Feeds:
Posts
Comments

Archive for February, 2012

සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට බල කිරීමට ධවල මන්දිරයට යොමුකල පෙත්සමට මා පෙරදී කී පරිදිම එලොවටත් නැති මෙලොවටත් නැති ප්‍රතිචාරයක් දක්වා ඇත. ප්‍රතිචාරයේ ඇති ඇල්මැරුණු ස්වභාවය හැරුණු කොට ශ්‍රීලංකාවේ රාජ්‍ය පාලනය පිලිබඳ මනා අවබෝධයක් ඔවුන් සතු බව නම් පැහැදිලි වේ.

Protection of Human Rights and Transparent, Democratic Processes in Sri Lanka

By Michael H. Posner, Assistant Secretary for the Bureau of Democracy, Human Rights, and Labor at the Department of State

The United States has been following the case of General Sarath Fonseka closely since he was first detained in February 2010, shortly after the presidential election. Fonseka was convicted in November 2011 on incitement of violence charges, arising out of allegations he purportedly made to the press in 2009 that Defense Secretary Rajapaksa had ordered surrendering cadres of the Liberation Tigers of Tamil Eelam (LTTE) be shot. Fonseka had been the main opposition presidential candidate prior to his detention.

More broadly, we are closely following issues that affect the protection of human rights and transparent, democratic processes in Sri Lanka. We strongly encourage the strengthening of checks and balances in Sri Lanka, consistent with the principles of a constitutional democracy.

At the request of Congress, the Department of State prepares annual country reports on human rights practices. In the U.S. Department of State’s 2010 report on Sri Lanka, Sarath Fonseka is described as a political prisoner. Despite important outstanding questions about the manner in which the war against the LTTE was prosecuted by forces under the direction of General Fonseka and his political superiors, we share your concerns about the judicial processes used to try and convict him and the wider implications his prosecution has on freedom of expression and the rule of law in Sri Lanka.

We continue to urge the Government of Sri Lanka to respect the universal right of all its citizens to express themselves freely, and without fear of retribution. We also call on the Government of Sri Lanka to promote the principles of good governance, transparency, justice, democracy, and independent state institutions.

Read Full Post »


මුන්නේස්වරම් කෝවිලේ කාලි අම්මාගේ ප්‍රතිමාවේ බෙල්ලේ තිබූ මිලියනයක් වටිනා රන් මාලයත්, පඬුරු මුදල් පෙට්ටි දෙකකුත් හොරකම් කර ඇතැයි වාර්තාවේ. මෙම පුවත දුටු විට මට මතක් වුනේ සිසිර කුමාර මාණික්කආරච්චිගේ “සාගරයක් මැද අමන රටක් ඇත” පොතේ සඳහන්ව තිබූ කතරගම දේවාලයේ සිදුවුනා යයි කියූ සොරකමයි.

දෙවියන් කියා කෙනෙක් නැතිබව කපුරාළ හොඳින්ම දන්නා බව පෙනීයන්නේ හොරා අල්ලා ගැනීමට පොලීසියේ සහය පැතූ නිසාය.

තමන්ගේ බඩු රැකගන්නට බැරි දෙවියා නරයන්ට කෙසේ පිහිටවන්න ද?

http://dailymirror.lk/news/16955-necklace-on-statue-and-money-from-tills-stolen.html

Read Full Post »

තෙල්, විදුලි, ප්‍රවාහන ආදී වියදම් ඉහල දමා ඇත්තේ මහින්ද රාජපක්ෂ නොවේ යයි පෙන්වීමට (දිවයින පුවත්පතේ) අඳින ලද කාටූන් චිත්‍රයක් මෙහි දැක්වේ. තෙල්මිල ඉහල දැමීමට අනුමැතිය ලබාදී මහින්ද විදේශ ගතවුනි. ඕනෑවට වඩා විරෝධතා කටයුතු උග්‍රවේ නම් වෙඩි තැබීමටත්, හදිසි කලබලකාරී තත්වයන් මැඩලීමට හමුදාවත් සීරුවෙන් තබා ඇතුවා දැයි මට සිතේ!

පෙර සිටි පාලකයන්ට මෙන්ම මොහුටත් තමාගේ බලය සදාකාලික යයිද, ජනතාව යනු තමන්ට දාසකම් කලයුතු වහලුන් යයි ද සිතෙන බව ක්‍රියාවලින් පෙනෙන්නට තිබේ.

කෙසේ නමුත් නියම පිරිමියෙක් නම් නිලධාරීන්ට තෙල් හා බඩු මිල වැඩි කරන්නට උපදෙස් දී රටෙන් පලා ගොස් තත්වය යහපත් වනවිට ලංකාවට පැමිණෙන්නේ නැති බව බව මගේ අදහසයි.

Read Full Post »

පුද්ගලික බස් වර්ජනය නිසා අනතුරුදායක ලෙස එල්ලී තම රැකියාවට හෝ වෙනත් කටයුතු සඳහා යන මගීන්

ඩීසල් විකුණන මිල ගැනුම් මිලට වඩා යන්තමින් වැඩි වී ඇති මේ අවස්ථාව රටේ සෑහෙන කලබැගෑනියක් ඇතිකර තිබේ. නමුත් ප්‍රමාද වී හෝ ඩීසල් මිල සඳහා පැවති විශමතාවය නැති කර ගැනීමට හැකි වීම යහපත් දෙයක් ලෙස මම දකිමි.

තෙල් මිලෙහි පැවති විශමතාවය ගැන මේ ලිපිය කියවන්න.

