Feeds:
Posts
Comments

Archive for September, 2012

සියළුදෙනාටම තමන්ගේ රැකියාවට සරිලන වේතනයක් ලැබීමේ අයිතියක් ඇති බව මම පිලිගන්නා අතරම ජීවිතේටම තමන්ගේ වාහනයකට උරුමකම් නොකියන දුප්පතෙක් මොන්ටෙරෝ/ ප්‍රාඩෝ වලට ඩීසල් සහනාධාර දීමට බදු නොගෙවිය යුතුය යන්නත් මගේ මතය වේ.

ලංකාව දියුණු නොවූ රටකි. හරියට වැඩෙන වයසෙදි නිසි පෝෂණයක් නොලැබූ මිනිසෙකු වැනිය. කල් පැන්නාට පසු විටමින් වලට සුව කිරීමට නොහැකිය.

ලංකාවේ දළ දේශීය නිශ්පාදිතය 6% කට ආසන්න වේගයකින් වර්ධනයවන බව පහත වාර්තාවේ පෙන්වයි.

සාකච්ඡා කිරීමේ පහසුව සඳහා අපි රටේ ද.දේ.නි වර්ධනය 6%ක් යයි ගනිමු.

1. වසරකට 6% ක වේගයකින් උසයන ගසකින් වසරකට 6%ක උසැති කොටසක් කපා ඉවත්කරනු ලැබුවේ නම් වසර 10කට පසු ඒ ගස කෙතරම් උසයනු ඇතිද? පිලිතුර ඒ ගස වැඩෙන ප්‍රමාණයම කපා දමන හෙයින් උස යාමක් සිදු නොවන බවයි.

2. රටක් අධ්‍යාපනයට වෙන්කරන මුදල අනාගත ආයෝජනයක් වෙයි. ලංකාවට එහි ප්‍රතිඵල ලැබීමට වසර 25ක් වත් ගතවනු ඇත.

3. දැනට සිටිනා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කෙතරම් වැටුප් වැඩිකලද ඔවුන්ගේ දැනුමේ හෝ ඉගැන්වීමේ රටාවේ සැලකිය යුතු වෙනසක් ඇතිවේ ද යන්නත් ගැටලුවකි.

4. දළ දේශීය නිශ්පාදිතය යනු රාජ්‍ය ආදායම නොවේ. එයින් 6% ක් (හෝ 1% වුවද ) ඉල්ලන්නේ කුමන පදනමක සිටද? ද.දේ.නි සඳහා විශ්වවිද්‍යාල වලින් ලැබෙන දායකත්වය කෙතරම්ද?

Advertisements

Read Full Post »

ගොන් කරත්ත තුනකට මී හරක් තුන්දෙනෙක් (SB, BG, SP යයි කියමු ) ගැටගසා ඇත. උන් මීහරකුන් නිසා පුරුද්දට මෙන් කරත්ත තුනම මඩවලකට ඇදගෙන ගොස් මඩේම ලැග සිටියි. මඩවලෙන් මේ ගොන් කරත්ත එළියට ගෙන අවශ්‍ය තැනට ඇදගෙන යාමට නම් මී හරකුන් මාරු කර බලන්නැයි මහදැනමුත්තා උපදෙස් දී ඇත.

මෙසේ මී හරක් මාරු කරන්න පුලුවන් ක්‍රම කීයක් තිබෙනවාද?

Read Full Post »

ලබන මස පලමු දින සිට ක්‍රියාත්මකවන පරිදි ජල ගාස්තු ඉහල දමා ඇති බව ඩේලි මිරර් හා දිවයින වාර්තා කර තිබුනේ මෙසේය.

ඇත්තටම වැඩිවන්නේ සියයට පහත් විස්සත් අතර නොවේ. පහත වගුවේ රතුපාටින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශත වැඩිවීම බලන්න. කොන්ද පණ නැති විපක්ෂයක් සිටින රටක ජීවත්වීමේ කරුමය මෙයයි.

Read Full Post »

මීට පෙර මා ලියන ලද විදුසර නිසරු බවට සාධක ඉදිරිපත් කල ලිපියට නැවතත් අවධානය යොමු කරමු.මම එම පුවත්පතේ මැදපිටුවේ (පිටු දෙකක්) පුරා ලියවුණු වරුණ ගුණතිලකගේ ලිපිය ගැන මගේ අදහස ඉදිරිපත් කර ඇත්තෙමි. මගේ අදහස වූයේ එම ලිපියේ විද්‍යාත්මක වටිනාකමක් නැති දිවයින පුවත්පත වැනි පුවත්පතකට වඩාත් උචිත ලිපියක් බවයි.

