Feeds:
Posts
Comments

Archive for the ‘නීතිය’ Category

මිනී මැරුමක් සම්බන්ධයෙන් සැකපිට වාස් ගුණවර්ධන නම් පොලිස් නිලධාරියා රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතිබව වාර්තාවේ. මේ ඒ මහතා අත් අඩංගුවේදී තමන්ට විඳින්නට සිදුවූ ගැහැට පිලිබඳව රැඩිකල් අදහස් වෙබ් අඩවිය වෙත කරන ලද විශේෂ ප්‍රකාශයකි.

මාව කූඩුවෙන් එළියට අරන් මාංචු දමා, බෙල්ලෙන් අල්ලාගෙන පොලිසියේ පිටුපස පිහිටි නිල නිවාසයකට ගෙන ගියා. ඇතුලට ගෙන ගිය ගමන් සාලයේ බිම වාඩි කෙරෙව්වා.එහි කෑම මේසයක් හා පුටු තිබුනා. මාව ගෙන ආ, එක් නිලධාරියෙක් අතේ කොච්චි මිරිස් පාර්ෂලයක් තිබුනා. … පොලිස් නිලධාරී රවීන්දු පුෂ්ප කුමාර හිටියේ නිල ඇඳුමින්. අනෙක් දෙදෙනා හිටියේ සිවිල් ඇඳුමින්…. ඇත්ත කියපන්, අපෙන් ගුටි කන්නේ නැතිව, ගුටි කෑවොත් ආයෙත් උඹට රස්සාවක් කරන් කන්න වෙන්නේ නැහැ කිව්වා…… ඉන් පසු පොලිස් නිලධාරී රවීන්ද්‍ර පුෂ්ප කුමාර එහි තිබූ සපත්තුවක් තුල තිබුන මේස් එකක් ගත්තා. එ්ක තුලට මේසය උඩ තිබ්බ කොච්චි දැම්මා. අතේ තිබුන අඩි 1 1/2 – 2ක් පමණ වන එස්ලෝන බටයෙන් , මේස් එක තුල තිබූ කොච්චි මිරිස් තැලූවා. එකට වතුර ටිකක් දැම්මා…….මාව බිම දිගා කලා. එතැනට පැමිණි තරුණ නිලදාරියෙක් මගේ සරම ගලවා විසි කලා. ඊට පසු ඔහු මා ඇඳ සිටි යට කලිසම ඇද පාත් කලා. ඉන් පසු ඔහු මගේ කකුල් දෙකේ විලූඹ පාත්කර තදකර අල්ලා ගත්තා. අනෙක් නාලධාරියා මගේ කොණ්ඩෙන් අල්ලා පොලවට තද කලා.
එයින් පසුව, රවීන්ද්‍ර පුෂ්ප කුමාර මේස් එක මිරිකමින් මගේ ඇස් වලට මිරිස් ඉස්ම වක්කලා. ඇස් ඇතුලට මිරිස් ඉස්ම යන්න ඔලූව අල්ලාගෙන හිටි නිලධාරියා, එක් අතකින් මගේ ඇස් වැසෙන්නට නොදී අල්ලා ගත්තා……. මට දරා ගන්න බැරි වේදනාවක් ආවා. ඇස් නොපෙනී ගියා. එ් වෙලාවේ මම දැගලූවා. මූට ගාය වැඩියි කියමින් ඔවුන් මාව නැගිට්ටවලා ෂර්ට් උරහිස් පන්නලා, ඇද ෂර්ට් එක ගැලෙව්වා. අත්වල මාංචු වලට ෂර්ට් එක හිරවුනා. නැවත මා උඩුපෙලි අතට බිම පෙරලා, පුටු දෙකක් අරගෙන මගේ ඇඟ හිරවෙන්න තිබ්බා…… මගේ මුහුණ පැත්තට තිබූ පුටුවේ, රවීන්ද්‍ර පුෂ්ප කුමාර පොලිස් නිලධාරීවරයා වාඩි වුනා. එ් පිටුව තිබුනේ මගේ පපුව හිරවෙන්න….. අනෙක් පුටුවේ අනිත් නිලධාරියා වාඩි වුනා. ඔහු මගේ දණහිස් දෙක උඩ කකුල් තබාගෙන පොලවට තද කලා. අනෙක් නිලධෘරියා මගේ කකුල්වලට එහායින් පුටුවක් තබා එහි වාඩිවී, විලූඹ පහත්කොට, කකුල් වලින් පාගාගෙන හිටියා………. රවීන්ද්‍ර පුෂ්ප කුමාර, නැවත මගේ ඇස්වලට කොච්චි මිරිස් ඉස්ම මිරිකන්න පටන්ගත්තා. ……. එසේ කරලා, මූට මෙහෙම කරලා හරියන්නේ නැහැ කියා, පුටුවෙන් නැගිට පැමිණ පාත් වෙලා මගේ යට ඇඳුම් තවත් පාත් කරලා ඔහු අතේ තිබුන එස්ලෝන් බටයෙන් මගේ පුරුෂ ලිංගයේ මතුපිට සම පස්සට ඇද, කොච්චි මිරිස් ඉස්ම එතැන මිරිකා වක්කලා. එම ඉස්ම බේරී මාගේ ගුදමාර්ගයට ඇතුලූ වුනා. මා දැඩි වේදනාවෙන් පෙලූනා. ගුද මාර්ගයෙන් එලියට යමක් ආවා වගේ දැනුනා. මා මලපහ කරන වට, එ තත්වය දැන් දිගටම ඇති වෙනවා…….. එසේ මා වේදනාවෙන් පෙලෙන අතර, මගේ කකුල් දෙක පාගගෙන සිටිය තරුණ පොලිස් නිලධාරියා අසභ්‍ය වචන කියමින්, බොට නංගිලා දෙන්නෙක් ඉන්නවා නේද, දෙන්නම ”බඩු ”දෙකක් නේද ආදී වචන කියමින් මාව පීඩාවට පත්කලා…….


