Feeds:
Posts
Comments

Archive for May, 2012

පසුගිය සති කිහිපයේදී ලංකාවේ භූ විද්‍යාත්මක වශයෙන් වැදගත් සිදුවීම් කිහිපයක් සිදුවුනි. සමහර ප්‍රදේශවල සුලු භූ කම්පන තත්වයන් ඇතිවූ අතර තවත් ප්‍රදේශවල පොලොවෙන් දුම් පිටවීම් හා ගින්දර පිටවීම් ද වාර්තාවී තිබිනි. මේවා සමහරවිට කිසිදු අනතුරක් නැති නොසැලකියයුතු සිද්ධි වියහැකි නමුත් භූ විද්‍යාඥයන් මේ පිලිබඳ නිසි අධ්‍යයනයක් සිදුකල යුතුවන්නේ ය. ඒ අප නොදැනුවත්වම සමහර විට ගිනි කන්දක් මතුවීමේ දුරස්ථ සම්භාවිතාවයක් ද පවතින නිසාය.

නමුත් අවාසනාවකට මෙන් අපට සිටින භූ-විද්‍යාඥයින් විහිළුකාරයන් පිරිසකි. මෙයට හේතුව අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ වරදක් ය. ඒ ගැන මතු ලිපියකින් කතා කරන්නට අදහස් කරමි.

එක් බූ විද්‍යා මහාචාර්යතුමෙක් බූමි කම්පා අනාවැකි කීමට හඳහන් බලද්දී තවත් එකෙක් අරුම පුදුම ප්‍රකාශයක් නිකුත් කර ඇත.

දිවයින 2012/05/31

භූමි කම්පාවක් ඇතිවිමට පෙර දැනගත හැකි ක්‍රමවේදයක් දියුණු රටවලද නැති බව පවසන ආචාර්ය විජයානන්ද තුමා මහා පරිමාණ භූමි කම්පාවක් ඇතිවීමේ අවදානමක් ලංකාවට නැති බව ටක්කෙටම හොයාගෙන ඇති ක්‍රමය කුමක් විය හැකිද?

Advertisements

Read Full Post »

මීට පෙර මගේ ලිපියෙන් පින් පව් ගැන පාඨකයාට ඇති අවබෝධය පරීක්ෂා කිරීමට මත විමසුමක් ඉදිරිපත් කලෙමි. එහිදී කුහුඹුවෙක් මැරීමත් කඩියෙකු මැරීමත් යන සිද්ධි දෙක සංසන්දනය කිරීමේදී බොහෝදෙනාගේ මතය උනේ එම සිද්ධි දෙකම එක සමාන පව් සිදුවන ක්‍රියා බවය. ඒ අතර කොමෙන්ටුවක් දැමූ රාජ් ඉදිරිපත් කල මතය (ජයශ්‍රීත් එකඟවූ)වූයේ කුහුඹුවා මැරීමේ පාපය කඩියා මැරීමට වඩා අඩු විය හැකි බවය.

ධර්මධර පුද්ගලයෙකුගෙන් මේගැන විමසීමක් කල මට ලැබුනේ අවුල් සහගත පිලිතුරක්. ඒ කුහුඹුවා මැරීමට යෙදිය යුතු ශක්තියට වඩා ශක්තියක් කඩියා මැරීමට යෙදිය යුතු බවත් එනිසා කඩියා මැරීමේ පව සාපේක්ෂව විශාල බවත්ය. ශක්තිය යනුවෙන් එතුමා අදහස් කලේ ලෝභ,ද්වේශ, මෝහ යන දේවල් බව පසුවකල විමසීමේදී ප්‍රකාශ විය. තවදුරටත් මා විමසා සිටියේ කොටියෙකු හා ගවයෙකු මැරීම එලෙස සසඳන ලෙසයි. කෙසේ නමුත් මගේ සාකච්ඡාව එහනින් නතර කිරීමට සිදුවුනේය.

