Feeds:
Posts
Comments

Archive for July, 2012

පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවන දේවල් ඇතැයි සමහරු විශ්වාස කරයි. ගුරුත්වාකර්ශනය දැනෙන්නේ කුමණ ඉන්ද්‍රියටදැයි ඔවුන් අසන්නේ ආකිමීඩීස් අර මොකක්දෝ එක සොයා ගත්තා වගේ ය.

මම ඉහත වැකිය ලිවීමෙන් අදහස් කලේ ගුරුත්වාකර්ශනය දැනෙන අවයවයක් මිනිසාට ඇතිබව හෝ නැතිබවක් නොවේ. නමුත් මෙම වැකිය පාඨකයෙකුගේ හිතේ අවුලක් ඇතිකර ඇතිබව හැඟී යන නිසා තවදුරටත් මේ ගැන පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමි.

Gravitation is one of the four fundamental interactions of nature, along with electromagnetism, and the nuclear strong force and weak force. Modern physics describes gravitation using the general theory of relativity by Einstein, in which it is a consequence of the curvature of spacetime governing the motion of inertial objects. The simpler Newton’s law of universal gravitation provides an accurate approximation for most physical situations.
~ Wikipedia

ස්වභාවධර්මයේ පවතින මූලික අන්තර්ක්‍රියා හතරකින් එකක් ලෙස ගුරුත්වාකර්ශනය හඳුන්වා දී ඇත. මේ හතරින් එකක්වත් ඉන්ද්‍රියගෝචර නොවේ. ගුරුත්වාකර්ශනය පමණක් නොව චුම්භකත්වයද ශරීරයට දැනෙන්නේ නැති බව ඕනෑම මැට්ටෙකුට තේරෙන දෙයකි.

සැබෑ ගැටළුව ඔය ඉන්ද්‍රිය මොකක්ද යන ප්‍රශ්නය ඇසීම පසුපසින් එන මෝහාන්ධකාරයයි.

ගුරුත්වාකර්ශනය දෙවියන් සිටින බව ඔප්පු කිරීමත් යොදා ගත හැකි ආකාරය ඉහත වීඩියෝවේ පෙන්වයි. එසේම නලින් ද සිල්වා හා ඔහුගේ නඩයත් ගුරුත්වාකර්ශනය යොදා ගන්නේ නාථ දෙවියන් සිටිනා බව සාධනය කිරීමට වීම හාස්‍යයක් නොවේ ද?

ගුරුත්වාකර්ශනය දැනෙන ඉන්ද්‍රියයක් නොමැති නිසා නාථ සිටිනවා යයි නොකියා අපිට සරල පරීක්ෂණයක් මගින් නාථ දෙවියන් සිටී දැයි සෙවීමට හැකිය.

සිත දියුණු කරගත් විට නාථ දෙවියන් දැකීමට හැකියයි ඔවුන් අපිට කියයි. එසේ හිත දියුණු කරගත් දෙදෙනෙකු (A හා B) කාමර දෙකකට දමා එක් අයෙකුට (A ට) අපි යම් රහසක් කියමු. නාථ දෙවියන් ලවා එම රහස අනික් කාමරයේ සිටින (B) තැනැත්තාට දැනගත හැකිනම් නාථගේ පැවැත්ම තවදුරටත් ප්‍රශ්න නොනගා පිලිගැනීමට අප සූදානම්ය.

Advertisements

Read Full Post »

පෙරභවයේ මතක සටහන් අනාවරණය කළ තවත් දරුවකු තුන්දෙණිය ප්‍රදේශයෙන් හමුවී ඇත. 1948 උපන් මෙම දරුවා නමින් දුමින්ද විය. පිරිමි දරුවන් තුන්දෙනකුගෙන් යුත් පවුලක මද්දුමයා දුමින්දය. ඔහු සෙල්ලම් බඩු වලට එතරම් කැමැත්තක්‌ නොදැක්‌වූ අතර වැඩියෙන් ආශා කළේ මල් පූජා කිරීමටය. මේ කුඩා පුතා පෙර භවය ගැන තොරතුරු හෙළි කළේ තමා භික්‌ෂුන්වහන්සේ නමක්‌ ලෙස සිටි වගකි. පන්සලහි තමා සිටියදී (පපුවේ) හෘද වේදනාවක්‌ ඇතිවී ඉන්පසු රෝහලකට ඇතුළත් කළ බවත් පමණක්‌ මතකයේ රැඳී පැවැතිණි. දුමින්ද පුතා නිතර කියන්නේ සතුන් මරන්න එපා පව් කරන්න එපා යෑයි දෙමාපියෝ කියති. භික්‌ෂුන් වහන්සේලා ගාථා කියන්නාක්‌ මෙන් දුමින්ද දරුවාද ගාථා කීමට දක්‌ෂ විය.