එම ලිපියට පිළිතුරු ලෙස සැප්තැම්බර් 12දා විදුසරට පාඨකයෙක් ඉදිරිපත් කරන ලිපියක් පහත උපුටා දක්වමි. මෙම උපුටා දක්වන ලිපිය කියවන ඔබ;

1. විදුසර වැනි විද්‍යා පුවත්පතකට එය කෙතරම් ගෝචරද?
2. ලියුම්කරුගේ තර්ක සත්‍යද?
3. බුධ ග්‍රහයාගේ චලිතය පැහැදිලි කිරීමට හෝ කලනය වෙනුවට ඉදිරිපත් කරන විකල්ප මතවාද (බටහිර විද්‍යාවේ නොවන) මොනවාද?

යන්න විමසා බලන ලෙස ඉල්ලා සිටිමි. මේ තවත් හමීඩ් අල් ගසාලි කෙනෙක් නොවේ යයි කෙනෙකුට කිවහැකිද?

“මීඩියා චරිත”
නිවැරැදිව හඳුනා ගැනීම

කලක පටන් විදුසරෙහි පළ වන, බටහිර වෛද්‍ය වරුණ ගුණතිලක මහතා ගේ ලිපි අතුරෙන් 2012.08.08 දින “විමර්ශන” හිසින් පළ වූ “සත්‍යය මිථ්‍යාව සහ මීඩියා චරිත” සහ 2012.08.29 දින “සතියේ විමසුමින්” පළ වූ “ප්‍රේක්‌ෂකයා වල්මත් කරවන තොරතුරු සුනාමිය” යන ලිපි දෙකට ප්‍රතිචාර දැක්‌විය යුතු වෙයි.

ඕනෑ ම දැනුමක්‌, යම් චින්තනයක්‌ මත පදනම් ව, මනසට, ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්‌කෘතියට සාපේක්‌ෂ ව මනස විසින් කෙරෙන නිර්මාණයක්‌ පමණි. එහි ඇති වාස්‌තවිකත්වයක්‌ නැත. දැනුම යනු නිර්මාණයක්‌ පමණක්‌ බැවින්, අපට කළ හැක්‌කේ, නිරීක්‌ෂණ සමූහයක්‌ පැහැදිලි කර ගැනීම සඳහා සංකල්ප, ප්‍රවාද ආදියෙන් සමන්විත දැනුම් පද්ධතියක්‌ හැකිතාක්‌ සංගත ව නිර්මාණය කිරීම පමණි. යම් දැනුමක්‌ ඊට අදාළ දැනුම් පද්ධතිය තුළ සංගත වේ නම්, එය සත්‍යයක්‌ ලෙසත්, අසංගත වේ නම් මිථ්‍යාවක්‌ ලෙසත් සැලකිය හැකි ය. එහෙත් එකී දැනුම වෙනත් දැනුම් පද්ධතියක්‌ තුළ අසංගත වූ පමණින් මිථ්‍යාවක්‌ බවට නිගමනය කළ නොහැකි ය. සත්‍යය සහ මිථ්‍යාව පවා ඉහත ආකාරයේ නිර්මාණාත්මක සාපේකෂකයන් මිස වාස්‌තවික වූ විශ්වීය යථාර්ථ නො වෙයි. දැනුමෙහි ඇති ඉහත සඳහන් සාපේක්‌ෂ බව නො පිළිගන්නකු වෙයි නම්, එය ප්‍රකාශ කළ යුත්aතේ ඒ බැව් මනස යොදා නො ගනිමින් පෙන්වා දීම යන අනිවාර්ය පූර්ණ අවශ්‍යතාව සැපිරීමෙන් අනතුරු ව ය.