සම්පූර්ණ විස්තරය මෙතනින් කියවන්න

Advertisements

Read Full Post »

kekille-courts

ඇස් බැඳගෙන ඉන්න කෙනෙකුට මේවගේ තරාදියකින් බර කිරන්න බැහැ. අධිකරණයත් අන්න ඒවගේ. ඡායාරූපය මාතලන්ගේ බ්ලොගයෙන්.

Read Full Post »

පසුගිය දින කිහිපයේ ලියන්නට මාතෘකා වැඩිවී තිබූ නිසා එකදු ලිපියක් හෝ ලිවීමට නොහැකි විය. අය-වැය ගැන සාර්ථක ලිපියක් ලියාවි යයි බලාපොරොත්තු තැබූ බ්ලොග්කරුවන් කිහිප දෙනෙකුද වෙනත් සමයං ලියා තිබුනි.

අද පුවත්පත් වල වාර්තා කර තිබුනු මගේ අවධානය යොමුවූ පුවත් කිහිපයක් පහත ඉදිරිපත් කරමි.

සෙවනගල සහ මනම්පිටිය ප්‍රදේශවලට ඇදහැළුණු රතු වැස්‌ස පිටසක්‌වල ජීවී ප්‍රහාරයක්‌ද නැත්නම් දූවිලි හෝ අම්ල මිශ්‍ර වැස්‌සක්‌ දැයි සොයා බැලීමට පරීක්‍ෂණ ආරම්භ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි.

මෙවැනි වැසි ඇතිවීමට හේතු ලෙස ජලයේ ඇති රතුපැහැති ඇල්ගීජල වාෂ්ප සමඟ මුසුවී ඉහළ අහසට යැම, පරිසරයේ ඇති දූවිලි වාතයට එක්‌වීම ආදිය දැක්‌විය හැකි බව වෛද්‍ය සමරනායක මහතා පැවැසීය. 2001 දී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට නිතර ඇදහැළුණු රතු වැසි සම්බන්ධව කළ පරීක්‍ෂණවලදී එම ජලය සමඟ උල්කාපාතවල දූවිලි මිශ්‍රවී තිබූ බවත් එහි පෘථිවියට ආවේණික නොවූ ක්‍ෂුද්‍ර ජීවින් විශේෂයක්‌ සිටි බව අනාවරණය වී තිබූ බවත් හෙතෙම කීවේය.