අතීත ආත්මය ගැන ඔහු මෙසේ කියයි. මං හිටියේ අස්‌ගිsරිය පන්සලේ. මම එහි ලොකු සාදු. මට කාර් එකක්‌ තිබුණා. මං එහිදී අපවත් වුණේ පවුවේ අමාරුවක්‌ නිසා.

දුමින්ද පුතා මේ කියන්නේ තමාගේ පෙර භවය ගැන බව දෙමාපියෝ වටහා ගත්හ. ඔහු පෙර භවය ගැන තොරතුරු විටින් විට කියනවිට පාලි ගාථා කීමටද අමතක කළේ නැත. ඔහු කී සාධක තොරතුරුවලට අනුව අස්‌ගිරි මහා විහාරයේ වැඩ විසූ ගුත්තෑපානේ ශිලාලංකර නාහිමියන්ගේ ජීවන තොරතුරුවලට සමාන බව පර්යේෂණවලදී හෙළි කරයි. දුමින්දගේ කතා බී.බී.සී ආයතනය මගින් නිපදවන පුනර්භව පර්යේෂණ රූපවාහිනි චිත්‍රපටයකටද කතා පුවත ඇතුළත් කෙරිණි.
සම්පූර්ණ ලිපිය…

අල්ලා සීල් ගසූ දරුවා

මෙවැනි කතන්දර ඔබත් අසා ඇතුවාට සැක නැත. නමුත් එම කතා සත්‍යයක් විය හැකිදැයි ඔබ මොහොතකටවත් කල්පනා කලාද? නැතිනම් මේ ඔබ විශ්වාස කරන පරම සත්‍යයට තවත් සාක්ෂියක් ද?

ඉන්දියානු සම්භවයක් ඇති ආගම් බොහොමයක් පෙර ආත්මයක් ගැන හෝ පෙර භවයක් ගන හෝ මේ ජීවිතයට පෙර පැවතීමක් උගන්වයි. මීට වසර දහස් ගණනකට පෙර ජීවත්වූ දාර්ශනිකයන් පෙර ආත්ම සංකල්පය ඉදිරිපත් කලේ මරණය යන සිද්ධිය පැහැදිලි කිරීමට ය. සිත සහ කය යනු දෙකක්ය යන මතය පිලිගත් දාර්ශනිකයන් ඉදිරිපත් කලේ කය මරණයට පත්වන බවත් එවිට සිත වෙනත් කයක් හා සම්බන්ධ වීමෙන් නව ජීවිතයක් ලබන බවත්ය.

තවත් එවැනි කතාවක් ගොසිප්9 වාර්තා කර තිබුනි.අම්පිටියේ සුදු නාගයකු වී සිට මාතර ඉපදුනු දරුවාගේපුනරුත්පත්තිය

ප.ලි: මෙම ලිපිය ලියා අවසන් කිරීමට කම්මැලිවූ මාතෘකාවකි. පල කරන්නට සිතුනේ චාමිගේ මෙම ලිපිය කියවූ පසුවය.

Read Full Post »

රට පුරා උද්ගතව ඇති අපරාධ රැල්ල නවත්වන්න උපරිමව කටයුතු කරනවා
~ නව නීතිපති පාලිත ප්‍රනාන්දු

මේ දිනවල නිතරම ස්ත්‍රී දූෂන හා ළමා අපචාර අපරාධ පුවත් අසන්නට ලැබේ. නීතිපති පාලිත ප්‍රනාන්දු කියන්නේ අපරාධ රැල්ලක් රටේ ඇති බවයි. ඔහුට එය නවත්වන්නට ප්ලෑන් එකක් ඇතිබවත් කියයි. නමුත් මෙවන් දෑ සම්බන්ධයෙන් වගකීමක් දැරිය යුතු අනෝමා දිසානායක පවසන්නේ අපරාධ වැඩිවීමක් නොව අපරාධ වාර්තා වීමේ වැඩිවීමක් ඇතිබවයි. මේ දෙන්නාම කියන දේවල් සත්‍ය විය හැක්කේ ශ්‍රීලාංකික අනන්‍යතාවයක් ඇති චතුස්කෝටික චින්තන ක්‍රමයටය.