එහෙත් එසේ නො කර ම වරුණ ගුණතිලක මහතා ප්‍රකාශ කරනුයේ වාස්‌තවික වූ සත්‍යයක්‌ ඇති බවත්, බටහිර විද්‍යාව යොදාගනිමින් එය සොයාගැනීමට අපක්‌ෂපාතී බටහිර විද්‍යඥයන්ට හැකි බවත්, සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ඇති ඕපපාතික ජීවීන් ආදී දේ මිථ්‍යාවන් බවත් ය. ඇත්ත වශයෙන් ම වරුණ මහතා විසින් සිදු කරනු ලබන්නේ බටහිර දැනුම වනමින්, සිංහල බෞද්ධ දැනුමට පහර දීමයි. එය තවදුරටත් පැහැදිලි කර ගැනීමට පෙර එතුමා වනන බටහිර විද්‍යාව පිළිබඳව මඳක්‌ විමසා බලමු.

ඕනෑ ම චින්තනයක ඥාන විභාගය, දාර්ශනික පසුබිම හා ආකල්ප යන, එකිනෙකින් වියෝ නො වූ අංග ත්‍රිත්වයක්‌ වෙයි. වාස්‌තවික සත්‍යයක්‌ වූ දැනුමක්‌ ඇතැයි යන්න බටහිර (යුදෙව්, ග්‍රීක, ක්‍රිස්‌තියානි) චින්තනයෙහි ඥන විභාගයේ ද අංගයක්‌ වෙයි. එහෙත් සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි එවැන්නක්‌ නොමැත. මෙමගින් පෙනී යන්නේ සොයා යා හැකි වාස්‌තවික සත්‍යයක්‌ වූ දැනුමක්‌ ඇත යන්න පවා නිර්මාණාත්මක සාපේක්‌ෂකයක්‌ බවයි.

සත්‍යය, මිථ්‍යාවෙන් වෙන් කර ගැනීමේ උරගල ලෙස වරුණ මහතා සලකන බටහිර විද්‍යාව ද බටහිර චින්තනය මත පදනම් ව නිර්මාණය කෙරී ඇති තවත් එක්‌ දැනුම් පද්ධතීන් සමූහයක්‌ පමණි. එහි වෙනත් චින්තනවල දැනුම් පද්ධතීන්වලට නැති වැදගත්කමක්‌ නොමැත. ඒක රේ‚යව හා ඌනතාවාදීව තර්කණය මගින් දැනුම නිර්මාණය කිරීම බටහිර විද්‍යාවේ ක්‍රමයයි. එබැවින් තර්කයක්‌ ගොඩනැංවීමේ දී මූලික සංකල්පයකින් ඇරඹීමට සිදු වන අතර සැම විට ම එය අර්ථ නො දක්‌වනු ලැබෙයි. හාස්‍යජනක ම කරුණ වන්නේ සැම දෙයකට ම අර්ථ දැක්‌වීම් ඉල්ලන බටහිරයන් ගේ මුළු මහත් විද්‍යාව ම ගොඩනැ`ගී ඇත්තේ අර්ථ නො දක්‌වන ලද සංකල්ප සමූහයක්‌ මත පදනම් ව වීමයි. එමෙන් ම බටහිරයන් ගේ තර්කය පදනම් වන්නේ ලෝකයේ දුර්වල ම න්‍යාය වන ද්විකෝටිකය මත ය. ප්‍රත්‍යක්‌ෂයෙන් නො ව අනුමාන සහ අනුමාන මත පමණක්‌ ම දැනුම නිර්මාණය කෙරෙන බටහිර විද්‍යාවේ, වියුක්‌තකරණය සීමාරහිත ලෙස යොදාගැනෙයි. වියුක්‌තය ඉහළ ම දැනුම, දියුණු ම දැනුම ලෙස සැලකෙන ලෙස සැලකෙයි. ඒ අරුතින් බටහිර ගණිතය, භෞතික විද්‍යාව හා දර්ශනය බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි වන අතර වරුණ මහතා ද ඉගෙනගෙන ඇති වෛද්‍ය විද්‍යාව හා ජීව විද්‍යාව කේන්ද්‍රයට වඩා පරිධියට ආසන්න වෙයි. එබැවින් අපි පරිධියෙහි නො ව කේන්ද්‍රයෙහි ඇති දැනුම පිළිබඳව විමසා බලමු. සියල්ලට ම හේතුව ලෙස බටහිර විද්‍යාව සලකන විශ්වයේ ආරම්භය පිළිබඳ ප්‍රවාදය විමසමින් ම අප ගේ සාකච්ඡාව අරඹමු.