මිනිත්තුවක කාලය හා සීගිරි ගලේ බර සැසඳිය නොහැකි නමුත් ගලක බරත් ඇන්කර් පැකැට්ටුවක බරත් සැසඳිය හැකි බවත් එයට හේතුවත් ඔබ දන්නවා යයි මම සිතමි. නමුත් පින් හා පව් සම්බන්ධයෙන් විශාලත්ව සැසඳීමක් කල හැකි බව අපට ධර්මයෙන් උගන්වයි. පොඩි පව් හා ලොකු පව් යන සංකල්පයක් ඔබේ සිතෙහි තිබිය හැක. උදාහරණයක් ලෙස ගවයෙකුට අභයදානය දීමෙන් ලැබෙන පින කුකුළෙකුට අභයදානය දීමට වඩා විශාල යයි සිතන නිසා බෞද්ධයින් ගවයින් පමණක් මරණයෙන් ගලවයි.

පරිණාමයෙන් උසස් සත්වයින් මැරීමේ පාපය වඩා විශාලවේ යයි ටැබූ සබ්ජෙක්ට්ස් කතන්දරගේ ලිපියකට කියා තිබුනු අතර ඒ සම්බන්ධයෙන් එකඟ වීමට හෝ විරුද්ධ වීමට තරම් පැහැදිලි අවබෝධයක් තමාට නැතිබව පෙර කී ධර්මධර පුද්ගලයා පැවසීය. එසේම මැරූ එළුවාගේ ඇඟේ මයිල් ගණනට සමාන වාරයක් හිස් ගැසුම් ලැබූ බව කියවෙන කවිය හුදෙක් සාහිත්‍ය රසයක් ලබනු පිණිස මිස ධර්මානුකූල ප්‍රකාශයක් නොවන බවත් ඔහුගේ අදහස විය.

Read Full Post »

1 අවස්ථාව
පරිගණක තිරය දෙසට නෙත් යොමාගෙන කල්පනාවක ගිලී සිටියෙමි. කළු කුහුඹුවෙක් කලබලෙන් තිරය හරහා ගමන් කරයි. වැඩියමක් නොසිතාම දබර ඇඟිල්ල කුහුඹුවා වෙත ඉලක්කකර සීරුවෙන් තද කලෙමි. පරිගණකයේ තිරයට හානියක් නොවනලෙස කුහුඹුවා මරා දැමුවෙමි. ඇඟිල්ල පිසදා ගැනීමට යමක් ඇත්දැයි වටපිට බලනවිට මේසය හරහා දිවයන කඩියෙක් මාගේ අවධානයට ලක්වේ. ඌටත් කුහුඹුවාට අත්වූ ඉරණමම අත්කර දුනිමි. මේ ක්‍රියාවන් දෙක බෞද්ධ සංකල්ප අනුව අකුසල කර්මයන්ය.

2 අවස්ථාව
මගේ බිරිඳ මදුරුවෙක් මරන්නට මානනවා දුටු මා ඇයව එම ක්‍රියාවෙන් වැලැක්වූවෙමි. මදුරුවාට අභය දානය ලැබිනි. මාගේ මිත්‍රයෙකු දුරකථනයෙන් මා අමතා විමසා සිටියේ ගවයෙකුට අභය දානය දීමක් ඔවුන් සංවිධානය කරන බවත් මටත් එයට සහභාගී විය හැකි බවත්ය. මමත් මුදල් ආධාරයක් දුන්නෙමි. ගවයාට අභය දානය ලැබුනි.

Read Full Post »


මම මීට පෙර මෙම මාතෘකාව යටතේ ලිපි දෙකක් ඉදිරිපත් කලෙමි.

  1. ජෝතිෂ්‍යය ඇත්තක්ද? (පලමු කොටස)
  2. ජෝතිෂ්‍යය ඇත්ත ද? (දෙවන කොටස)

මෙම ලිපි වලින් ජෝතිෂ්‍යය හරිද වැරදිද යන්න සම්බන්ධයෙන් මාගේ පෞද්ගලික මතයක් ඉදිරිපත් කිරීමකට වඩා පාඨක ඔබට සිතන්නට යමක් දීම මාගේ අභිප්‍රායවේ.

