Feeds:
Posts
Comments

Archive for the ‘පොලිටික්ස්’ Category


මහා රජ්ජුරුවන්ගේ අණ පරිදි වැලිවේරියේ මරා දැමූ අයවලුන්ගේ පවුල් වලට වන්දි ප්‍රදානය කරන්නට යන බව ඩේලි මිරර් වාර්තා කරයි. මේ වන්දි ගෙවන්නට මුදල් සොයන්නේ මහින්ද රාජපක්ෂගේ මැදමුලනේ ඉඩම් විකුණා නොවේ. මිනී මැරූ “(ම)රණ විරුවන්ගේ” දේපල රජයට පවරාගෙනත් නොවේ. ඒ ඔබෙනුත් මගෙනුත් බලෙන් අයකරගන්නා බදු මුදල් වලිනි.

ඉතින් වැලිවේරියේ ඝාතනවලට සාඩම්බර සම-අනුග්‍රහය අපිත් දක්වමු. වෙන මක් කොරන්ටද? අපිට පිස්සු!

Read Full Post »

There’s a reason you separate military and the police. One fights the enemies of the state, the other serves and protects the people. When the military becomes both, then the enemies of the state tend to become the people.
~ Commander William Adama

හමුදාවට පොලිසියේ රාජකාරිය භාරදීමෙන් මහා නස්පැත්තියක් සිදුවිය හැකි බව ඉතිහාසය නැවත නැවතත් මතක් කරදෙයි.

සම්ප්‍රදාය අනුව හමුදාවට බඳවා ගන්නේ බුද්ධි ඵලය ඉතාමත් අඩු මැටි හරකුන්ය. ඊට හේතුව මරපියව් කියා අණක් ලැබුනු විට අම්මා අප්පා වුවද මරා දැමීමට හැකියාවක් ඇති නිසාය. “ඇයි මරන්නේ?” කියා පෙරළා ප්‍රශ්න කිරීමට තරම් බුද්ධියක් ඔවුන්ට නැත.

මොන පුකකට හමුදාව දැම්මද? රටේ පොලිසියක් තියෙන්නෙ ඇයි?

මොන පුකකට හමුදාව දැම්මද? රටේ පොලිසියක් තියෙන්නෙ ඇයි?

මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් තිදෙනකු පමණ ද තුවාල ලැබූ අතර මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණවලටත් හානි සිදුවී ඇත. එමෙන්ම මාධ්‍යවේදීන්ගේ කැමරාවල “චිප්” ද යුද හමුදා සාමාජිකයන් බලහත්කාරයෙන් ඔවුන් සන්තකයට ගෙන ඇත.

2010 ජනාධිපතිවරනය ආසන්නවන විට ජාතික රූපවාහිනියත් ස්වාධීන රූපවාහිනියත් මාරුවෙන් මාරුවට “ඉඩි අමීන්” චිත්‍රපටය විකාශය කරන විට සමහරුන් කීවේ ඒ සරත් ෆොන්සේකා එසේ වෙවි යයි කියාය. නමුත් දැන් ඇත්තටම වෙන්නේ මහින්ද “ඉඩි අමීන්” චරිතයට පණ පෙවීමයි.

Read Full Post »

මිනී මැරුමක් සම්බන්ධයෙන් සැකපිට වාස් ගුණවර්ධන නම් පොලිස් නිලධාරියා රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතිබව වාර්තාවේ. මේ ඒ මහතා අත් අඩංගුවේදී තමන්ට විඳින්නට සිදුවූ ගැහැට පිලිබඳව රැඩිකල් අදහස් වෙබ් අඩවිය වෙත කරන ලද විශේෂ ප්‍රකාශයකි.

