusarana/2008/06/18/tmp.asp?ID=vision04

මිහිඳු හිමි – මේ ගස කුමක්ද? රජතුමනි
රජතුමා – අඹ ගසකි හිමියනි
මිහිඳු හිමි – මේ හැර තවත් අඹ ගස් තිබේද? රජතුමනි
රජතුමා – එසේය ස්වාමිනි බොහෝ ඇත
මිහිඳුහිමි – ඒ බොහෝ අඹ ගස් හැර තවත් ගස් තිබේද? රජතුමනි
රජතුමා – අඹගස් වලට වඩා වෙනත් ගස් ඇත හිමියනි
මිහිඳු හිමි – ඒ බොහෝ අඹ ගසුත් වෙනත් ගසුත් හැර තවත් ගස් තිබේද? රජතුමනි
රජතුමා – ඇයි ස්වාමිනි මේ අඹ ගස
මිහිඳු හිමි – රජතුමාට නෑයෝ සිටිත්ද?
රජතුමා – බොහෝ අය සිටිති හිමියනි
මිහිඳු හිමි – නො දෑයෝ?
රජතුමා – නෑයන්ට වඩා නො නෑයෝ සිටිති හිමි යනි
මිහිඳු හිමි – නෑයෝත් නොනෑයොත් හැර මේ රටේ තවත් අය සිටීද රජ තුමනි
රජතුමා – ඇයි හිමියනි මේ මම

රජතුමා දුන් පිළිතුරු වලින් සතුටට පත් මිහිඳු හිමියෝ රජතුමා ගේ ප්‍රඥාවන්ත බව පසක් කර ගෙන රජතුමා ඇතුළු පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළ සේක. එම දහම් ශ්‍රවණය කිරීමෙන් බුදුදහම කෙබඳු ආගමක දැයි මනා වැටහීමක් ලබාගත් රජතුමා ඇතුළු පිරිස තෙරුවන් සරණ ගිය උපාසකයෝ වූහ.

http://www.lakehouse.lk/budusarana/2010/06/25/tmp.asp?ID=fea09

දේවානම්පියතිස්ස රජුගෙන් අසා ඇතැයි කියවෙන මෙම ප්‍රශ්න ඉතා සරලය. දෙවන වසරේ ඉගෙනුම ලබන පාසල් දරුවෙකුටත් නිවැරදිව පිලිතුරු දිය හැකිවනු ඇත. අද කාලයේ ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ විභාගයේදී (විභාගයේ නම මතක නැත) මීට වඩා බොහෝ සංකීර්ණවූ බුද්ධි පරීක්ෂණ ගැටළු ඉදිරිපත් කෙරේ.

මෙවන් බාල බුද්ධි පරීක්ෂණයකට මුහුණ දීමට තිස්ස රජුට සිදුවුනේ ඇයි?
ඒ කාලයේත් රජවරු ඇඟපත මහත්වූ නමුත් බුද්ධි හීනවූ අයවලුන් නිසා විය හැකිය.

රජුට මෙම ගැටළුවට නිවැරදි පිලිතුරක් දිය නොහැකි උනානම් මිහිඳු හාමුදුරුවන් කුමක් කරන්නට සිතුවාද? “අනේ රජතුමා මෝඩයෙක් නෙ, මම යනවා ආපහු ඉන්දියාවට” කියා සිතාගෙන මෙම ගැටළු ඉදිරිපත් කලා වෙන්නට බැරිය.

එසේ නම් ‘අඹ ප්‍රශ්නය’ ඇසුවේ රජතුමාව රැවටීම උදෙසා විය යුතුය. පාලකයන්ව මෙලෙස මුරුංගා අත්තේ නැංවීමේ අදටත් හොඳින් සිදු කෙරේ. මර්වින් සිල්වා වැනි මුග්ධයන්ට ආචාර්ය උපාධි ලැබෙන්නේ එවන් පසුබිමකය.

Read Full Post »

බලපුළුවන්කාරයන්ට වන්දනාමාන කිරීම අපේ රට වැසියන්ට අලුත් දෙයක් නොවේ. ඔවුන් ගේ හීනමාන චින්තනය අනුව පුද්ගල වන්දනාව කුඩාකල සිට පුරුදු පුහුණු කල යුතු ගුණාංගයකි.

බලපුළුවන්කාරයන් යනු:

  • වලව්වෙ හාමු – හාමු තරහ උනොත් එදාට බඩගින්නේ ය.
  • දෙමාපියන්/ භාරකරුවන් – තරහ ගියොත් ගුටිය. බඩගින්නේ ඉන්නත් සිදුවිය හැක.
  • ගුරුවරුන් – අමනාප උනොත් විභාගය කොට උඩය. පාසල එපා කරවිය හැක.. ඕනිම නම් දිවි නසා ගන්නා තත්වයටත් පත් කල හැක.
  • ගමේ චන්ඩින් – ඔරොප්පු උනොත් ගමේ ඉඳලා ඉවරය.
  • පන්සලේ හාමුදුරුවන් – වරද්දා ගත්තොත් පාංසුකූලෙට වත් එන්නේ නැත.
  • අධ්‍යාපන ඇමතිලා – නොවැන්දොත් අනාගතයම අඳුරු කල හැකි ජගතෙකි.

ඉතින් පුංචි එකෝ උඹට මොළේ තියෙනවා, හිතන්නත් පුළුවන් ඉතින් උඩුගං බලා පිහිනන්න.

Read Full Post »