නීතිපති ගැන වැඩියමක් නොදන්නා නමුත් අනෝමා නම් වැඩිවන අපරාධවලිනුත් තමන්ට ක්‍රෙඩිට් එකක් ගන්නට උත්සාහගනු පෙනේ.

මගේ ප්‍රශ්නය මේ දෙදෙනාගේ මත වල ඇති පරස්පර භාවය නොවේ…

ගොසිප් 9, අද දෙරණ හා ඩේලි මිරර් වැනි පාඨකයන්ට අදහස් දැක්වීමට ඉඩ දෙන පුවත් අඩවිවල ඉදිරිපත් කර තිබූ පාඨක අදහස් බොහොමයකින් ඉල්ලා තිබුනේ මේ අපරාධකරුවන්ට අරාබියේ දෙන දඬුවම් දෙන ලෙසයි.

මුස්ලිම් ආක්‍රමණයකට එරෙහිව පෙල ගැසෙනවා යයි කියන සිංහල සමාජය ඉස්ලාමික නීති ඉල්ලන්නේ ඇයි? කරුණාව මෛත්‍රිය පෙරදැරි කරගත් ධර්මිෂ්ඨ සමාජයකට වඩා ඇහැට-ඇහැක් ගන්නට සිතනා සමාජය හොඳය කියා සිතන නිසා ද?

අද දෙරණ මත විමසුම: වැඩි දෙනාගේ ඉල්ලීම මරණ දඬුවම

Read Full Post »

ප්‍රශ්නය : මේ දවස්‌වල මොනව ද කරන්නේ? වකුගඩු රෝග පර්යේෂණ ඉවර ද?

පිළිතුර :

ඉවර නෑ. දැන් තමයි හොඳ ම ටික. අපේ හේතු දැක්‌වීම මත පදනම් වෙලා දැන් අපි ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවා. ඔය මොන පණ්‌ඩිත කතා කිව්වත් කාට ද පුළුවන් වකුගඩු අසනීපේ සුව කරන්න. ලෙඩේ තියෙන පැත්තේ ම තියෙන පැළෑටි වර්ග කිහිපයක්‌ යොදාගෙන අපි ප්‍රතිකාර පටන් අරගෙන තියෙන්නේ. මූලික පර්යේෂණ සාර්ථකයි. මේ වෙලාවේ ඔක්‌කොම විස්‌තර දෙන්න බෑ. හැබැයි සුබ පෙරනිමිති ගොඩක්‌ තියෙනවා. මතක තියාගන්න, මේ ප්‍රතිකාර ගැන දැනුම අපට ලැබුණෙත් අර ලෙඩේට හේතුව කියපු තැනින් ම තමයි.

අපි බලමු කෝ ලෙඩ්ඩු හොඳ වෙන කොට මේ අය කියන්නේ මොකද කියලා….!

Vidusara

මේ පිළිබඳව තවත් ලිපි කිහිපයක් ලියන්නට නම් අවස්ථාවක් ලැබෙන බව නම් මට විශ්වාසය.

Read Full Post »

මේ බ්ලොගය ලියන්නට පටන් ගෙන අවුරුද්දක් ගතවෙලාය. කන්දක් විළිලා ලියන්නට උත්සාහ කලත් සම්පූර්ණ කරගත නොහැකි වූ ලිපි දහ අටක් පමණ ඉතිරිවී ඇති බව අවධානයට ලක්වුනේ අදය.

වෙලාවකට පැන්ෂන් යන්න සිතෙනවාය. ඒත් තවත් ලියන්නට බොහෝ දේ ඇති නිසා අද හෙටම පැන්ෂන් ගන්න අදහසක් නැත. සමහරවිට දෙසැම්බර 21දායින් පසු විශ්‍රාම යාමට ඉඩ තිබේ.

Read Full Post »

ගොසිප් 9 අඩවියෙන් උපුටා ගන්නා ලදි


පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවන දේවල් ඇතැයි සමහරු විශ්වාස කරයි. ගුරුත්වාකර්ශනය දැනෙන්නේ කුමණ ඉන්ද්‍රියටදැයි ඔවුන් අසන්නේ ආකිමීඩීස් අර මොකක්දෝ එක සොයා ගත්තා වගේ ය.

පහතින් දැක්වෙන්නේ තවත් වියැලුන විලක දර්ශනය වුණු රාවණාගේ තවත් යාත්තරාවකි. තවත් ඒවා ගූගල් දේව වරම ඇත්නම් ඔබට සොයා ගත හැකිවනු ඇත.