මාව කූඩුවෙන් එළියට අරන් මාංචු දමා, බෙල්ලෙන් අල්ලාගෙන පොලිසියේ පිටුපස පිහිටි නිල නිවාසයකට ගෙන ගියා. ඇතුලට ගෙන ගිය ගමන් සාලයේ බිම වාඩි කෙරෙව්වා.එහි කෑම මේසයක් හා පුටු තිබුනා. මාව ගෙන ආ, එක් නිලධාරියෙක් අතේ කොච්චි මිරිස් පාර්ෂලයක් තිබුනා. … පොලිස් නිලධාරී රවීන්දු පුෂ්ප කුමාර හිටියේ නිල ඇඳුමින්. අනෙක් දෙදෙනා හිටියේ සිවිල් ඇඳුමින්…. ඇත්ත කියපන්, අපෙන් ගුටි කන්නේ නැතිව, ගුටි කෑවොත් ආයෙත් උඹට රස්සාවක් කරන් කන්න වෙන්නේ නැහැ කිව්වා…… ඉන් පසු පොලිස් නිලධාරී රවීන්ද්‍ර පුෂ්ප කුමාර එහි තිබූ සපත්තුවක් තුල තිබුන මේස් එකක් ගත්තා. එ්ක තුලට මේසය උඩ තිබ්බ කොච්චි දැම්මා. අතේ තිබුන අඩි 1 1/2 – 2ක් පමණ වන එස්ලෝන බටයෙන් , මේස් එක තුල තිබූ කොච්චි මිරිස් තැලූවා. එකට වතුර ටිකක් දැම්මා…….මාව බිම දිගා කලා. එතැනට පැමිණි තරුණ නිලදාරියෙක් මගේ සරම ගලවා විසි කලා. ඊට පසු ඔහු මා ඇඳ සිටි යට කලිසම ඇද පාත් කලා. ඉන් පසු ඔහු මගේ කකුල් දෙකේ විලූඹ පාත්කර තදකර අල්ලා ගත්තා. අනෙක් නාලධාරියා මගේ කොණ්ඩෙන් අල්ලා පොලවට තද කලා.
එයින් පසුව, රවීන්ද්‍ර පුෂ්ප කුමාර මේස් එක මිරිකමින් මගේ ඇස් වලට මිරිස් ඉස්ම වක්කලා. ඇස් ඇතුලට මිරිස් ඉස්ම යන්න ඔලූව අල්ලාගෙන හිටි නිලධාරියා, එක් අතකින් මගේ ඇස් වැසෙන්නට නොදී අල්ලා ගත්තා……. මට දරා ගන්න බැරි වේදනාවක් ආවා. ඇස් නොපෙනී ගියා. එ් වෙලාවේ මම දැගලූවා. මූට ගාය වැඩියි කියමින් ඔවුන් මාව නැගිට්ටවලා ෂර්ට් උරහිස් පන්නලා, ඇද ෂර්ට් එක ගැලෙව්වා. අත්වල මාංචු වලට ෂර්ට් එක හිරවුනා. නැවත මා උඩුපෙලි අතට බිම පෙරලා, පුටු දෙකක් අරගෙන මගේ ඇඟ හිරවෙන්න තිබ්බා…… මගේ මුහුණ පැත්තට තිබූ පුටුවේ, රවීන්ද්‍ර පුෂ්ප කුමාර පොලිස් නිලධාරීවරයා වාඩි වුනා. එ් පිටුව තිබුනේ මගේ පපුව හිරවෙන්න….. අනෙක් පුටුවේ අනිත් නිලධාරියා වාඩි වුනා. ඔහු මගේ දණහිස් දෙක උඩ කකුල් තබාගෙන පොලවට තද කලා. අනෙක් නිලධෘරියා මගේ කකුල්වලට එහායින් පුටුවක් තබා එහි වාඩිවී, විලූඹ පහත්කොට, කකුල් වලින් පාගාගෙන හිටියා………. රවීන්ද්‍ර පුෂ්ප කුමාර, නැවත මගේ ඇස්වලට කොච්චි මිරිස් ඉස්ම මිරිකන්න පටන්ගත්තා. ……. එසේ කරලා, මූට මෙහෙම කරලා හරියන්නේ නැහැ කියා, පුටුවෙන් නැගිට පැමිණ පාත් වෙලා මගේ යට ඇඳුම් තවත් පාත් කරලා ඔහු අතේ තිබුන එස්ලෝන් බටයෙන් මගේ පුරුෂ ලිංගයේ මතුපිට සම පස්සට ඇද, කොච්චි මිරිස් ඉස්ම එතැන මිරිකා වක්කලා. එම ඉස්ම බේරී මාගේ ගුදමාර්ගයට ඇතුලූ වුනා. මා දැඩි වේදනාවෙන් පෙලූනා. ගුද මාර්ගයෙන් එලියට යමක් ආවා වගේ දැනුනා. මා මලපහ කරන වට, එ තත්වය දැන් දිගටම ඇති වෙනවා…….. එසේ මා වේදනාවෙන් පෙලෙන අතර, මගේ කකුල් දෙක පාගගෙන සිටිය තරුණ පොලිස් නිලධාරියා අසභ්‍ය වචන කියමින්, බොට නංගිලා දෙන්නෙක් ඉන්නවා නේද, දෙන්නම ”බඩු ”දෙකක් නේද ආදී වචන කියමින් මාව පීඩාවට පත්කලා…….


සම්පූර්ණ විස්තරය මෙතනින් කියවන්න

Read Full Post »

  • සැටලයිට් එක හැදුවේ කවුද?
  • ඒක උඩ යැව්වේ කවුද?
  • උඩ ගිය එක පාලනය කරන්නේ කවුද?
  • ඔය සැටලයිට් එකෙන් අපිට තිබෙන ප්‍රයෝජන මොනවාද?
  • ඕක යවපු එකෙන් චීන්නුන්ට ඇති ප්‍රයෝජනය මොකක්ද?
  • ඕකට වියදම් කරන්නේ කවුද?
  • මේ නිසා කොහොමද අපි අභ්‍යවකාශ යුගයට යනවා කියන්නේ?

  • ගහෙන් වැටුනා වගේ අවජාතකව බිහිවූ සුප්‍රීම් කොම්පැනිය කාගේද?
  • අපට ආශ්චර්යය ලබා දෙන්නට සුප්‍රීම් වෙත පැවරුවේ කවුද/ඇයි?

