Feeds:
Posts
Comments

Archive for November, 2012

  • සැටලයිට් එක හැදුවේ කවුද?
  • ඒක උඩ යැව්වේ කවුද?
  • උඩ ගිය එක පාලනය කරන්නේ කවුද?
  • ඔය සැටලයිට් එකෙන් අපිට තිබෙන ප්‍රයෝජන මොනවාද?
  • ඕක යවපු එකෙන් චීන්නුන්ට ඇති ප්‍රයෝජනය මොකක්ද?
  • ඕකට වියදම් කරන්නේ කවුද?
  • මේ නිසා කොහොමද අපි අභ්‍යවකාශ යුගයට යනවා කියන්නේ?

  • ගහෙන් වැටුනා වගේ අවජාතකව බිහිවූ සුප්‍රීම් කොම්පැනිය කාගේද?
  • අපට ආශ්චර්යය ලබා දෙන්නට සුප්‍රීම් වෙත පැවරුවේ කවුද/ඇයි?

Read Full Post »

පසුගිය දින කිහිපයේ ලියන්නට මාතෘකා වැඩිවී තිබූ නිසා එකදු ලිපියක් හෝ ලිවීමට නොහැකි විය. අය-වැය ගැන සාර්ථක ලිපියක් ලියාවි යයි බලාපොරොත්තු තැබූ බ්ලොග්කරුවන් කිහිප දෙනෙකුද වෙනත් සමයං ලියා තිබුනි.

අද පුවත්පත් වල වාර්තා කර තිබුනු මගේ අවධානය යොමුවූ පුවත් කිහිපයක් පහත ඉදිරිපත් කරමි.

සෙවනගල සහ මනම්පිටිය ප්‍රදේශවලට ඇදහැළුණු රතු වැස්‌ස පිටසක්‌වල ජීවී ප්‍රහාරයක්‌ද නැත්නම් දූවිලි හෝ අම්ල මිශ්‍ර වැස්‌සක්‌ දැයි සොයා බැලීමට පරීක්‍ෂණ ආරම්භ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි.

මෙවැනි වැසි ඇතිවීමට හේතු ලෙස ජලයේ ඇති රතුපැහැති ඇල්ගීජල වාෂ්ප සමඟ මුසුවී ඉහළ අහසට යැම, පරිසරයේ ඇති දූවිලි වාතයට එක්‌වීම ආදිය දැක්‌විය හැකි බව වෛද්‍ය සමරනායක මහතා පැවැසීය. 2001 දී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට නිතර ඇදහැළුණු රතු වැසි සම්බන්ධව කළ පරීක්‍ෂණවලදී එම ජලය සමඟ උල්කාපාතවල දූවිලි මිශ්‍රවී තිබූ බවත් එහි පෘථිවියට ආවේණික නොවූ ක්‍ෂුද්‍ර ජීවින් විශේෂයක්‌ සිටි බව අනාවරණය වී තිබූ බවත් හෙතෙම කීවේය.

~Divaina

පෘථිවියට ආවේණික නොවන ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ කෙබඳු ක්ෂුද්‍රජීවීන්ට ද? උදාහරණයක් ලෙස මී හරකා ලංකාවට ආවේණික සතෙක් නොවේ. උන් වෙන රටවල් වලද සිටී. මුන්ට පිස්සු!

සිල් ගත් යක්කු

වසර 26 ක්‌ තුළ රාජ්‍ය නොවන ආයතන දෙකක්‌ විසින් මේ රටේ නීති විරෝධී ගබ්සා කිරීම් 8,81,077 ක්‌ (අට ලක්‍ෂ අසූඑක්‌ දහස්‌ හැත්තෑ හතක්‌) සිදුකර ඇතැයි බොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

එයින් ගබ්සා කිරීම් 8,77,963 ක්‌ම සිදුකර ඇත්තේ විවිධ උපකරණ භාවිතයෙන් බව සහ සෙසු ගබ්සා කිරීම් සඳහා විවිධ පෙති හා කරල් භාවිත කර ඇති බව තහවුරු වී ඇතැයි උන්වහන්සේ පැවැසූහ. එසේම අදාළ රාජ්‍ය නොවන ආයතන දෙක වසර 25 කට වැඩි කාලයක්‌ තිස්‌සේ වඳ සැත්කම් සිදුකරමින් මේ රටේ සිංහල ජාතිය සහමුලින්ම නැතිකර දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කරගෙන යන බවත්, මෙයට දෙමළ ප්‍රජාවද ගොදුරුවී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
~Divaina

“සිංහල ජාතිය සහමුලින්ම නැතිකර දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌” යනු ජනයා කුපිත කරන පදනම් විරහිත තර්කාභාසයකි. මුන්ටත් පිස්සු! 😀

Read Full Post »

රටට ද්‍රෝහී උනත් රජුට ද්‍රෝහී නොවන්න

අගවිනිසුරුත් මගේ එකෙක් කියා පාරම්බෑ රජු

කෙනෙක් රටට ද්‍රෝහී උනාට තමාට හානියක් නොවෙතැයි අපට සිතිය හැක. රට පලිගන්නේ නැත. සැබවින්ම තමන්ට හානියක් වනුයේ රටට නොව රජුට ද්‍රෝහී වීමෙන්ය.

දෝශාභියෝගයේ එක් මොලකරුවෙක්

නාටකය පටන්ගත්තා පමණි! මීලඟ ජවනිකාව ශිරාණි බණ්ඩාරනායක තනතුරින් පහකර වංචා නඩු හා විනිමය නීති උල්ලංඝණය කිරීමේ නඩු පැවරීම.
ඉන්පසුව නව අගවිනිසුරු (හෙවත් මහින්දගේ එකෙක්) යටතේ දිවි නැගුම පනත සම්මත වීම.

Read Full Post »

සමහරු බිය, පිලිකුල හා තරහව උපදවන දර්ශන බලන්නට කැමැත්තක් දක්වන්නේ ඇයි?


ගාල්ල නගරයේදී මිනිසෙකු කපා කොටා තුවාල සිදුකර ඔහුට මැරෙන්නට ඉඩදී එම දර්ශනය වීඩියෝ ගත කර තිබුනු බවට පුවතක් විය. මීට ටික කලකට පෙර තම මවගේ කඳින් වෙන්වුණු හිස බදාගෙන විලාප තබන දියණියකගේ දර්ශණයක් ද දුම් රියට යටවී දෙකට කැඩුණු තරුණයෙකුගේ දර්ශණද මේ අයුරින්ම වීඩියෝ කලේ අපේම රටේ ඇත්තෝය.

නරඹන්නන් මේ ලබන්නේ මුදල් ගෙවා ලබා ගත නොහැකි ආශ්වාදයයි. ඔවුන් මේ වීඩියෝ කරගත් දර්ශන නැවතත් බලමින්ද තම පවුලේ අය මිතුරු මිතුරියන් හා එන්ජෝයි කිරීමද සිදුකරයි.

මේ කාලයක් තිස්සේ මම පිලිතුරු සෙවූ ගැටළුවක්. මට සිතන්නේ මිනිසා පරිණාමය වීමේදී තවමත් ඉතිරි වී ඇති අනවශ්‍ය ජානයක් මෙයට හේතුවක් බවයි.

ලියන්න හිතුනේ ඇල්කෙමියාගේ පෝස්ටුවක් නිසාය.

Read Full Post »