මහා පිපිරුම නැමැති සංසිද්ධිය විශ්වයේ ආරම්භයට හේතුව බව බටහිර විශ්වවේදයෙහි කියෑවෙයි. මුළු මහත් විශ්වයෙහි ම ඇති පදාර්ථ හා ශක්‌තිය සංකේන්ද්‍රණය වී පැවැති ලක්‌ෂීය අංශූවක පිපිරී යැම මහා පිපිරුමයි. එහෙත් එවැනි අංශූවක්‌ කෙසේ පැවතියේ දැයි යන්නට පැහැදිලි කිරීමක්‌ නොමැත. එනම්, සියල්ලට ම හේතුව වන විශ්වයෙහි ආරම්භයට හේතුවක්‌ නැත. මෙයටත් වඩා මිථ්‍යාවක්‌ තවත් වෙයි ද? එහෙත් වරුණ මහතාට බටහිර විද්‍යාව මිථ්‍යාවක්‌ ලෙස නො පෙනෙයි. එමෙන් ම, ලෝක (විශ්වය) නිර්මාණය පිළිබඳව බයිබල් කතාව සහ මහා පිපිරුම අතර ගුණාත්මක වශයෙන් වෙනසක්‌ ද නැත.

“චලිතය” යන්න බටහිර භෞතික විද්‍යාවේ සහ ගණිතයේ මූලික සංකල්පයක්‌ වන නමුදු තම න්‍යාය මත පදනම් ව එය වත් පැහැදිලි කළ නොහැකි බව “සීනෝ ගේ විරුද්ධාභාසය” තුළින් බටහිරයෝ ම පෙන්වා දෙති. එහෙත් බටහිර විද්‍යාව තබා භෞතික විද්‍යාව හෝ ගණිතය වත් මිථ්‍යවකැයි වරුණ මහතාට නො පෙනෙයි.

බටහිර දියුණු ම දැනුම වන බටහිර ගණිතය මුළුමනින් ම පදනම් වන්නේ ස්‌වසිද්ධි සමූහයක්‌ මත ය. එහෙත් ස්‌වසිද්ධි යනු, අර්ථ නො දැක්‌වෙන සංකල්ප සමූහයකි. එහෙත් බටහිර ගණිතය මිථ්‍යාවක්‌ ලෙස වරුණ මහතාට නො පෙනෙයි.

එමෙන් ම බටහිරයන්ට තම න්‍යාය මත පදනම් ව කලනයෙහි මූලික සංකල්පය වන සීමාව අර්ථ දැක්‌විය නොහැකි වුවත්, වරුණ මහතාට බටහිර ගණිතය තබා කලනය වත් මිථ්‍යාවක්‌ ලෙස නො පෙනෙයි.

නිව්ටන් යනු අයින්ස්‌ටයින්ට පසු බටහිරින් බිහි වී ඇති ඉහළ ම බුද්ධිමතා වෙයි. එතුමා ගේ නමින් ඇති සුප්‍රසිද්ධ නියම තුන වලංගු වන්නේ නිරපේක්‌ෂ අවකාශයට සාපේක්‌ෂව නියත ප්‍රවේගවලින් චලනය වන රාමුවල ය. එනම්, අවස්‌ථිති සමුද්දේශ රාමුවල ය. නිරපේක්‌ෂ අවකාශය නිරීක්‌ෂණය කළ නොහැක්‌කකි. එහෙත්, නිව්ටෝනීය යාන්ත්‍රිකය මිථ්‍යාවක්‌ ලෙස වරුණ මහතාට නො පෙනෙයි.

සාර්වත්‍ර යෑයි පැවසුණ ද නිව්ටන් ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය මගින් මුළු මහත් විශ්වයෙහි ම තබා අප සෞරග්‍රහ මණ්‌ඩලයෙහි ග්‍රහ වස්‌තූන් ගේ චලිත වත්

නිවැරැදිව පැහැදිලි කළ නොහැකි ය. බුද ගේ චලිතය කිසිසේත් ම පැහැදිලි කළ නොහැකි ය. එහෙත් එකී නියමය මිථ්‍යාවක්‌ ලෙස වරුණ මහතාට නො පෙනෙයි.

එමෙන් ම, තමන් ගේ උත්සාහය දෙවියන් වහන්සේ විසින් මවන ලද විශ්වයේ නියමයන් තේරුම් ගැනීම යෑයි පැවසූ නිව්ටන්, මිථ්‍යාදෘෂ්ටිකයකු ලෙස වරුණ මහතාට නො පෙනෙයි.

