Feeds:
Posts
Comments

Archive for October, 2012

Advertisements

Read Full Post »

රජරට වකුගඩු රෝගයට ප්‍රමුඛ සාධකය එහි ජලයට, කුඹුරුවලට ආසනික්‌ මිශ්‍ර වීම බවට මූලික පිළිගැනීමක්‌ විය. පසුව මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ මේ පිළිබඳ පරීක්‍ෂණයක්‌ පවත්වා රජරටට ආසනික්‌ මිශ්‍ර වී ඇත්තේ කෘමිනාශක මගින් බව ප්‍රකාශයට පත් කළේය. නලින් ද සිල්වාගේ පර්යේෂණයට මූලික වූ පදනම විමසන ලදුව දැන ගැනීමට ලැබුණේ නාථ දෙවියන් වෙතින් ලැබුණ මගපෙන්වීමක්‌ අනුව මෙම තොරතුරු ලැබුණු බවය. එහි විද්‍යාත්මක පදනමක්‌ නැති බවත් විඥනවාදී බවක්‌ කියූ මේ රටේ විද්වත්තු එම වාර්තාව කෙරෙහි සැක පහළ කර නලින් ද සිල්වා මහාචාර්යතුමාට පහර දෙන්නට පටන් ගත්හ. එතැන් සිට අද දක්‌වාම, රජරට වකුගඩු රෝගය ගැන සෙවීමට වඩා නලින් ද සිල්වාට පහර දීමට වැය කෙරුණු කාලය වැඩිය.
~ Divaina 23rd Oct 2012

නලින් ද සිල්වා ඇතුළු කණ්ඩායම තවමත් කියා සිටින්නේ වකුගඩු රෝගයට හේතුව ආසනික් බව තමන් දැනගත්තේ නාථ දෙවියන්ගෙන් බවයි. ලංකාවේ සිටින අද්භූත කතා විමසා බැලීමකින් තොරව පිලිගන්නා මිනිසුන්ටද එය පරම සත්‍යයක්ම විය. එසේ වන්නට ඇත්තේ දෙවියන් සිටිනා බවත් දෙවියන් මිනිසුන් සමග ගණුදෙනු කරනා බවටත් විශ්වාසයක් ශතවර්ෂ ගණනක් තිස්සේ පවතින නිසා විය හැක. නමුත් ආසනික් කථාව නාථ දෙවියන්ගෙන් දැනගත් බව කී ගැහැණිය කර ඇත්තේ තනිකරම බොරුවක් බව පහත සාක්ෂි විමසා බැලීමෙන් පාඨක ඔබට වැටහෙනු ඇත.

බංග්ලාදේශයේ මිනිසුන් අතරත් ලංකාවට සමාන වකුගඩු රෝගයක් පවතින බවත් එයට හේතුව ආසනික් බවත් මීට වසර 13කට පමණ පෙර සොයාගෙන තිබුනි.

දකුණු ආසියාතික රටවල්වල වකුගඩු රෝග පිලිබඳව අන්තර්ජාලයේ සෙවීමක් සිදුකල විට අවශ්‍යතරම් කරුණු සොයා ගත හැක.

ගූගල් දෙවියාගෙන් අහන්න දෙකවසරේ ඉගෙන ගන්නා දරුවෙකුටත් පුළුවන්

  • නාථ දෙවියන්ගෙන් ආසනික් ගැන දැන ගත්තා යයි නලින් ද සිල්වා බොරුවක් කීවේ ඇයි?
  • මා සිතන්නේ මෙය හිතාමතා කල බොරුවක් නොවන බවයි. භාවනා කර හිත දියුණු කර ගත්තා යයි කියන ගැහැණිය අන්තර්ජාලය ඔස්සේ මේ පිලිබඳව තොරතුරු සොයාගෙන ඒය තමන් නාථ දෙවියන්ගෙන් දැනගත් බවට කියන්නට ඇතැයි උපකල්පනය කල හැක.

  • බංග්ලාදේශයේ ආසනික් ප්‍රශ්නය වෙනත් පඬියෙකුට සොයා ගන්නට බැරි උනේ ඇයි?
  • ලංකාවේ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය යාන්ත්‍රණය හා බැඳුණු ප්‍රශ්නයකි. ඔවුන්ට රැකියාව යනු ජීවනෝපායක් පමණකි.

  • වකුගඩු ප්‍රශ්නයට විසඳුම මොකක්ද?
  • බංග්ලාදේශය වැනි මේ ප්‍රශ්නයට මුහුණ දෙන රටවල් මේවන විට ගෙන ඇති පියවර විමසා බලා සුදුසු විසඳුමකට යා යුතුය.