Read Full Post »

පසුගිය දින කිහිපයේ ලියන්නට මාතෘකා වැඩිවී තිබූ නිසා එකදු ලිපියක් හෝ ලිවීමට නොහැකි විය. අය-වැය ගැන සාර්ථක ලිපියක් ලියාවි යයි බලාපොරොත්තු තැබූ බ්ලොග්කරුවන් කිහිප දෙනෙකුද වෙනත් සමයං ලියා තිබුනි.

අද පුවත්පත් වල වාර්තා කර තිබුනු මගේ අවධානය යොමුවූ පුවත් කිහිපයක් පහත ඉදිරිපත් කරමි.

සෙවනගල සහ මනම්පිටිය ප්‍රදේශවලට ඇදහැළුණු රතු වැස්‌ස පිටසක්‌වල ජීවී ප්‍රහාරයක්‌ද නැත්නම් දූවිලි හෝ අම්ල මිශ්‍ර වැස්‌සක්‌ දැයි සොයා බැලීමට පරීක්‍ෂණ ආරම්භ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි.

මෙවැනි වැසි ඇතිවීමට හේතු ලෙස ජලයේ ඇති රතුපැහැති ඇල්ගීජල වාෂ්ප සමඟ මුසුවී ඉහළ අහසට යැම, පරිසරයේ ඇති දූවිලි වාතයට එක්‌වීම ආදිය දැක්‌විය හැකි බව වෛද්‍ය සමරනායක මහතා පැවැසීය. 2001 දී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට නිතර ඇදහැළුණු රතු වැසි සම්බන්ධව කළ පරීක්‍ෂණවලදී එම ජලය සමඟ උල්කාපාතවල දූවිලි මිශ්‍රවී තිබූ බවත් එහි පෘථිවියට ආවේණික නොවූ ක්‍ෂුද්‍ර ජීවින් විශේෂයක්‌ සිටි බව අනාවරණය වී තිබූ බවත් හෙතෙම කීවේය.

~Divaina

පෘථිවියට ආවේණික නොවන ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ කෙබඳු ක්ෂුද්‍රජීවීන්ට ද? උදාහරණයක් ලෙස මී හරකා ලංකාවට ආවේණික සතෙක් නොවේ. උන් වෙන රටවල් වලද සිටී. මුන්ට පිස්සු!

සිල් ගත් යක්කු

වසර 26 ක්‌ තුළ රාජ්‍ය නොවන ආයතන දෙකක්‌ විසින් මේ රටේ නීති විරෝධී ගබ්සා කිරීම් 8,81,077 ක්‌ (අට ලක්‍ෂ අසූඑක්‌ දහස්‌ හැත්තෑ හතක්‌) සිදුකර ඇතැයි බොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

එයින් ගබ්සා කිරීම් 8,77,963 ක්‌ම සිදුකර ඇත්තේ විවිධ උපකරණ භාවිතයෙන් බව සහ සෙසු ගබ්සා කිරීම් සඳහා විවිධ පෙති හා කරල් භාවිත කර ඇති බව තහවුරු වී ඇතැයි උන්වහන්සේ පැවැසූහ. එසේම අදාළ රාජ්‍ය නොවන ආයතන දෙක වසර 25 කට වැඩි කාලයක්‌ තිස්‌සේ වඳ සැත්කම් සිදුකරමින් මේ රටේ සිංහල ජාතිය සහමුලින්ම නැතිකර දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කරගෙන යන බවත්, මෙයට දෙමළ ප්‍රජාවද ගොදුරුවී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
~Divaina

“සිංහල ජාතිය සහමුලින්ම නැතිකර දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌” යනු ජනයා කුපිත කරන පදනම් විරහිත තර්කාභාසයකි. මුන්ටත් පිස්සු! 😀

Read Full Post »

රටට ද්‍රෝහී උනත් රජුට ද්‍රෝහී නොවන්න

අගවිනිසුරුත් මගේ එකෙක් කියා පාරම්බෑ රජු

කෙනෙක් රටට ද්‍රෝහී උනාට තමාට හානියක් නොවෙතැයි අපට සිතිය හැක. රට පලිගන්නේ නැත. සැබවින්ම තමන්ට හානියක් වනුයේ රටට නොව රජුට ද්‍රෝහී වීමෙන්ය.

දෝශාභියෝගයේ එක් මොලකරුවෙක්

නාටකය පටන්ගත්තා පමණි! මීලඟ ජවනිකාව ශිරාණි බණ්ඩාරනායක තනතුරින් පහකර වංචා නඩු හා විනිමය නීති උල්ලංඝණය කිරීමේ නඩු පැවරීම.
ඉන්පසුව නව අගවිනිසුරු (හෙවත් මහින්දගේ එකෙක්) යටතේ දිවි නැගුම පනත සම්මත වීම.

Read Full Post »

මේ අදහස මට හරියටම මීටර් උනේ නැත. නමුත් ලලිත් වීරතුංග කියන්නේ නැණසලකට ගොස් අපේ ජීවිත “සුඛිත මුදිත” කරගත හැකි බවකි.

Read Full Post »

Older Posts »