Feeds:
Posts
Comments

Archive for June, 2012

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් රට අපකීර්තියට පත් කරමින් පවත්වාගෙන ගිය මෙම වෙබ් අඩවි දෙක අධිකරණ නියෝගයකට අනුව තහනම් කොට කාර්යාලය සීල් තැබූ බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් හුළුගල්ල මහතා පැවැසීය.
~ Divaina News

විවේචනය නොකලයුතු දෑ

රජතුමා, රජුගේ ආගම හා රජුගේ නීතිය යන ත්‍රිත්වයට එකෙනෙකාගෙන් තොරවූ පැවැත්මක් නැත. එමෙන්ම මිනිසුන්ගේ භක්තියෙන් තොරව පැවැත්මක් ද නැත. විවේචනය නිසා භක්තිය නැතිවේ. ඒනිසා මේ ත්‍රිත්වය විවේචනය දඬුවම් ලැබෙන වරදක් වේ.

Advertisements

Read Full Post »

1948 පෙබරවාරි 4 දා නිදහස් උනාය කියන ලංකාව ඉන්පසු ලෝකයේ අනික් රටවලට සාපෙක්ෂව දියුණු නොවුනේ ඇයිද යන ගැටලුවට මගේ හිතට නැගුනු අදහස් කිහිපයක් සඳහන් කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමි. ඔබ ලංකාව දැනටමත් ලෝකයේ අනෙක් රටවලට සාපෙක්ෂව දියුණු යයි හෝ වෙන මොනවා නැතත් (හරි හැටි අර්ථදැක්වීමක්වත් නොමැති) ආධ්‍යාත්මික දියුණුවක් ඇති රටකැයි සිතන කෙනෙක් නම් මෙම ලිපිය කියවීම ඔබේ කාලය නාස්ති කිරීමක් වියහැකිය.

දියුණුව යන්නෙන් මා අදහස් කරන්නේ
1) පෙර සිටියාට වඩා අඩු ශ්‍රමයකින් වැඩි වැඩප්‍රමාණයක් කරගැනීම,
2) පෙරට වඩා ආයුකාලය දික්වීම
3) පෙරට වඩා අඩු කාලයක් රැකියාවේ යෙදී වැඩි කාලයක් (උපයාගත් මුදලින්/දේපල වලින්) ජීවිතය විඳීමට ඕමාර් ඛයියාම් කියූ පරිදි ගත කිරීම
4) වෙනත් රටවල් වල වෙසෙන මිනිසුන් භුක්ති විඳින සියලු ආකාරයේ සැප පහසුකම් සමානව හෝ වැඩියෙන් විඳීමට ලැබීම

වැනි සරල, එහෙත් ඇඟට දැනෙන දේවල් ය. වෙනත් රටවල් සමග ඉහත කරුණු සංසන්දනය කල විට ලංකාවේ ජීවත්වන අපි සිටින්නේ ඉතාම පහල මට්ටමක බව තෙරුම් ගත හැක.


ලංකාව දියුණු නැතැයි කියන්නේ මා පමණක් නොවේ. 1948න් පසු ලංකාවේ බලයට පත්වුණු දේශපාලකයින් සියලු දෙනා දුන් පොරොන්දු අතර තිබුනු පොදු පොරොන්දුවක් වුනේ ලංකාව දියුණු කරනවා යන්නය. එමෙන්ම චන්දය ඉල්ලා ප්‍රචාරක රැස්වීම් පවත්වන විපක්ෂ දේශපාලකයින් බලයේ සිටි අයට එල්ලකල පොදු චෝදනාවක් වුනේත් ලංකාව දියුණු නොකල බවයි.

ගැටළුව එහෙම උනේ ඇයි ද? කියාය.

ලංකාව දියුණු නොවුනේ ඊලාම් යුද්ධය නිසා ද? මෙය දේශපාලකයන් බලයේ සිටින විට තමන්ට ජනතාවගෙන් එල්ලවන පීඩනයෙන් ගැලවීමට ඉදිරිපත් කරන ප්‍රකට මුසාවාදයකි. ඊලාම් යුද්ධය පටන් ගත්තේ අසූව දශකයේ මුල් භාගයේදීය. අසූව දශකය ආරම්භ වනවිට ලංකාව දියුණු තත්වයේ නොසිටි නිසා ඊලාම් යුද්ධය හේතුවක් ලෙස පිලිගත නොහැක.