පහතින් මා උපුටා දක්වන්නේ දැනට කලකට පෙර ප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදීන් දෙදෙනෙක් පුවත්පත්වලට ඉදිරිපත් කරන ලද අනාවැකි අඩංගු ලිපි දෙකකි. මෙම ලිපි දෙකෙහි විශේෂත්වය වන්නේ අද වනවිට ඒවායේ සත්‍ය\අසත්‍යතාවය අපහටම විමසා දැකගත හැකි වීමයි.

ප්‍රබලතම ග්‍රහ සංයෝගය මැද ජනපති දෙවැනි පදවි ප්‍රාප්තිය සිදුවෙනවා

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා දෙවැනි ධුර කාලය ආරම්භ කරන්නේ විශ්වයේ ඉතා කලාතුරකින් යෙදෙන අති ප්‍රබල ග්‍රහ සංයෝගයක් මැදයි. ඡ්‍යොතිෂය පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් ඇති පුද්ගලයකුට වුනත් මේ ග්‍රහචාරය දුටු සැණින් එහි ප්‍රබලත්වය දැනෙනවා. ලංකා කේන්ද්‍රයේ 10 වැන්න වන ප්‍රධාන කේන්ද්‍රස්ථානයේ අඟහරු ග්‍රහයාගේ පිහිටීම අනුව රුචක නම් පංච මහා පුරුෂ යෝගය උදා වෙනවා.

ඒ තමා ග්‍රහලොව අති ප්‍රබලම යෝගය. මීට සමාන හෝ මීට වඩා ප්‍රබල වෙන කිසිම ග්‍රහ යෝගයක් නෑ. ඊටත් අමතරව ග්‍රහලොව සුබදායක ග්‍රහයා වන ගුරු හෙවත් බ්‍රහස්පති ලංකා ඡන්ම පත්‍රයේ කුම්භ ලග්නයේ දිග් බලයෙන් පිහිටනවා. මේක ලක්‍ෂයක් දෝෂ භංග කරන ග්‍රහ යෙදුමක්. ඒ වගේම ලංකා කේන්ද්‍රයේ පෙර පින් බලය ගැන කියැවෙන 9 වැන්න වන තුලා රාශියේ එම රාශිය අධිපති සිකුරු මූලත්‍රිකෝණ හා ස්වක්‍ෂේත්‍ර බලයෙන් පිහිටනවා. මේකත් කලාතුරකින් පිහිටන ග්‍රහයෝගයක්. ජනරජ කේන්ද්‍රයේ සිංහ ලග්නයේ රුචක යෝගය උදා ;වනවා.

සිංහ රාශියේ හතරවැන්න වෘශ්චික රාශියේ බලවත් වෙනවා. තුන්වැන්න වන වික්‍රමස්ථානයේ සිකුරු බලවත් වීමත් සුවිශේෂයි. එය මූලත්‍රිකෝණ හා ස්වක්‍ෂේත්‍ර බලයක්. මේ රටේ හා ජනතාවගේ සිතුම් පැතුම් ඉටු වෙනවා. නොවැම්බර් 19 දා ට පෙර එනම් 18 දා හම්බන්තොට අන්තර්ජාතික වරායට පළමු පෙළේ නැව පැමිණීමට නියමිතයි. මේ සුබග්‍රහ තත්ත්වය මැද ඒ කටයුත්ත සිදුවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ හම්බන්තොට වරාය අන්තර්ජාතික වරාය අතර සුවිශේෂි තත්ත්වයකට පත්වන බවයි.

මේ ග්‍රහචාරය අනුව පවතින රජය ඉතා ශක්තිමත්ව හා ඉතා ප්‍රබලව තව බොහෝ කාලයක් පවතිනවා. එය දශක කිහිපයක් හැටියට කාලය ගණනය කරන්න පුළුවන්. පළමුවන විජයබාහු රජතුමා රුහුණෙන් බිහිවෙලා ක්‍රි: ව: 1065 සිට 1120 දක්වා ලක්දිව මහා නරපතියෙක් හැටියට රාජ්‍ය පාලනය කළා. රට එක්සේසත් කළ හයවැනි රජු හැටියට විජයබාහු රජු ඉතිහාසගත වෙනවා. මහින්ද රාජපක්‍ෂ යුගයත් එවැනිම කීර්තිමත් ශ්‍රී විභූතිමත් කාල පරිච්ඡේදයක් හැටියට ඉතිහාසගත වීම ඒකාන්තයි.