Read Full Post »

මෙම උතුම් යශෝදරා දිනය සමරා දෙවන වරටත් මෙම අධ්‍යාත්මික ආශිර්වාදාත්මක වැඩසටහන තංගල්ලේ දී පෙබරවාරි 14 වැනි දින පැවැත්වීමට නියමිතය. ඊට මෙවරත් වියතුන් කලාකරුවන් රැසක්‌ සමගින් උතුම් යශෝදරාවන්ගේ කල්ප ලක්‍ෂ හතරේ සංසාරික ආදරය හා ආධ්‍යාත්මික ආදරයකට තම ජීවිතය ළං කර ගන්නේ කෙසේද යන්නත් තම ජීවිතයට උතුම් යශෝදරාවන්ගේ ශක්‌තිය ලබා ගන්නේ කෙසේද යන්න ගැන ඉදිරිපත් වේ. තවත් උතුම් යශෝදරාවන් වෙනුවෙන් විවිධාංග රැසක්‌ද එදිනට තංගල්ලේ දී සමාජයට තිළිණ කිරීමට නියමිතය.

ඔබ ජීවිතය තුළ විවාහය තුළ හා ප්‍රේමය තුළ අසරණ නම් ඔබ සුයහපත් පතියෙක්‌ පතිනියක්‌ සොයයි නම් ඔබ කළ යුත්තේ උතුම් යශෝදරාවන් වෙනුවෙන් තම හදවත මොහොතක්‌ කැප කරන්න. ඒ උත්තම පතිනියගේ ගුණස්‌කන්දය මෙනෙහි කරන්න. උදෑසනම බුදු පහන දල්වා අපේ යශෝදරාවන් වෙනුවෙන් පහන් ආලෝකයක්‌ දල්වා උතුම් ගුණ කද භාවනාවකට ලක්‌ කරමින් මොහොතක්‌ නිහඬවන්න. ඔබට ඒකාන්තයේ උතුම් යශෝදරාවන්ගේ ශක්‌තිය එම උත්තමාවියගේ ආදරණීය පාරමිතා බලය විශ්වයේ සිට ලැබෙනු ඇත. එය ඒකාන්ත සත්‍යයකි.

ඉදිරියේදී අප උතුම් යශෝදරාවන් වෙනුවෙන් විහාරයක්‌ ඉදි කිරීමටත් සහ තවත් වැඩසටහන් පෙළක්‌ සමාජයට දායාද කර උතුම් යශෝදරාවන්ට හා උත්තම ශක්‌තියට පූජා කිරීමටද නියමිතය.

~හීනටිගල ඉන්ද්‍රවංශ
http://www.divaina.com/2012/02/07/feature05.html

පෙබරවාරි 14 දින ආදරවන්තයින්ගේ දිනය ලෙස සමරන බව කවුරුත් දන්නා දෙයකි. එම දිනයේ දී පෙම් යුවලක් එකතුවී මල් හා හාදු හුවමාරුව, චිත්‍රපටයක් නැරඹීම, ලිබර්ටි ප්ලාසාහි පැවැත්වෙන හොඳම පෙම්යුවල තේරීමේ තරඟයකට සහභාගී වීම වැනි විනෝදකාමී ක්‍රියා වලට සහභාගී වේ. ඊට අමතරව ආදරයක් සැමරීමේ සම්මත ස්වභාවික ජීවවිද්‍යාත්මක ක්‍රියාවලද නිරතවේ.

එම දිනය වැලන්ටයින් දිනය ලෙස නම් කර ඇත්තේ බටහිර ක්‍රිස්තියානි ආගමිකයන් බවත් ඒ නිසා එම දිනය සැමරීම වෙනස් ක්‍රමයකට කලයුතු බවත් ලංකාවේ සිංහලබෞද්ධ අන්තවාදීන් පිරිසක් කියා සිටියි. මොවුන්ට අනුව වැලන්ටයින් වෙනුවට එම දිනය යශෝදරා දිනය ලෙස නම් කල යුතුය. රතු රෝස මලක් තම පෙම්වතියට දීම වෙනුවට මීට වසර දෙදහස් හයසිය ගණනකට පෙර සිටියා යයි කියන යශෝදරා නම් කාන්තාව වෙනුවෙන් පහනක් පත්තු කර ඇගේ ගුණ කඳ සිහිකිරීම කල යුතු යයි මෙම අන්තවාදී ආගමික පූජකයන් ලාංකිකයන්ට උගන්වයි.

අද සමහරුන් විවාහ උත්සව පවත්වන්නේ පන්සලක දාන ශාලාවේය. නැතහොත් උත්සව ශාලාව හෝ හෝටලය වෙත හාමුදුරුවරුන් රැගෙන විත් බනක්/පිරිතක් කියවා විවාහය සිදු කරයි. විවාහයෙන් පසු සිදුකරන පලමු සංසර්ගය සිදුවන අවස්ථාවේදී පූජකයන් ආගමික වතාවත් සිදුකල යුතුයයි කෙනෙකු කීවොත් එයද ට්‍රෙන්ඩ් එකක් වනු ඇත.

ඕනෑම දෙයකට ආගමික වතාවත් හෝ ක්‍රම විධි රිංගවීම අද කාලයේ විලාසිතාවක් ලෙස කලත් එවන් දේවල් කලයුතු යයි ජනතාවගේ මනස තුලට ඇතුළු කිරීම ආගමිකවාදීන්ගේ කුමන්ත්‍රණයක් බව මම යෝජනා කරමි. එසේ කිරීමෙන් තමන්ගේ බඩවියත රැක ගැනීමට ප්‍රමාණවත් අනුගාමිකයන් සංඛ්‍යාවක් බිහිකර ගැනීම මොවුන්ගේ අරමුණයි.

Read Full Post »