~Divaina

පෘථිවියට ආවේණික නොවන ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ කෙබඳු ක්ෂුද්‍රජීවීන්ට ද? උදාහරණයක් ලෙස මී හරකා ලංකාවට ආවේණික සතෙක් නොවේ. උන් වෙන රටවල් වලද සිටී. මුන්ට පිස්සු!

සිල් ගත් යක්කු

වසර 26 ක්‌ තුළ රාජ්‍ය නොවන ආයතන දෙකක්‌ විසින් මේ රටේ නීති විරෝධී ගබ්සා කිරීම් 8,81,077 ක්‌ (අට ලක්‍ෂ අසූඑක්‌ දහස්‌ හැත්තෑ හතක්‌) සිදුකර ඇතැයි බොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

එයින් ගබ්සා කිරීම් 8,77,963 ක්‌ම සිදුකර ඇත්තේ විවිධ උපකරණ භාවිතයෙන් බව සහ සෙසු ගබ්සා කිරීම් සඳහා විවිධ පෙති හා කරල් භාවිත කර ඇති බව තහවුරු වී ඇතැයි උන්වහන්සේ පැවැසූහ. එසේම අදාළ රාජ්‍ය නොවන ආයතන දෙක වසර 25 කට වැඩි කාලයක්‌ තිස්‌සේ වඳ සැත්කම් සිදුකරමින් මේ රටේ සිංහල ජාතිය සහමුලින්ම නැතිකර දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කරගෙන යන බවත්, මෙයට දෙමළ ප්‍රජාවද ගොදුරුවී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
~Divaina

“සිංහල ජාතිය සහමුලින්ම නැතිකර දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌” යනු ජනයා කුපිත කරන පදනම් විරහිත තර්කාභාසයකි. මුන්ටත් පිස්සු! 😀

Read Full Post »

රටට ද්‍රෝහී උනත් රජුට ද්‍රෝහී නොවන්න

අගවිනිසුරුත් මගේ එකෙක් කියා පාරම්බෑ රජු

කෙනෙක් රටට ද්‍රෝහී උනාට තමාට හානියක් නොවෙතැයි අපට සිතිය හැක. රට පලිගන්නේ නැත. සැබවින්ම තමන්ට හානියක් වනුයේ රටට නොව රජුට ද්‍රෝහී වීමෙන්ය.

දෝශාභියෝගයේ එක් මොලකරුවෙක්

නාටකය පටන්ගත්තා පමණි! මීලඟ ජවනිකාව ශිරාණි බණ්ඩාරනායක තනතුරින් පහකර වංචා නඩු හා විනිමය නීති උල්ලංඝණය කිරීමේ නඩු පැවරීම.
ඉන්පසුව නව අගවිනිසුරු (හෙවත් මහින්දගේ එකෙක්) යටතේ දිවි නැගුම පනත සම්මත වීම.

Read Full Post »

නූගත් දේශපාලකයන් රටක අවාසනාවය


පෙර ලිපිය හා සබැඳේ.

ඇත්තටම ලංකාව දියුණු නොවුනේ ඉතා සංකීර්ණ, ඉලෙක්ට්‍රෝන/ගුරුත්වාකර්ශණය වැනි තේරුම්ගැනීමට අපහසු හේතුවක් නිසා නොව මේ පින්තූර වල සිටිනා උදවියගේ ආනුභාවයෙනි. ඒ අතරින් කිහිපදෙනෙක් දැනටත් අනාගතයේදීත් ලංකාව දියුණු නොවන තැනට වැඩ අල්ලන්න ඉන්නා උදවියයි.