2012. 08. 04

2012 අගෝස්තු මස 04 දාට පෙර මේ රටේ ආර්ථිකයේ ස්වර්ණමය ලක්‍ෂණ විද්‍යමාන වෙනවා. ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන හැටියට 2009 සිට 2010 දක්වා කාලයේදී දින 168 කින් ශ්‍රී ලංකාව ලෝක ආර්ථිකයේ පියවර නවයකින් ඉදිරියට ආවා. අද ශ්‍රී ලංකාව පසුවන්නේ මහා චීනයට එක් පියවරක් පමණක් පසුපසින්. ඉන්දියාව පසුවන්නේ පියවර 29 ක් පිටුපසින්. ශ්‍රී ලංකාවේ සමෘද්ධිය කෙතරම්ද යන බව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා දෙවැනිවර දිවුරුම් දීමටත් පෙර පෙන්නුම් කළා.

මම මේ අනාවැකි මීට කාලයකට පෙර ‘සිළුමිණ’ පුවත්පත මඟින් ප්‍රකාශ කළා. අද ඒ ගැන ගෞරවනීය සතුටක් භුක්ති විඳිනවා. රාජ්‍ය නායකයාගේ තේජස හා පෙර පින්බලය නිසා රටට වාසනාවන්ත රාජ්‍ය පාලනයක් ලැබීමත් රටවැසියාට යහපත් හා උසස් ජීවන මට්ටමක් හිමිවීමත් අනිවාර්යයි. අද විශ්ව විද්‍යාලවල සුළු කලබලයක් දකින්න ලැබුණත් ඔබ සිහි තබා ගන්න 2011 අප්‍රේල් මාසය වෙද්දී ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් ලෝකයේ ඉතා ප්‍රබල තැනකට පත්වෙනවා. ඒ තමා ප්‍රඥාවට අධිපති ගුරු ග්‍රහයාගේ බලය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පෙර පින් බලය, කීර්තිය හා මහා ග්‍රහබලය පිළිබඳව මා පුන පුනා කතා කර තියෙනවා.

බලන්න එතුමා අද ලෝක නායකයන් අතර එක පෙළට සිට ගන්නා ලෝකය පිළිගත් අනුහස් නායකයෙක් බවට පත් වෙමින් සිටිනවා. මාලදිවයින, නේපාලය වැනි රටවල අභ්‍යන්තර දේශපාලන ගැටුම් නිරාකරණය කිරීමට පවා අද ඇරියුම් ලැබෙන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාටයි. ඒ අන්තර්ජාතික ප්‍රතිරූපය තවදුරටත් පුළුල් වන බව ඉදිරි කාල පරිච්ඡේදයේදී ලෝකයටම දැක බලා ගන්න ලැබෙයි. විශේෂයෙන්ම මහින්ද චින්තන වැඩ පිළිවෙළ සහ ජනාධිපතිතුමාගේ රාජ්‍ය පාලන ක්‍රමෝපායන් අනෙකුත් රටවල් විසින් ආදර්ශයට ගත්තා.

ලංකාව ලෝකයට ආදර්ශයක්

අධ්‍යයනය කරන තත්ත්වයකට පත් වෙනවා. තව විදිහකට කීවොත් ලෝකය පිළිබඳ ශ්‍රී ලංකා දැක්ම ජගත් කීර්තියට පත්වීමත් ඒකාන්තයි. ගැටුම්, අභියෝග, බාධක නැතිව ලොව කිසිවක් පවතින්නේ නෑ. ශ්‍රී ලංකා රජයට එරෙහිවත් යම් යම් බාධක, අභියෝග අන්තර්ජාතිකව මතු වෙනවා. නමුත් ජනාධිපතිතුමාගේ සහ ශ්‍රී ලංකා ජන්ම පත්‍රයේ දකින්නට ලැබෙන හොඳම හොඳ අති ප්‍රදල ග්‍රහචාරය නිසා ඒ සියලු බාධා අභියෝග හිරු දුටු පිණි බිඳු වගේ වාෂ්ප වෙනවා. නොසිතූ රටවල්, නොසිතූ විදේශ බලවේග පවා ශ්‍රී ලංකාවේ ආධාරයට එනවා.