ආලෝකයේ වේගය ඉක්‌මන වේගයකින් සන්නිවේදනය කළ නොහැකි බව අයින්ස්‌ටයිනීය සාපේක්‌ෂතාවාදයන්හි මූලික සංකල්පයකි. අසූව දශකයේ දී ප්‍රංශ ජාතික විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ විසින් පෙන්වා දෙනු ලැබූයේ පැටලුණු ක්‌වොන්ටම් අංශූ ආලෝකයේ වේගය ඉක්‌මවා සන්නිවේදනය කළ බවයි. එහෙත් අයින්ස්‌ටයිටනීය සාපේක්‌ෂතාවාදය මිථ්‍යාවක්‌ ලෙස වරුණ මහතාට නො පෙනෙයි.

ක්‌වොන්ටම් භෞතිකය අසම්පූර්ණ යෑයි පැවසීම සඳහා “දෙවියන් වහන්සේ ” දාදු සෙල්ලම් නො කරන බව අයින්ස්‌ටයින් ප්‍රකාශ කළේ ය. එහෙත්, බටහිර ඉහළ ම බුද්ධිමතා මිථ්‍යාදෘෂ්ටිකයකු ලෙස වරුණ මහාතාට නො පෙනෙයි.

බටහිර විද්‍යාවේ යමක්‌ සත්‍ය බව පෙන්වීම සඳහා එය සාධාරණ වශයෙන් ඔප්පු කළ යුතු ය. අසත්‍ය බව පෙන්වීමට එක්‌ ප්‍රති – නිදසුනක්‌ ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වෙයි. බටහිර විද්‍යාවේ දියුණු ම දැනුම පද්ධතීන්වලට අදාළව ඉහත ප්‍රති – නිදසුන් ඉදිරිපත් කෙරිණි. එබැවින්, දැන් වරුණ මහතා සහ එතුමා ගේ ඊනියා අපක්‌ෂපාතී විද්‍යාඥයෝ බටහිර විද්‍යාව මිථ්‍යාවකැයි ප්‍රකාශ කර බැහැර කළ යුතු ව ඇත.

වරුණ මහතාට අනුව, බටහිර විද්‍යාව ඇදහීමක්‌ නො වෙයි. එසේ නම්, එතුමා බටහිර විද්‍යාව පිළිගන්නේ එහි සියලු ම දැනුම් අධ්‍යයනය කර, පර්යේෂණ කර අවබෝධ කරගෙන විය යුතු ය. එබැවින් එතුමා ගේ වයස අඩු ම තරමින් සියවස්‌ කිහිපයක්‌ වත් විය යුතු යෑයි සිතමි.

බටහිර විද්‍යාවේ හරයේ ම ඇති පරස්‌පරවලින් සුළු ප්‍රමාණයක්‌ ඉහත ඉදිරිපත් කළෙමි. බටහිර විද්‍යාව මිථ්‍යාවකැයි නිගමනය කිරීමට එය ම ප්‍රමාණවත් වුවත්, වරුණ මහතා එසේ නො කරයි. ඒ වෙනුවට එතුමා සිදු කරනුයේ කසිකබල් බටහිර විද්‍යාව අනුව යමින් සිංහල බෞද්ධ සංස්‌කෘතිකාංග මිථ්‍යාවක්‌ යෑයි ගැරහීමයි. එම උත්සාහය සම වන්නේ නහයෙන් රස බැලීමට උත්සාහ කිරීම වැනි මුග්ධ ප්‍රයන්තයන්ට ය.

බටහිර ඉහළ ම බුද්ධිමතුන් දෙදෙනා වන අයින්ස්‌ටයින් හා නිව්ටන්, තමන් දෙවියන් විශ්වාස කරන බව ප්‍රකාශ කළ විට ඔවුන් මිථ්‍යාදෘෂ්ටිකයින් යෑයි කීමට කිසිවෙක්‌ ඉදිරිපත් නො වූ හ. රාමනුජන්, දෙවියන් ගේ උපකාරයෙන් තමන් ගණිත ශ්‍රේණි ලබාගත් බැව් පැවසූ විට කිසිවෙක්‌ ඔහුට මිථ්‍යා දෘෂ්ටිකයෙකැයි අපහාස නො කළ හ. ඒ වෙනුවට බටහිර ගණිතඥයන් විසින් සිදු කරනු ලැබූයේ ඔහු ගේ ගණිත ශ්‍රේණි විස¹ බලා පිළිගැනීමයි.