Read Full Post »

නිරාගමිකයන් නෝටි යයි පෙරමුණේරාලගේ අඩවියේ ලිපියක් පලවී තිබුනි. නෝටි වීමට හේතුව ඔවුන් බුද්ධාගම හා ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් දෙයාකාරයක සැලකීමක් දක්වනවා කියාය. මමත් කිසිම ආගමික කල්ලියකට බැඳී නැති නිසා ඉහත කී නෝටි තොප්පිය දාගතිමි. නමුත් වචනාර්ථයෙන් ගත් කල නිරාගමිකවීම හා කිසිදු ආගමකට නැතිවීම යනු එකක්මද?

නිරාගමිකයෙක් යයි කී විට මගේ සිහියට නැගෙන්නේ බෞද්ධාගමිකයෙක්, කතෝලිකයෙක් හෝ ඉස්ලාමිකයෙක් වැනි කල්ලිවාදී සංකල්පයක් ය.

නීල් ඩිග්‍රාස් ටයිසන් නම් විද්‍යාඥයා විසින් ඉදිරිපත් කොට තිබූ මීට තරමක් අදාල සරල විග්‍රහයක් පහත වීඩියෝවේ ඇත. එහිදී ඔහු කථාකරන්නේ ඒතියස්ට් (Atheist) හෙවත් දෙවියන් විශ්වාස නොකරන්නන් හා ඇග්නෝස්ටික් (Agnostic) හෙවත් දෙවියන් පවතිනවාද නොදන්නා අය ගැනය. ඔහු ඉදිරිපත් කරන මතය සමග මගේ එකඟත්වයක් ඇත. අහවල් දෙවියා ලෝකය මැව්වා යයි හෝ නිවනක් ඇතැයි කියා හෝ කල්ලියක් සෑදී ඒගැන අදහස් හුවමාරු කරගැනීම කල හැකිය. තමන්ට ආගමක් නැතිවීම ගැන සංගම් පිහිටුවීමට හෝ කල්ලි බිහි කිරීම අනවශ්‍යය.

උදාහරණ ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට කැමති අය ක්‍රිකට් සමාජ පිහිටුවීම හෝ වොලිබෝල් ක්‍රීඩාවට කැමති අය වොලිබෝල් සමාජ පිහිටුවීමත් සිදු කරයි. නමුත් ක්‍රිකට් ක්‍රීඩා නොකරන්නන්ගේ සමාජ හෝ වොලිබෝල් ක්‍රීඩා නොකරන්නන්ගේ සමාජ පිහිටුවීම විහිලුවකි.

එසේම ආගමක් නැති සියළු දෙනා එකම කුලකටකට දමා කථා කිරීම තේරුමක් නැති වැඩකි.

Read Full Post »

මේ අදහස මට හරියටම මීටර් උනේ නැත. නමුත් ලලිත් වීරතුංග කියන්නේ නැණසලකට ගොස් අපේ ජීවිත “සුඛිත මුදිත” කරගත හැකි බවකි.

Read Full Post »

Read Full Post »

ලංකාවේ පාසල් අධ්‍යාපනය “ලෙඩා ගෙදර යවා නිරෝගී අය නතර කරගෙන ප්‍රතිකාර කරන රෝහලක් වැනිය” කියා කවුදෝ විද්වතෙක් කියා තිබුනි.

මා සමග පස්වන ශ්‍රේණිය තෙක් පන්තියේ සිටි අය සලකා බැලූ විට බොහෝ දෙනෙකු පාසල් ජීවිතයට ආයුබෝවන් කියා ගොවිතැන් කිරීමට සහ සති පොලවල් වල එළවළු විකිණීමට යොමුවූ බව මට මතකය. ඔවුන් කිසිවෙක් ඉගෙනීමේදී දක්ෂතාවයක් දැක්වූ අයද නොවීය. සමහරුන් වසර දෙක තුනක් එකම පන්තියේ ගතකලවුන් විය. ඔවුන් බොහෝවිට ගුරුවරුන්/වරියන්ගේ සමච්චලයට ලක්වූ බවද වේවැල් පහරවල් කෑ බවද මට මතකය.

ඔවුන් ඉගෙනීමට අසමත් වූයේ තමන්ගේ නිවසේ තිබූ ආර්ථික හා පවුල් ප්‍රශ්න නිසාත් ඔවුන් කෙරෙහි ගුරුවරුන් දැක්වූ අඩු අවධානය නිසාත් බව පසු කලෙක මම අවබෝධ කරගතිමි.

ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමය අනුව ඉගෙනීමට දුර්වල සිසුන් එසේ දුර්වල වීමට හේතු සොයා ඒවාට පිලියම් කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්ව වැඩිදුර අධ්‍යාපනය ලැබීමෙන් වලක්වා කය වෙහෙසා කරන රැකියාවල් කරා යොමු කෙරේ.

අධ්‍යාපනය හා ලංකාවේ ආර්ථිකය

වර්ථමාන ක්‍රමය අනුව රටේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් සපයන්නේ ඉගෙන නොගත් හෝ වැඩියෙන් ඉගෙන නොගත් මිනිසුන්ය.

Read Full Post »