අන්තර්ජාතික දේශපාලනය ලෝකායන ඡ්‍යොතිෂයෙත් දකින්න පුළුවන්. ශ්‍රී ලංකාව අමතක කරලා, කොන් කරලා ගමනක් යන්න බැරි බව තේරුම් ගන්නා විදේශ බලවේග ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයෙන් පවතින්නට උත්සාහ දරන හැටිත් එයින් රටට ලැබෙන කීර්තිය හා සමෘද්ධිය ඉදිරි කාල පරිච්ඡේදයේදී දකින්න ලැබෙයි. ජනාධිපතිතුමා දෙවැනි ධුර කාලය ආරම්භ කරන මොහොතේ පවතින ග්‍රහචාරය අනුව විදේශ සබඳතා ගැන පවසන 9 වැන්න ඉතා බලවත් තත්ත්වයක පවතිනවා. මෙයට හේතු වන්නේ සිකුරු ග්‍රහයාගේ බලයයි. සිකුරු බලවත්වීම නිසා රාජ්‍ය නායකයාගේ හා රටේ කීර්තිය වේගයෙන් වැඩෙනවා. ඒ ග්‍රහචාරය අනුව සංචාරක ව්‍යාපාරයේත් පෙර නොවූ විරූ වර්ධනයක් ඇති වෙනවා. එය අඛණ්ඩව පවතින බවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. කෙටියෙන්ම කීවොත් ඉදිරි කාල පරිච්ඡේදය ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අතින් විශාල පරිවර්තනයක් සිදු වෙනවා.

භූමිය සම්බන්ධයෙන් බල පවත්වන්නේ කුජ ග්‍රහයායි. ඒ කුජ බලවත්. එයින් කියැවෙන්නේ කෘෂිකර්මය හා භූමි සම්පත් අතින් ද ශ්‍රී ලංකාව වාසනාවන්ත බවයි. ජනාධිපතිතුමාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැළ ලක්‍ෂ 11 ක් රෝපණය කරන්නේත් සුබ මොහොතක. ඇත්තෙන්ම ශ්‍රී ලංකාව කෘෂිකාර්මික විප්ලවයකට මුල පුරනවා. භවබෝග සම්පත වගේම තෙල් හා මැණික් වගේ භූමි සම්පත්වලින් රට හා රටවැසියා පොහොසත් කෙරෙන ග්‍රහ බලයක් දකින්න ලැබෙනවා.

ගොවියාට වගේම මැණික් කර්මාන්තයේ යෙදෙන අයටත් මේ එන්නේ හොඳම හොඳ කාලයක්. 1970 දශකයේ මැද භාගයේදී මේ රටේ බොහෝ ප්‍රදේශවල මැණික් ඉල්ලම් මතු වුණා. එවැනි සිදුවීම් ඊටත් වඩා සුලබව ඉදිරියේදී දකින්න ලැබෙයි. කුජ ග්‍රහයාගේ බලයත් එයින් ඇති කරන භවබෝග සම්පත්වල සරුසාර බව අඛණ්ඩව පවතිනවා. ආහාර අතින් ශ්‍රී ලංකාවට ස්වයංපෝෂිත තත්ත්වයක් ඇති කර ගන්න හොඳටම ඉඩකඩ තියෙනවා. පාරිභෝගික ජනතාවට ලැබෙන සුබ පණිවිඩය තමා ආහාර හා කෘෂි ද්‍රව්‍යවල මිල පහත වැටෙනවා. නමුත් ඒ නිසා ගොවි ජනතාවට අගතියක් වෙන්නෙත් නෑ.