Read Full Post »

මා සිතා සිටින ආකාරයට සාමාන්‍යයෙන් පුද්ගලයෙකු අත් අඩංගුවට ගන්නේ වරදක් සිදුකල පසුව මිස වරදක් කරන්නට අරමුණු කරගෙන සිටි නිසා නොවේ. එසේ නොවන අවස්ථා ඇත්නම් ඒ ඉතා සීමිත විශේෂ අවස්ථා වෙයි. උදාහරණ ලෙස කෙනෙකු කඩුවක් ලඟ තබා ගැනීමද වරදක් වේ. නමුත් ඔස්ට්‍රේලියාවට යන්නට සිතා කතරගම විශ්‍රාමශාලාවක රැඳී සිටින අයෙකු අත් අඩංගුවට ගැනීම විවාදයට ලක්කලයුතු සිදුවීමක් යයි මම විශ්වාස කරමි. අපේ පොලිසිය මයිනොරිටි රිපොර්ට් (Minority Report) විද්‍යා ප්‍රබන්ධ කථාවේ මෙන් වරදක් කරන්නට පෙර වැරදිකරුවන් අල්ලා ගැනීම ආශ්චර්යයක්මය. මානව හිමිකම් සංවිධාන මේ ගැන මීක් ගාන්නේවත් නැත්තේ ඇයි?

පසුගිය සති දෙකක කාලය තුල වාර්තාවූ පුවත් කිහිපයක් පහත දැක්වේ.

මේ මිනිසුන් තමන්ගේ ජීවිතයත් පරදුවට තබා උත්සාහ කරන්නේ සකල සිරින් පිරි සිරි ලංකාව නොහොත් මේ පුන්‍ය භූමිය අතහැර දමා ඔස්ට්‍රේලියාවට යාමටය. එසේ කිරීමට සිතීමත් පාප ක්‍රියාවක් ලෙස කෙනෙකුට අර්ථ දැකිවිය හැකිය.

මේ මිනිසුන් අපේම සහෝදරයන්ය. ඔවුන් හොරෙන් ගියත්, ගිහින් මොන තරම් කටුක ජීවිතයක් ගත කලත්, ඔවුන් උපයා ආපසු එවන මුදලින් ලංකාවේ ඔවුන්ගේ බිරින්දන්, දරුවන්, හා වෙනත් ඥාතීන් ජීවත් කරවයි. ලංකාවේ රජයටත්, ලංකාවේ සිටින අයටත් මොවුන් නීත්‍යානුකූලව හෝ හොර පාරකින් ඔස්ට්‍රේලියාවට හෝ ඉතාලියට ගියාය කියා සිදුවන පාඩුවක් නැත.

නමුත් මිනීමැරුමක සැකකරුවන් ඇහින් දුටු සාක්ෂි තිබියදීත් අත් අඩංගුවට ගන්නට පස්ස ගහන ධර්ම චක්‍රයක් අතේ ගහගෙන සිටින ශ්‍රී ලංකාවේ පොලීසිය මිනිසුන් ඔස්ට්‍රේලියාවට යන්න හිතාගෙන ඉන්නවා කියා අල්ලන්නේ ඇයි? මොකක්ද මේකෙ රහස?

ඔස්ට්‍රේලියාව හෝ ඉතාලිය වැනි රටවල් වලට නම් මෙම නීති විරෝධී සංක්‍රමණිකයන් ගැටළුවක් බව ඇත්තකි. ඒ නිසා ඔවුන් ලංකාව වැනි සංක්‍රමණිකයන් පැමිණෙන රටවල් වලට යම් යම් (සංවර්ධන/ආයෝජන වෙනත්) ව්‍යාපෘති වල මුවාවෙන් අරමුදල් සපයයි. මෙම මුදල් ලබා ගැනීමට නම් ලංකා රජය තම රටවැසියන් රටෙන් පිටත්වීම වැලැක්විය යුතු වන්නේය. මේ නිසා නොවිසඳුනු වැදගත් ප්‍රශ්න බොහොමයක් ඇතත් අපි ඔස්ට්‍රේලියාවේ ප්‍රශ්න විසඳන්නෙමු.

සමහර වාමාංශික ඔස්ට්‍රේලියානු දේශපාලකයින් නීතිවිරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධ ප්‍රශ්නය වෙනස්ව විග්‍රහ කරයි.

Murray said part of the problem was that Australia was not a welcoming country. “We demonise them because we are the receiving country, we are the destination,” he said. “But the truth is we don’t want them, so we demonise the people who bring them here.”

Read Full Post »

Older Posts »