මේ ලංකාවේ දේශපාලන නායකයන් වෙති. ඔවුන්ගේ භූමිකාව තවලමක නායක ගොනාගේ චරිතය රඟදැක්වීමයි. අනික් ගොනුන්, ඔටුවන් හා බූරුවන්ද නායකයා යන දිශාවටම යති. ඔවුන් කිසිවෙක් හරිහමන් අධ්‍යාපනයක් නොලැබූ අය වෙති. අතරින් පතර කිහිපදෙනෙක් නීතිඥයන් යයි කියනා නමුත් නීතීඥයෙක් යනු රටක් දියුණු කලහැකි දැනුමක් ඇතිඅය නොවේ. (මෙම ලිපිය කියවන නීතීඥයන් අමනාප වියහැකි වුවත් සත්‍යය කටුකය)

විද්‍යාව හා තාක්ෂණය ගැන අඩු තරමේ පාසල් අධ්‍යාපනයවත් නිසියාකාරව නොලද දේශපාලකයන් රටේ නායකත්වයට පත්වනතාක් කල් ලංකාව නොදියුණු ගෝත්‍රිකයන්ගේ පාරාදීසයක් ලෙසම පවතිනු ඇත.

Update: Sept 26,2012
සූස්තිගුණේ මේ ගැන ගැඹුරින් හැදෑරීමක් කර ඇත.

Read Full Post »

රට පුරා උද්ගතව ඇති අපරාධ රැල්ල නවත්වන්න උපරිමව කටයුතු කරනවා
~ නව නීතිපති පාලිත ප්‍රනාන්දු

මේ දිනවල නිතරම ස්ත්‍රී දූෂන හා ළමා අපචාර අපරාධ පුවත් අසන්නට ලැබේ. නීතිපති පාලිත ප්‍රනාන්දු කියන්නේ අපරාධ රැල්ලක් රටේ ඇති බවයි. ඔහුට එය නවත්වන්නට ප්ලෑන් එකක් ඇතිබවත් කියයි. නමුත් මෙවන් දෑ සම්බන්ධයෙන් වගකීමක් දැරිය යුතු අනෝමා දිසානායක පවසන්නේ අපරාධ වැඩිවීමක් නොව අපරාධ වාර්තා වීමේ වැඩිවීමක් ඇතිබවයි. මේ දෙන්නාම කියන දේවල් සත්‍ය විය හැක්කේ ශ්‍රීලාංකික අනන්‍යතාවයක් ඇති චතුස්කෝටික චින්තන ක්‍රමයටය.

නීතිපති ගැන වැඩියමක් නොදන්නා නමුත් අනෝමා නම් වැඩිවන අපරාධවලිනුත් තමන්ට ක්‍රෙඩිට් එකක් ගන්නට උත්සාහගනු පෙනේ.

මගේ ප්‍රශ්නය මේ දෙදෙනාගේ මත වල ඇති පරස්පර භාවය නොවේ…

ගොසිප් 9, අද දෙරණ හා ඩේලි මිරර් වැනි පාඨකයන්ට අදහස් දැක්වීමට ඉඩ දෙන පුවත් අඩවිවල ඉදිරිපත් කර තිබූ පාඨක අදහස් බොහොමයකින් ඉල්ලා තිබුනේ මේ අපරාධකරුවන්ට අරාබියේ දෙන දඬුවම් දෙන ලෙසයි.

මුස්ලිම් ආක්‍රමණයකට එරෙහිව පෙල ගැසෙනවා යයි කියන සිංහල සමාජය ඉස්ලාමික නීති ඉල්ලන්නේ ඇයි? කරුණාව මෛත්‍රිය පෙරදැරි කරගත් ධර්මිෂ්ඨ සමාජයකට වඩා ඇහැට-ඇහැක් ගන්නට සිතනා සමාජය හොඳය කියා සිතන නිසා ද?