අනුහස් නායකයා

මේ අනුහස් ඇති රාජ්‍ය නායකයාට මහා අනුහස් ඇති ග්‍රහචාරයක් මැද රටේ හා ජනතාවගේ වාසනාව පුදුමාකාර විදිහට වැඩි කරන්න උත්පත්ති බලයක් තියෙනවා. අප පුන පුනා කියන මේ මහා ග්‍රහ බලය විශ්වයේ ඉතා කලාතුරකින් පිහිටන ග්‍රහ සංයෝගයක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ 2005 වසරේ තිබුණු ග්‍රහ බලයට වඩා අද දස ගුණයකින් එතුමාගේ පෙර පින් බලය හා ප්‍රබල ග්‍රහචාරයේ අනුහස විද්‍යාමාන වෙනවා. 2005 දී සුළු වැඩි ඡන්ද ගණනකින් ජයගත් එතුමා දෙවැනි අවස්ථාවේ වැඩි ඡන්ද ලක්ෂ 18ක් ලබා ගත්තා.

මේ බව මම මීට කලින් කීවා. ග්‍රහ බලය ක්‍රියාකරන්නේ එහෙමයි. ඉදිරියට දසරාජ ධර්මයෙන් රට පාලනය කරන කාලපරිච්ඡේදයක් දකින්න ලැබෙයි. ඒ නිසාම ස්භාවික විපත් දකින්න ලැබෙන්නේ අඩුවෙන්. මහා ව්‍යසන තවත් දකින්න වෙන්නේ නෑ. රාජ්‍ය නායකයාගේ පෙර පින් හා අනුහස මුළු රටටම හා රටවැසියන් හැමදෙනාටම බලපානවා. අතීත ඉතිහාසයේත් මේ වගේ සිදුවීම් දකින්න ලැබුණා. ජනාධිපතිතුමා දෙවැනි වර දිවුරුම් දෙන මොහොතේ ග්‍රහ ලොව සුබදායකම ග්‍රහයා වන ගුරු ලංකා ජන්ම පත්‍රයේ කුම්භ රාශියේ දිග් බලයෙන් තේජස ප්‍රඥාව විදහා පානවා. ගුරු දැහැමියි. ඒ වගේම ප්‍රඥාවන්තයි. මේ නිසා ප්‍රඥාවෙන් හා ධාර්මිකභාවයෙන් යුතු ජාතියක් ගොඩනැඟෙනවා.

රුචක යෝගය

ආගමික, ශාස්ත්‍රීය, පර්යේෂණ ආධ්‍යාත්මික ගුණවගාව, අතින් ශ්‍රීී ලංකාව ලෝකයටම ආදර්ශයක් වෙනවා. නීතියට වඩා යුක්තිය ගරු කරන, පාපයට බයවෙන පිනට ලැදිවෙන අදහස් පැතිරෙනවා. රාජ්‍ය නායකයාගේ පින්බර හා ප්‍රඥාවන්ත කල්පනාවත් මුළු රටේම ආධ්‍යාත්මික හා සංස්කෘතික ප්‍රබෝධයකට මුල පුරනවා. දුරාචාරය පිළිකුල් කරන සදාචාරය අගය කරන චින්තනයක් ශ්‍රී ලංකාවෙන් ආරම්භ වෙලා එය දේශ දේශාන්තරවල පවා පැතිරෙනවා. එය සිදුවන්නේ ගුරු ග්‍රහයාගේ බලවත්වීම නිසයි.

කලින් කී විදියට ග්‍රහ ලොව අති ප්‍රබලම ග්‍රහයෝගය වන රුචක යෝගය ජනාධිපතිතුමා දෙවැනි වර දිවුරුම් දෙන මොහොතේ උදාවෙනවා. භූ®මි ලාබ, ධන ලාබ, කීර්තිය, ප්‍රශංසාව අතින් විතරක් නෙවෙයි තාක්ෂණික හා භෞතික දියුණුව අතින් අනාගත ශ්‍රී ලංකාව ගැන හිතා ගන්නවත් බෑ. මේ රාජ්‍ය නායකයාගේ් කාලයේදී උපදින දරුවන් පවා වාසනාවන්තයි. මොකද ඔවුන් උපන්දා සිට ගතකරන්නේ නිදහස, සමෘද්ධිය හා නවීන තාක්ෂණික පහසුකම් ඇති ලෝකයකයි.