සුද්දන් ලංකාවේ සාරය උරාගෙන, හපය අතහැර දමාගියා කියන එකද හේතුව? මෙයත් පෙර සඳහන් කල කාරණය වැනිම මහජනතාව මුලා කිරීමට දේශපාලකයින් විසින් ගෙතූ කෙප්පයකි. මෙම මතය ඉදිරිපත් කරන්නන් කියන පරිදි ලංකාවේ රන්, රිදී, මුතු, මැණික් තිබුනාලු, ඒවා සුද්දන් ගෙන ගිය නිසා අපි දුප්පත් වී නොදියුනු තත්වයකට පත් උනාලු. සුද්දන් එන්නට පෙර අපි දියුණුවී සිටි බවට කිසිදු සාධකයක් නැත. දැන් මෙම ලිපිය කියවන පාඨකයාට අනුරාධපුරයේ ඇති ලෝවාමහාපායේ ගල්කණු මතක් වන්නේ නම් එය දියුණු සමාජයක් තිබුනාට සාක්ෂියක් ලෙස සැලකිය නොහැකි බව සිහි තබාගත යුතුය.

1948දී සුද්දන් ලංකාව කල්ලන්ට භාරදෙනවිට ලංකාවේ තත්වය සුද්දන් අල්ලාගන්නා විට තිබුනාට වඩා තරමක් සතුටු දායක තත්වයක් තිබුනු බව මගේ අදහසකි. එසේ වන්නේ සුද්දා ආපිට භාරදුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවූ රටක් නිසාය. ගඩාෆිගෙන් නැතහොත් සදාම් හුසෙන්ගෙන් ගැලවුනු ඒ රටවැසියන් වගේම අපිත් ඉන්දියානු සම්භවයක් ඇති රජ පරපුරකින් නිදහසක් ලැබුවේ සුද්දන් නිසාය.

නමුත් නොදියුණුකම නිදහස ලැබුනු විට වෙනස් කර ගැනීමට ලංකාවේ පාලකයන්ට නොහැකි වන්නේ හේතු කිහිපයක් නිසාවෙනි.

මතු සම්බන්ධයි!

Read Full Post »


මහත් වෙහෙසක් දරා ජ්‍යාමිතික සූත්‍රයක් භාවිතා කර මෙව්වා එකයි එව්වා එකයි ඒකාබද්ධ කරලා කොම්බයින් කරලා තවත් අටෝරාසියක් අඩව් අල්ලලා නිකුත් කරපු අපොස උසස් පෙල ඉසෙඩ් ස්කොර් ප්‍රතිඵලය අවලංගු කරන්නට අධිකරණය තීන්දුවක් දීලාය. සමහරු මේ තීන්දුව ජනතා ජයග්‍රහණයක් යයි ද කියති. අධිකරණයේ ස්වාධිපත්‍යය තහවුරු වුනු මොහොතක් යයි ද කියති. ඇත්තටම පැරණි/නව විශය නිර්දේශ අනුව වෙන වෙනම ඉසෙඩ් ස්කොර් ගණනය කලාම ප්‍රශ්නය ඉවරද? and they lived happily ever after වෙයි ද?

ඉසෙඩ් ස්කොර් ක්‍රමයට පෙර පැවති ක්‍රමයේ දීත් විශය නිර්දේශ දෙකක් යටතේ විභාග පැවැත්වුනු අතර ඒ අවස්ථා වලදී මෙවන් ගැටළුවක් ඇති නොවුනේ මන්ද යන්නත් සොයා බැලිය යුතු කාරණයකි. විශය නිර්දේශ දෙකක් යටතේ දෙවිධියකට විභාගය පැවැත්වීම නැමති වරද නිවැරදි කරන්නට දැන් සංවේදී නායකයාටත් බැරිය. නමුත් ප්‍රතිඵල දෙවිදියකට නිකුත් කර එකම විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුලත් කරගන්නට යන ක්‍රමය කුමක් දැයි අපි බලා සිටිමු.

එස්. බී තුමා හිරෙන් නිදහස්වී පැමිණි දා සිට දත කන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කාබාසිනියා කර දැමීමටය. නමුත් මෙම නඩු තීන්දුව නියමාකාරයෙන් අදාල ගැටළුව විසඳා නැති නිසා එස්.බී ගේ අධ්‍යාපනය විනාස කිරීමේ වැඩපිලිවෙලට තවත් උඩගෙඩි දීමක් බව මගේ හැඟීමයි.