අද දෙරණ මත විමසුම: වැඩි දෙනාගේ ඉල්ලීම මරණ දඬුවම

Read Full Post »

මා සිතා සිටින ආකාරයට සාමාන්‍යයෙන් පුද්ගලයෙකු අත් අඩංගුවට ගන්නේ වරදක් සිදුකල පසුව මිස වරදක් කරන්නට අරමුණු කරගෙන සිටි නිසා නොවේ. එසේ නොවන අවස්ථා ඇත්නම් ඒ ඉතා සීමිත විශේෂ අවස්ථා වෙයි. උදාහරණ ලෙස කෙනෙකු කඩුවක් ලඟ තබා ගැනීමද වරදක් වේ. නමුත් ඔස්ට්‍රේලියාවට යන්නට සිතා කතරගම විශ්‍රාමශාලාවක රැඳී සිටින අයෙකු අත් අඩංගුවට ගැනීම විවාදයට ලක්කලයුතු සිදුවීමක් යයි මම විශ්වාස කරමි. අපේ පොලිසිය මයිනොරිටි රිපොර්ට් (Minority Report) විද්‍යා ප්‍රබන්ධ කථාවේ මෙන් වරදක් කරන්නට පෙර වැරදිකරුවන් අල්ලා ගැනීම ආශ්චර්යයක්මය. මානව හිමිකම් සංවිධාන මේ ගැන මීක් ගාන්නේවත් නැත්තේ ඇයි?

පසුගිය සති දෙකක කාලය තුල වාර්තාවූ පුවත් කිහිපයක් පහත දැක්වේ.

මේ මිනිසුන් තමන්ගේ ජීවිතයත් පරදුවට තබා උත්සාහ කරන්නේ සකල සිරින් පිරි සිරි ලංකාව නොහොත් මේ පුන්‍ය භූමිය අතහැර දමා ඔස්ට්‍රේලියාවට යාමටය. එසේ කිරීමට සිතීමත් පාප ක්‍රියාවක් ලෙස කෙනෙකුට අර්ථ දැකිවිය හැකිය.

මේ මිනිසුන් අපේම සහෝදරයන්ය. ඔවුන් හොරෙන් ගියත්, ගිහින් මොන තරම් කටුක ජීවිතයක් ගත කලත්, ඔවුන් උපයා ආපසු එවන මුදලින් ලංකාවේ ඔවුන්ගේ බිරින්දන්, දරුවන්, හා වෙනත් ඥාතීන් ජීවත් කරවයි. ලංකාවේ රජයටත්, ලංකාවේ සිටින අයටත් මොවුන් නීත්‍යානුකූලව හෝ හොර පාරකින් ඔස්ට්‍රේලියාවට හෝ ඉතාලියට ගියාය කියා සිදුවන පාඩුවක් නැත.

නමුත් මිනීමැරුමක සැකකරුවන් ඇහින් දුටු සාක්ෂි තිබියදීත් අත් අඩංගුවට ගන්නට පස්ස ගහන ධර්ම චක්‍රයක් අතේ ගහගෙන සිටින ශ්‍රී ලංකාවේ පොලීසිය මිනිසුන් ඔස්ට්‍රේලියාවට යන්න හිතාගෙන ඉන්නවා කියා අල්ලන්නේ ඇයි? මොකක්ද මේකෙ රහස?

ඔස්ට්‍රේලියාව හෝ ඉතාලිය වැනි රටවල් වලට නම් මෙම නීති විරෝධී සංක්‍රමණිකයන් ගැටළුවක් බව ඇත්තකි. ඒ නිසා ඔවුන් ලංකාව වැනි සංක්‍රමණිකයන් පැමිණෙන රටවල් වලට යම් යම් (සංවර්ධන/ආයෝජන වෙනත්) ව්‍යාපෘති වල මුවාවෙන් අරමුදල් සපයයි. මෙම මුදල් ලබා ගැනීමට නම් ලංකා රජය තම රටවැසියන් රටෙන් පිටත්වීම වැලැක්විය යුතු වන්නේය. මේ නිසා නොවිසඳුනු වැදගත් ප්‍රශ්න බොහොමයක් ඇතත් අපි ඔස්ට්‍රේලියාවේ ප්‍රශ්න විසඳන්නෙමු.

සමහර වාමාංශික ඔස්ට්‍රේලියානු දේශපාලකයින් නීතිවිරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධ ප්‍රශ්නය වෙනස්ව විග්‍රහ කරයි.

Murray said part of the problem was that Australia was not a welcoming country. “We demonise them because we are the receiving country, we are the destination,” he said. “But the truth is we don’t want them, so we demonise the people who bring them here.”

Read Full Post »

Older Posts »