එහෙත් දෙවියන් ගේ ද යම් ම`ගපෙන්වීමක්‌ ඇති ව විද්‍යාත්මක ක්‍රමවේද යොදාගනිමින් රජරට වකගුඩු රෝගයට මූලික හේතුව ආසනික්‌ බවත්, ඒවා කෘෂි රසායනිකවලින් පොළොවට එක්‌ වන බවත් හෙළි කළ විට බටහිර විද්‍යාඥයන්ට අලගු තැබීමට වත් නොහැකි , එහෙත් තමන් ද විද්‍යඥයන් යෑයි සිතා සිටින පිරිසක්‌ සහ ඔවුන් ගේ බැලයින් පිරිසක්‌ කළේ කිසි ම සොයා බැලීමක්‌ නො කොට පර්යේෂණ කණ්‌ඩායමට අපහාස කිරීමයි. පසුව බටහිර රසායන විද්‍යාවට අනුව මෙය පෙන්වා දුන් විට ද නො පිළිගැනිණි. ඊටත් පසුව, ආසනික්‌ ඇති බව පරීක්‌ෂණාත්මකව පෙන්වා දීමට කැලණිය සරසවියට පැමිණෙන ලෙස ආරාධනා කළත් මොවුහු පැත්ත පළාතක නො ගිය හ. ඊනියා අපක්‌ෂපාතී විද්‍යාඥයන් ගේ කෙරුවාව එපරිදි වේ. මොවුන් අතර සරසවි ආර්යවරු ද වෙති.

දෙවියන් ඉන්ද්‍රිය ගෝචර නො වන බැවින් එය මිථ්‍යාවකැයි පවසන පඩියන් ගුරුත්වාකර්ෂණයත් ඇතුළුව දහසකුත් එකක්‌ ඉන්ද්‍රිය ගෝචර නො වන බටහිර සංකල්ප පිළිගන්නේ හිස්‌ මුදුනිනි.

මෙහි දී විශේෂ කරුණක්‌ සඳහන් කළ යුතු ය. තමන් දෙවියන්වහන්සේ විසින් තෝරාගන්නා ලද පිරිස බව, බටහිර විද්‍යාවේ වර්ධනයට ඉහළ ම දායකත්වයක්‌ සපයන යුදෙව්වන් ගේ විශ්වාසයයි.

බටහිර අධිරාජ්‍යවාදය අද ලොව පාලනය කරනුයේ ප්‍රධාන වශයෙන් ම එහි සංස්‌කෘතික සංරචකය හරහා ය. එහි ද අධ්‍යාපනය හා ජනමාධ්‍ය ප්‍රමුඛ වෙයි. ලංකාව ද ඇතුළු මුළු ලොවේ ම ඇත්තේ බටහිර ආකෘයෙහි ජනමාධ්‍ය ය. එහි දී විද්යුත් හා මුද්‍රිත වශයෙන් වෙනසක්‌ නැත. එවායින් ලබා දෙන දැනුම මුළුමනින් ම පාහේ බටහිර වෙයි. අපේ දැනුමට ලබා දෙන්නා වූ ඉතා ම සුළු ඉඩ පවා බොහෝ විට ලබා දෙනුයේ අදාළ මාධ්‍ය ආයතනවල ඇතැයි කියවෙන ඊනියා අපක්‌ෂපාතීත්වයක්‌ පෙන්වීමට ය. විදුසර ඇතුළු උපාලි පුවත්පත් සමාගම සහ තවත් අතළොස්‌සක්‌ මාධ්‍ය ආයතන එයින් වෙනස්‌ වුවත්, සමස්‌ත මාධ්‍ය ආයතන ප්‍රමාණය සැලකූ විට අපේ දැනුමට ලැබෙන අවකාශය ඉතා ම අවම වෙයි. ජනමාධ්‍ය මිථ්‍යා මත වපුරන්නේ යෑයි වරුණ මහාතාට පෙනෙන්නේ අපට ලබා දෙන එම සුළු අවකාශය ය. එහෙත් එම සුළු අවකාශය පවා අපට අහිමි කිරීමට උත්සාහ කරන පිරිස්‌ වෙති. ඒ අතර එක්‌තරා කුහක බටහිර වෛද්‍යවරයෙක්‌ ද සිටින බවත් ඔහු මාධ්‍ය ආයතනවලට බලපෑම් කරමින් සිටින බවත් අපි දනිමු. ඔවුන් ගේ ඊනියා මාධ්‍ය සාදාචාරයත්, වෘත්තීය සදාචාරයත් එයාකාර වෙයි.