අනාගත ශ්‍රී ලංකාවේ හැඩරුව සමාන වෙන්නේ ලෝකයේ දියුණුම මහා නගර ඇති රාජ්‍යයන්ටයි. ඒ ගමන වේගයෙන් පටන් ගන්නවා වගේම ඒ ගමන නතර කරන්න, අඩාල කරන්න මොනම බලවේගයකටවත් බැරි බවත් කියන්න ඕන. ශ්‍රී ලංකාව ලෝක සිතියමේ කුඩාවට පෙනුණත් මේක ලෝකයට අමතක කරන්න බැරි ප්‍රබල රටක් බවට පත්වීම ඒකාන්තයි. ලෝකයේ ජීවත්වීමට ඇති හොඳම රටවල් අතර ශ්‍රී ලංකාවත් මුල්තැනට එනවා. ඒ වගේම ආයෝජනයට හොඳම රට බවටත් ශ්‍රීී ලංකාව පත්වෙනවා. මේකට හේතුව තමා රුචක යෝගය හා ජනාධිපතිතුමා ගේ ප්‍රඥාවන්තභාවය. මොනම රටක් වුණත් දියුණුවෙන් දියුණුවට පත්වෙද්දී පවා එය නොරුස්සන සුළු පිරිස් ඉන්නවා. බුදු සමයේදීත් – කිතු සමයේදීත් මේ බව දකින්න පුළුවන්.

ලෝකය මවිත කරවයි

ඒ වගේම මේ රටේත් ඉතා සුළු පිරිසක් රටේ ප්‍රගතියට එරෙහිව කටයුතු කළත් ඒ කිසිවක් සාර්ථක වෙන්නේ නෑ. රාෂ්ට්‍ර පාලනය අතින් ගත්තොත් පක්ෂ දේශපාලනය ක්‍රමයෙන් යල් පැන ගිය එකක් බවට පත්වෙන බව කියන්න පුළුවන්. ජාති, කුල, ආගම් හා පක්ෂ භේද ඉදිරියට පවතින්නේ නෑ. ජනතාව පක්ෂ දේශපාලනයෙන් ඈත් වෙන ලකුණු ඉදිරියේදී දකින්න ලැබෙයි. මේ නිසා විපක්ෂයට ඒ තරම් දෙයක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.

ලංකා ජන්ම පත්‍රය අනුව ඉදිරියට දකින්න ලැබෙන්නේ වැඩ කරන – මුදල් උපයන නිදහස භුක්ති විඳින ජාතියක් මිස පක්ෂ දේශපාලනය කරේ තියාගෙන යන සටන් පාඨ කියන පිරිසක් නෙවෙයි. අනාගත පරම්පරාව ඉතා වේගයෙන් දේවල් වටහා ගන්නවා වගේම ඔවුන් ඉතා සාමකාමී හා ආචාරශීලී ජීවිත ගෙවන අය බවට පත්වෙනවා. සටන් පාඨ වෙනුවට ශාස්ත්‍රය සොයා යන පිරිසක් සෑම ක්‍ෂේත්‍රයකින්ම දකින්න ලැබෙයි. එහි ප්‍රතිඵලයක් හැටියට ලෝකය මවිත කරවන නව නිපැයුම් හා විද්‍යාත්මක හා ශාස්ත්‍රීය සිද්ධාන්ත ශ්‍රී ලාංකිකයන් අතින් ලෝකයටම ලැබෙනවා.

මා වෘත්තීය ඡ්‍යොතිෂවේදියකු හැටියට දකින්නේ ජනාධිපතිතුමා දෙවැනි වර ධූර කාලය ආරම්භ කරන්නේ හා ඉන්පසුව එළඹෙන කාලපරිච්ඡේදයේදී ග්‍රහ ලොව ඉතා කලාතුරකින් උදාවෙන ප්‍රබලතම රුචක යෝගයෙන් නිසා ශ්‍රී ලංකාව සෑම සියලු ක්‍ෂේත්‍රයකින්ම සුබ සිද්ධිය උදාකර ගන්නා බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උත්පත්ති ග්‍රහ බලයත් අර ප්‍රබල වාසනාවන්ත ග්‍රහචාරය සමඟ එකතුවුණාම ඇතිවන්නේ හිතාගත නොහැකි තරම් මහා විශ්ව බලයක්. කෙටියෙන්ම කිව්වොත් මේ තමා ශ්‍රී ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගය, වසර 500න් 500ට ලක් ඉතිහාසයේ සුවිශේෂී පරිවර්තන සිදු කෙරුණා.