Read Full Post »

ගාලු බොදු පවුර සංවිධානය මගින් සංවිධානය කළ බුදු බල සේනා සමුළුව ඊයේ (24 වැනිදා) පස්‌වරුවේ වඳුරඹ නගරයේදී පැවැත්විණි. මෙම සමුළුවට භික්‍ෂූන් වහන්සේ පනහක්‌ පමණ සහ දෙදහසකට අධික පිරිසක්‌ පැමිණ සිටියහ. මෙම සමුළුවට ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතාද පැමිණ සිටියේය.

බුද්ධාගමට එරෙහිව කටයුතු කරන බලවේග පිළිබඳ මෙම සමුළුවේදී කථා බහට ලක්‌ විය. එම සමුළුවෙන් පසු මෙම පිරිස බුද්ධාගමට එරෙහිව කටයුතු කරන සිරිවර්ධන නමැති පුද්ගලයා සිටින නිවහන වැටලීම සඳහා ගියහ. ඒ අවට දැඩි පොලිස්‌ ආරක්‍ෂාව යොදා තිබූ අතර මෙම පුද්ගලයාගේ ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණි පිරිසක්‌ද ඔහුගේ නිවහන තුළ රැඳී සිටියහ.
~දිවයින 6/25/2012

මේ පුවත කියවන විට මගේ මතකයට නැගුනේ මුලින්ම මට ආගමක් නැතැයි ප්‍රසිද්ධියේ කියා සිටි කාලයයි.
“මොකද රැඩිකල් පන්සිල් ගන්නෙ නැත්තෙ!!!” පන්ති භාර ගුරුවරිය සැරෙන් ඇසුවාය.
“මට ආගමක් නැහැ” මම පිලිතුරු දුන්නෙමි.
“එහෙම වෙන්නෙ කොහොමද” කියා පටන් ගෙන පැය භාගයක් පමණ මට බැන වැදුනු එතුමිය එතනින් අත් හැරියේ නැත. වැඩේ සෑහෙන දුර ගියේය.

ලංකාවේ බෞද්ධ සමාජය බුද්ධ ධර්මය තේරුම්ගෙන නැතැයි මට සිතෙන්නේ වෙනත් ආගමිකයන් හා නිරාගමිකයන් කෙරෙහි ඔවුන්ගේ ඇති පහත් ආකල්ප නිසාය. අහිංසාවාදය ක්ෂණයකින් ත්‍රස්ත්‍රවාදයට පෙරලෙන්නේ එවන් ආශ්චර්යමත් පසුබිමකය.

Read Full Post »

“ලංකාවේ සිටින්නෙකුට” කල හැකි පහසුම රැකියාව කුමක් ද? මෙතෙක් කල් මා සිතා සිටියේ ගොවිතැන හෝ මුහුදේ මාළු ඇල්ලීම හෝ සිකියුරිටි වැනි රැකියා වලින් එකක් එම තැන ගන්නා බවය. හේතුව එම රැකියාවන්ට අවශ්‍ය වන දැනුම ඉතා අවම මට්ටමක පවතින නිසාය.

පසුගිය දිනක පුවත්පතක පලවූ කාලගුණ අනාවැකියක් කියවමින් සිටි මා හට එක්වරම තේරුම් ගියේ ලංකාවේ පහසුම රැකියාව කාලගුණ විද්‍යාඥයෙක් වීම බවයි. එම රැකියාව කිරීමට කෙනෙකුට මෙලෝ දැනුමක් අවශ්‍ය නොවේ. තැනින් තැන වැසි ස්වල්පයක් ඇතිවනවා හෝ ඇතැම් අවස්ථා වලදී සුලං තදින් හමනු ඇතැයි කීම තේරුමක් නැති වචන හරඹයක් මිස හරි හමන් අනාවැකි කීමක් ද?

Read Full Post »

හොරෙකුගේ ගෙදරට වෙනත් හොරෙක් පැන සඟවා තිබුනු හොරබඩුවක් හොරකම් කරගෙන ගොස් ඇත්නම් වින්දිත හොරාට කුමක් කල හැකිද? ඔහුට පොලිසියේ පැමිණිල්ලක් දැමිය හැකිද?

අදහස පහල උනේ මෙම පුවත දැකීමෙන් ය. කොමෙන්ටුත් සමග පුවත කියවන්න.

Read Full Post »


මන්ත්‍රී හාමුදුරුවන් වහන්සේලාගේ ආගමනයට අවුරුදු ගණනාවක් ගතවී ඇති මොහොතක හිටි ගමන් නින්දෙන් ඇහැරුන සිංහලයින් පිරිසක් අරඹා ඇති බුද්ධ සාසනය ආරස්සා කිරීමේ ව්‍යායාමය ගැනයි මෙම සටහන.