වරුණ මහතා ගේ අර්ථයෙන් නො වුවත් ජනමාධ්‍ය මිථ්‍යාවන් වපුරමින් සිටින බව සත්‍යයකි. එයට හේතුව, ජනමාධය තුළින් ලබා දෙන දැනුම මුළුමනින් ම පාහේ බටහිර දැනුම වීමයි. එමෙන් ම වරුණ මහතා පවසන “මීඩියා චරිත” හා “මීඩියා ඔස්‌තාර්ලා” අන් කවරකුත් නො ව, ඉහත සඳහන් කළ කුහක බටහිර වෛද්‍යවරයා වැනි බටහිර මත වපුරමින් , සිංහල බෞද්ධ දැනුමට පහර ගසන පුද්ගලයන් ය.

තෙෂාන් ප්‍රියදර්ශන
ස්‌වභාවික විද්‍යා පීඨය
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය

Read Full Post »

නූගත් දේශපාලකයන් රටක අවාසනාවය


පෙර ලිපිය හා සබැඳේ.

ඇත්තටම ලංකාව දියුණු නොවුනේ ඉතා සංකීර්ණ, ඉලෙක්ට්‍රෝන/ගුරුත්වාකර්ශණය වැනි තේරුම්ගැනීමට අපහසු හේතුවක් නිසා නොව මේ පින්තූර වල සිටිනා උදවියගේ ආනුභාවයෙනි. ඒ අතරින් කිහිපදෙනෙක් දැනටත් අනාගතයේදීත් ලංකාව දියුණු නොවන තැනට වැඩ අල්ලන්න ඉන්නා උදවියයි.

මේ ලංකාවේ දේශපාලන නායකයන් වෙති. ඔවුන්ගේ භූමිකාව තවලමක නායක ගොනාගේ චරිතය රඟදැක්වීමයි. අනික් ගොනුන්, ඔටුවන් හා බූරුවන්ද නායකයා යන දිශාවටම යති. ඔවුන් කිසිවෙක් හරිහමන් අධ්‍යාපනයක් නොලැබූ අය වෙති. අතරින් පතර කිහිපදෙනෙක් නීතිඥයන් යයි කියනා නමුත් නීතීඥයෙක් යනු රටක් දියුණු කලහැකි දැනුමක් ඇතිඅය නොවේ. (මෙම ලිපිය කියවන නීතීඥයන් අමනාප වියහැකි වුවත් සත්‍යය කටුකය)

විද්‍යාව හා තාක්ෂණය ගැන අඩු තරමේ පාසල් අධ්‍යාපනයවත් නිසියාකාරව නොලද දේශපාලකයන් රටේ නායකත්වයට පත්වනතාක් කල් ලංකාව නොදියුණු ගෝත්‍රිකයන්ගේ පාරාදීසයක් ලෙසම පවතිනු ඇත.

Update: Sept 26,2012
සූස්තිගුණේ මේ ගැන ගැඹුරින් හැදෑරීමක් කර ඇත.

Read Full Post »

පහත උපුටා දක්වන්නේ ගොසිප්9 අඩවියේ පලකර තිබුනු කොමෙන්ටුවකි. මා දකින මොහොතේ එයට ධන ප්‍රතිචාර ලැබී තිබුනි.

ඇත්තටම ඕපපාතිකයන් ඉන්නවාද?

Read Full Post »


ලාංකික සිංහලයන් එළියෙන් අඳුරට ගෙනයාමට උත්සාහ කරන මේ නූතන හමීඩ් අල් ගසාලි කවුද? කරුණු විමසා බලා ඔබම සොයාගන්න.

පුරාණ අල් ගසාලි කවුදැයි දැන ගැනීමට පහත වීඩියෝ නරඹන්න.



Read Full Post »

Older Posts »