1505 දී පෘතුගීසීන් රට ආක්‍රමණය කළාට පසුව 2005 දක්වා වසර 500ම අප පරාධීන ජාතියක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වෙන්නේ හරියටම ඒ පරාධීන කාලපරිච්ඡේදය අවසන් කරමින් 2005 සිට ඉදිරි වසර 500 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන, නිවහල් සමෘද්ධිමත් යුගයකට උරුමකම් කියනවා. ඉතිහාසයෙන් හා දෛවයෙන් උරුම වුණු පින්බර අනුහස් තේජවත් රාජ්‍ය නායකයා දෙවැනි වරට ධූර කාලයේ වැඩ ආරම්භ කරන්නේ සමස්ත ලංකාවට විතරක් නෙවෙයි ලෝකයේ අනෙක් රටවලටත් සුබම සුබ පණිවුඩයක් දෙමින්.

මේ කාලයේ උපදින දරුවන් පවා මහා වාසනා ගුණයෙන් අනූනයි. මා අවසන් වශයෙන් කියන්නේ පහසුවෙන් හුස්ම ගන්න. බලාපොරොත්තු ඇතිකර ගන්න. ඔබ සිතූ පැතූ සහනය වගේම ඔබ කිසිදා නොසිතූ – නොපැතූ මහා විස්කම් මේ පොළොවේ දෑසින්ම දැකගන්න ලැබෙයි.

සිළුමිණ 2010/11/14

සෙනසුරු මාරුව – ඔබට සහ රටට

කෑගල්ලේ – සුනිල් කුමාර ගම්ලත්

සුවිශේෂී ග්‍රහ මාරුවක්‌ ලබන නොවැම්බර් මස 15 දා සිදුවන්නේය. සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා එසේ මාරුවන්නේ වසර දෙකහමාරක්‌ පමණ ගමන් කළ කන්‍යා රාශියෙන් තුලා රාශියටය. තුලා රාශිය සෙනසුරුගේ බලය උපරිම ලෙස ඇතිකරවන උච්ච රාශියයි. මෙම ග්‍රහ මාරුව සිදුවන්නේ වසර තිහකට වරක්‌ වන බැවින් සුවිශේෂී වෙයි.

වැඩ කරන ජනතාව හෙවත් පීඩිත පංතිය නියෝජනය කරන ශනි උච්චවීම සේවකයා රජවීමක්‌ හා සමානය.

අප රට පිළිබඳ සලකා බලන විට කුම්භ ලග්නයට අධිපති ශනි උච්චවීම ශුභපලදායක බව පෙනේ. මේ අනුව කාලයක්‌ තිස්‌සේ ජනතාව පීඩාවට පත් කළ බොහෝ ගැටලු වලට විසඳුම් ලැබෙනු ඇත. කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවට ශුභ කාලයක්‌ උදාවේ. එමෙන්ම ගොවි කම්කරුවන් ඇතුළු වැඩ කරන ජනතාව රටේ දියුණුව පතා සාමකාමීව ශ්‍රමය වැය කරනු ඇත. ශ්‍රමිකයන් උදෙසා සහනදායක වැඩපිළිවෙළක්‌ දියත් වෙයි. කම්කරු රක්‍ෂණ ක්‍රම මෙන්ම සෞඛ්‍යාරක්‍ෂණය කෙරෙහි නව නීති පැනවෙනු ඇත. එමෙන්ම නූතන තාක්‍ෂණය කෘෂිකර්මාන්තයේ සංවර්ධනයට යොදාගන්නා අලුත් ක්‍රම ඇතිවේ. එමෙන්ම සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම කෙම් ක්‍රම නැකත් ආදිය කෙරෙහිද යොමුවනු ඇත. එමගින් ගොවිතැන දියුණුවී සශ්‍රීක වනු ඇත.

Divaina 2011/11/06

Read Full Post »

ඇට මැස්සාගේ බ්ලොගය අක්‍රිය වී දිනක් පමණ ගතවී ඇත. ඇත්තටම මොකද උනේ?

Read Full Post »