සංඝයාට දේශපාලය අකැප යයි කියන පාර්ශවය මතුකරන කාරණා,

1. මන්ත්‍රී හාමුදුරුවන් ලෞකික ලාභ, ප්‍රයෝජන, සැප ආදියට ලොල් වීම නිසා බුද්ධ ශාසනයට හානි සිදුවීම
මා දකිනා ආකාරයට මෙය අලුත් දෙයක් නොවේ. මන්තර ගුරුකම්, වෙදකම්, සෙත්කවි/වස්කවි කීම/නිරිමාණය කිරීම, පාසල් වල ගුරු වෘත්තියේ යෙදීම, විශ්ව විද්‍යාලවල විද්‍යා විශයන් හැදෑරීම, හඳහන්/නැකැත් බැලීම ආදී නොයෙකුත් නොගැලපෙන ක්‍රියාවල යෙදීම බොහෝ භික්ෂූන් කරන දේවල්ය.

2. ගිහියන් සමග මැතිවරණයට තරඟ කිරීම නිසා තත්වය බාල්දුවීම

මෙයත් කලින් කී කාරණයට සමානය. ගිහියන් සමග බස් රථයක එකට ගමන් කිරීම බාල්දුවීමක් ලෙස මොවුන් නොසිතයි.

3. ගිහි-මන්ත්‍රීලාගෙන් බැනුම් ඇසීම, ගුටිකෑම, වෘෂණ මිරිකා ගැනීම බුද්ධ ශාසනයට හානියකි
අටලෝ දහමෙන් කම්පා නොවීම, සුනාපරත්තයට ගිය පුණ්ණ තෙරුන් වැනි කථාත් මෙවැනි දේවල් වලට භික්ෂූන් මුහුණ දිය යුතු බවට ධර්මයෙන්ම ලැබෙන උදාහරණයන්ය. වෘෂණයෙන් නම් ප්‍රයෝජනයක් ගන්නේ නැති නිසා ඕනි නම් කපලා අයින් කලත් මොකෝ?

4. බෙන්ස් කාර් බලපත්‍රය විකිණීම
නිකම් පන්සල්වලට වෙලා සිටින භික්ෂූන්ද පන්සල් වත්තේ ඇති පොල් විකිණීමෙන් අදායමක් ලබති. තවත් සමහරක් පන්සලේ අලියා හයර් එකට විකුණයි.

5. අවුරුදු හත අටක් මන්ත්‍රීකමේ හිටියත් ප්‍රධාන ඡන්ද පොරොන්දු එකක්වත් ඉටු කිරීමට නොහැකි වීම

කවුද ඡන්ද පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටුකලේ?

6. තමන්ට විරුද්ධ පක්ෂයක අයගෙන් දන් පිලි නොගැනීම හෝ පාංසුකූලයට නොයෑම වැනි දේශපාලන පලි ගැනීම් සිදුවීමට ඇති ඉඩ
මෙය තනිකරම කොරහේ කිඹුල්ලු දැකීමකි. බුද්ධ ශාසනය රැක ගන්නෙමුයි ප්‍රතිඥා දී එන මන්ත්‍රී හාමුදුරුවන් එසේ කරයි ද?

කරුණු මෙසේ නම් හෙළ උරුමය පාර්ලිමේන්තුවෙන් එළවා දැමීමට යූ එන් පී මන්ත්‍රී විජයදාස මැතිතුමාට අදහසක් පහළ උනේ ඇයි? ඒ මහතාටත් මෙම යෝජනාවට සහාය දක්වන අන් අයටත් හෙළ උරුමය පාර්ලිමේන්තුවේ අවුරුදු හතක් පමණ මළකඩ කන තුරු මේ අදහස නිකමටවත් පහල උනේ නැත්තේ ඇයි?

සමහර විට හෙළඋරුම හාමුදුරුවන්ටම වැඩේ ඇතිවෙලා ගොඩයන්න විජයදාස රාජපක්ෂව කඩේ යවනවා වෙන්නත් පුලුවනි.

අවසානයට කිව යුත්තේ අපට පාර්ලිමන්ට් ජෝක්ස් සපයන හෙළ උරුම මන්ත්‍රීතුමන්ලා එළවීමට ගෙන එන පනත පසුපස යම් කුමන්ත්‍රණයක් ඇති බවයි.

Read Full Post »

Older Posts »