Feeds:
Posts
Comments

Archive for August, 2012

මේ ලිපිය ලිවීමට සිතමින් සති කිහිපයක් සිටියත් කාර්ය බහුලකම නිසාත් මොළේ ඇති ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි දෙයක් උලුප්පා ලිවීමට ඇති කම්මැලිකම නිසාත් ලිවීම ප්‍රමාද විය. නාථ දෙවියන් ගැන සාකච්ඡාව අසම්පූර්ණ යයි සිතෙන නිසා මෙය ලියමි.

මීට පෙර ලිපියෙන් ගුරුත්වය සෘජුව ග්‍රහණය කලහැකි අවයවයක් නැතිබවට මා සිතන බව කීමුත් බුද්ධිමත් පාඨකයින් කිහිපදෙනෙකුම (තනි අලියා, සූස්ති ගුණේ හා තවත් අයෙක්) පෙන්වාදුන්නේ ගුරුත්වය ඉන්ද්‍රියගෝචර විය හැකිබවයි.

ලේනෙකුගේ ගුරුත්වය දැනෙන අවයවය

ලේනෙකුගේ ගුරුත්වය දැනෙන අවයවය

වැඩිදුර කරුනු විමසීමේදී අහවල් එකට අමතරව ගුරුත්වය පංචේන්ද්‍රියයන්ටම ගෝචර කරගත හැකි බව පෙනීයයි.

බෙල්ලෙන් ගුරුත්වය දැනීම

ඇසට : පොල් ගෙඩියක් ගසකින් වැටීම දැකිය හැක.
කන: පොල්ගෙඩිය බිම පතිතවීමේදී නිකුත්වන ශබ්ධය ඇසිය හැක.
දිව හා නාසය: ඔබ ඔළුවෙන් සිටගෙන මුත්‍රා පිට කලවිට මුලින්ම දිවටත් ඉන්පසුව නාසයටත්
ශරීරය: බාල්කයක් වැනි යමක ලණුවක් ගැටගසා ගුරුත්වය දැනිය යුතු ස්ථානයෙන් එල්ලීමෙන් අදාල ස්ථානයට ගුරුත්වය දැනෙනු ඇත.

ගසින් වැටෙන පොල්ගෙඩිය දැකීම යනු ගුරුත්වාකර්ශනය දැකීමක් නොවන්නේ යයි කෙනෙකුට තර්ක කලහැක. එයට ඇති පිළිතුර සරලය. ඒ ගුරුත්වාකර්ශනය පොල්ගෙඩිය මත ඇතිකරන ප්‍රතික්‍රියාව අප ඇසින් නිරීක්ෂණය කරන බවයි.

අපි ඉලෙක්ට්‍රෝන දකින්නේද එලෙසය. ඒ ඉලෙක්ට්‍රෝන වල ප්‍රතික්‍රියා නිරීක්ෂණය කිරීමෙනි. එම ප්‍රතික්‍රියා ඉලෙක්ට්‍රෝන නිසා සිදුවන බව අපට නැවත නැවතත් සිදුකල හැකි පරීක්ෂණ මගින් සනාථ කල හැක.

ඉලෙක්ට්‍රෝන කියා දෙයක් නැතැයි කෙනෙකු තර්ක කරන්නේ නම් ඔහු හෝ ඇය මෙතෙක් කල් ඉලෙක්ට්‍රෝන ඇසුරෙන් පැහැදිලි කල සියළුම අන්තර්ක්‍රියා පැහැදිලි කල යුතුය. එසේ නොකර ඉලෙක්ට්‍රෝන කියා දෙයක් නැතැයි ද හැකිනම් තමන්ට ඉලෙක්ට්‍රෝන දෙකක් ගෙනවිත් දෙන්නැයි කියා ප්‍රකාශ නිකුත් කිරීම තර්කාභාසයකි. තර්කාභාසයක් යනු තර්ක කිරීමට නුසුදුසු තර්කන ක්‍රමයකි. නලින් ද. සිල්වාගේ හා ගෝලයන්ගේ තර්ක වටහාගැනීමට මට තර්ක ශාස්ත්‍රය ගැන ලියැවුනු පොතක් කියවීමට සිදුවිය.

දැන් අප නාථ දෙවියන් සම්බන්ධ ප්‍රවාදය සලකා බලමු. මොවුන් කියාසිටින ආකාරයට නාථ දෙවියන්ට පරිසරය සමග කිසිදු අන්තර්ක්‍රියාවක් කල නොහැක.

  1. ඇස: නාථ ඇසට නොපෙනෙයි. නාථට ගසක අත්තක් සෙලවීම, පුටුවක් පෙරලීම වැනි අක්ෂිගෝචර කිසිවක් කිරීමටද නොහැක.
  2. කන: නාථට කනට ඇසෙන ලෙස කථාකිරීමට, ශබ්ධනගා පඩයක් ඇරීම හෝ බෙරයකට තට්ටුවක් දැමීම හෝ කිසිම ශබ්ධයක් ඇති වන ක්‍රියාවක් කල නොහැක.
  3. නාසය: නාසයට ගෝචර වන ලෙස පඩයක් ඇරීම හෝ නාසයට ගෝචරවන දෙයක් කරන්නට නොහැක.
  4. දිව: දිවට දැනෙන යමක් කිරීමට නාථට නොහැක. අඩු ගානේ මම කන බත්පතට ලුණු රස වැඩිකිරීම වැනි දෙයක් වත්…
  5. ශරීරය: නාථ ඇඟේ හැප්පෙන්නේ හෝ පිරුනු වතුර බැරල් එකක ගිල්වූ විට එය උතුරා යන්නේවත් නැත.

මොවුන් කියා සිටින්නේ නාථ සිටින බව තමන්ගේ මනසට ගෝචරවන බවයි. එනම් නාථ සමග මනසින් අදහස් හුවමාරු කරගන්නා බවයි. ඒ නිසා නාථ වෙනත් ඉන්ද්‍රියයන්ට ගෝචර නොවන බවත් ඔවුන් කියා සිටියි. නමුත් මනසින් හෝ අදහස් හුවමාරු කරගන්නවා නම් නාථ දෙවියන් සිටින බව හෝ unknown entity ඇතිබව හෝ පෙන්විය හැකි ක්‍රමයක් මීට පෙර ලිපියේදී මම යෝජනා කලෙමි. ඒ නාථ දෙවියන් මාර්ගයෙන් පණිවිඩයක් පුද්ගලයෙකුගෙන් තවත් තවත් පුද්ගලයෙකුට යැවීමයි. එම පුද්ගලයන් දෙදෙනා දැනටමත් නාථ දෙවියන් සමග මනසින් අදහස් හුවමාරු කරන අයවලුන් විය යුතුය.

මෙම අභියෝගය හමුවේ දුර්මුඛ වූ නාථ දේවවාදීන් කියා සිටියේ නාථ එසේ පණිවිඩයක් ගෙනයාවිදැයි සහතිකවම කිව නොහැකි බවයි. නාථ සම්‍යක් දෘශ්ඨික නම් මෙය ඉටු කරනු ඇත. ඉහත අභියෝගය තවමත් වලංගු වන බව නැවතත් මා කියා සිටින අතර එය කර පෙන්වන අයෙකුට ත්‍යාගයක් ලෙස දේවාලයක්ම ඉදිකර දෙන බවට පොරොන්දුවෙමි.

මෙවර අභියෝගය නාථදෙවියන් සමග මනසින් කතා කරන අයට තමන් යහපත් මානසික සෞඛ්‍යයෙන් සිටින බවට මනෝවෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරන ලෙසයි.

Read Full Post »