Feeds:
Posts
Comments

Archive for July, 2012

අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී
~ කුමාරතුංග මුණිදාස


ඩෙංගු මර්ධනය කිරීමට සමත් මන්තරයක් නැසී ගිය ඩී.පී ගුණවර්ධනයන්ගේ අත්පොතකින් සොයා ගැනීමට ඒ මහතාගේ පුතණුවන් වන කොටදෙණියාවේ ඩග්ලස් මහතා සමත් වී තිබේ. ඔබත් අදම අත්හදා බලා ප්‍රතිඵල අත්විඳගන්න.

දැන් ඉතින් ආණ්ඩුවට තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වසා දමා මේ වගේ නියම සිංගලබෞද්ධ විද්‍යාවන්ට අතදීමය. ඇමරිකන්කාරයන් මෙලෝ අල බෝලයක් නැති ලංකාවට කෙලින්නට හදන්නේ මේවගේ දැනුම සොරාගන්නට විය හැක.
http://www.divaina.com/2012/07/06/naka04.html

Advertisements

Read Full Post »

ජෝතිෂ්‍යකාරයෙක් කීවේ සිකුරුගේ බලපෑමෙන් ස්ත්‍රීදූෂණ වැඩිවෙන බවකි. කෙසේ නමුත් මහමග යද්දී කෙනෙකු වැරදීමකින් තමාගේ ඇඟේ වැදුනොත්, නැතිනම් කුමක් හෝ වරදක් කෙනෙකුගෙන් සිදුවූ විට අපේ රටේ සුජාත පුත්‍රයෙකුගේ කටින් පිටවන වචන කිහිපයක් තිබේ. ඒ “තොගෙ අම්මාට @%@$%^ වා” යන්නය.
අපේ උන් තරහා ගියත් හිතන්නේ ස්ත්‍රී දූෂණයක් ගැනය.

නීතිය රකින පොලෝසියේ මහත්තුරුගේ කටේම තිබෙන්නේ මෙවන් කතාය.

ඉතින් මෙහෙම දේවල් සිදුනොවුනොත් නේද පුදුම වෙන්න ඕනි?

Read Full Post »

වසරකට පසලොස්වක පෝය දවස් කීයක් තිබෙනවා ද?

වසරකට පෝය දින 13ක් ඇතත් අප සමරන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි මාස 12කට බෙදා නොවේද? එක මාසයකට පොහෝදින දෙකක් යෙදුන විට දෙවැන්නට අධි-පොහොයක් ලෙස නම් කර ක්‍රිස්තියානි ක්‍රමයටම යනවා නේද?

හේතුව දන්නා අයෙක් පැහැදිලි කරන්නේ නම් අගය කරමි.

Read Full Post »

අතීත කතාව
දැනට වසර දහයකට පමණ පෙර රූපවාහිනී සාකච්ඡාවකදී මන්නාරමේ තෙල් හමුවෙනවා යයි ප්‍රසිද්ධ ජෝතිශ විශාරදයෙක් වූ පියසේන රතුවිතාන අනාවැකියක් පළකලේය. කෙනෙකුට එවන් අනාවැකි කීමේ හැකියාවක් ඇත්නම් කල නොහැක්කේ මොනවාදැයි කල්පනා කල මා ජෝතිශය පිලිබඳව ලියවුනු පොත්පත් සෑහෙන ගණනක් පීරා සෙවූ නමුත් ඛනිජ තෙල් පිළිබඳව අනාවැකි කිව හැකි සාස්තරයක් තිබූ එක පොතක්වත් සොයාගැනීමට මට නොහැකි විය. ටික කලකට පසුව පියසේන රතුවිතාන මහතා මුණගැසීමට මට අවස්ථාවක් ලැබුනි. බොහෝ ජෝතිෂ්‍යවේදීන් මෙන්ම වාචාලයෙක් වූ ඒ මහතා විනාඩි පහක් කථාකරන විට ඛනිජ තෙල් අනාවැකිය කියූ ආකාරය හෙලිකලේය. එවකට බලයේ සිටි නායිකාවගේ ජෝතිශ කටයුතු කිරීමට තමාටත් අවස්ථාව ලැබුණු බවත් ඛනිජතෙල් ගවේශණ පිලිබඳව විස්තර දැනගත්තේ එසේ යයි ඔහු මා සමග කීවේ උජාරුවෙනි.

වර්තමාන කතාව
අද දිවයින පුවත්පතේ අපූරු ජෝතිෂ්‍ය අනාවැකියක් පල කර තිබුනි. එයින් උපුටාගත් කොටස් කිහිපයක් පහත ඉදිරිපත් කරමි.

මේ කියන්නේ 2009-2011 ඉතිහාසයේ සිදුවූ දෙයක් නැවතත් සිදුවිය හැකි බවයි. බලමු හොඳ දෙයක් ද කියා.

අට වැන්න ජෝතිෂ්‍යයට අනුව මාරක ස්ථානයයි. ආරක්ෂක අංශයට අදාලයයි කියන දහවැන්න අධිපති කුජ අටවැන්නට යාම කාගේ හෝ අනාගත සැලසුම් පිලිබඳව යම් ඉඟියක් සපයයි.

රතුපාට භාවිතා කරන සංවිධාන මොනවාද?

තුවාල සිදුවීම්, වෙඩිතබා ගැනීම්, විෂවායු නිකුත්වීම්? මෙම අනාවැකිවලින් වටහා ගතයුත්තේ මා කියූ අතීත කතාවේදීමෙන් හෙට අනිද්දාට යමෙක් විරෝධතා පෙළපාලි යන්නට හෝ වැඩ වර්ජන කිරීමට ඉඩ ඇති හෙයින් ඒ සඳහා ආණ්ඩුවේ සූදානම පහරදී, කඳුළු ගෑස් ගසා වෙඩිතබා පාලනය කිරීමට බව ආණ්ඩුවේ ලොක්කෙක් මෙම ජෝතිෂවේදියා සමග කියා ඇති බවයි.

Read Full Post »

« Newer Posts