Feeds:
Posts
Comments

Archive for the ‘යක්කු’ Category

නිරාගමිකයන් නෝටි යයි පෙරමුණේරාලගේ අඩවියේ ලිපියක් පලවී තිබුනි. නෝටි වීමට හේතුව ඔවුන් බුද්ධාගම හා ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් දෙයාකාරයක සැලකීමක් දක්වනවා කියාය. මමත් කිසිම ආගමික කල්ලියකට බැඳී නැති නිසා ඉහත කී නෝටි තොප්පිය දාගතිමි. නමුත් වචනාර්ථයෙන් ගත් කල නිරාගමිකවීම හා කිසිදු ආගමකට නැතිවීම යනු එකක්මද?

නිරාගමිකයෙක් යයි කී විට මගේ සිහියට නැගෙන්නේ බෞද්ධාගමිකයෙක්, කතෝලිකයෙක් හෝ ඉස්ලාමිකයෙක් වැනි කල්ලිවාදී සංකල්පයක් ය.

නීල් ඩිග්‍රාස් ටයිසන් නම් විද්‍යාඥයා විසින් ඉදිරිපත් කොට තිබූ මීට තරමක් අදාල සරල විග්‍රහයක් පහත වීඩියෝවේ ඇත. එහිදී ඔහු කථාකරන්නේ ඒතියස්ට් (Atheist) හෙවත් දෙවියන් විශ්වාස නොකරන්නන් හා ඇග්නෝස්ටික් (Agnostic) හෙවත් දෙවියන් පවතිනවාද නොදන්නා අය ගැනය. ඔහු ඉදිරිපත් කරන මතය සමග මගේ එකඟත්වයක් ඇත. අහවල් දෙවියා ලෝකය මැව්වා යයි හෝ නිවනක් ඇතැයි කියා හෝ කල්ලියක් සෑදී ඒගැන අදහස් හුවමාරු කරගැනීම කල හැකිය. තමන්ට ආගමක් නැතිවීම ගැන සංගම් පිහිටුවීමට හෝ කල්ලි බිහි කිරීම අනවශ්‍යය.

උදාහරණ ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට කැමති අය ක්‍රිකට් සමාජ පිහිටුවීම හෝ වොලිබෝල් ක්‍රීඩාවට කැමති අය වොලිබෝල් සමාජ පිහිටුවීමත් සිදු කරයි. නමුත් ක්‍රිකට් ක්‍රීඩා නොකරන්නන්ගේ සමාජ හෝ වොලිබෝල් ක්‍රීඩා නොකරන්නන්ගේ සමාජ පිහිටුවීම විහිලුවකි.

එසේම ආගමක් නැති සියළු දෙනා එකම කුලකටකට දමා කථා කිරීම තේරුමක් නැති වැඩකි.

Advertisements

Read Full Post »

පහත උපුටා දක්වන්නේ ගොසිප්9 අඩවියේ පලකර තිබුනු කොමෙන්ටුවකි. මා දකින මොහොතේ එයට ධන ප්‍රතිචාර ලැබී තිබුනි.

ඇත්තටම ඕපපාතිකයන් ඉන්නවාද?

Read Full Post »


ලාංකික සිංහලයන් එළියෙන් අඳුරට ගෙනයාමට උත්සාහ කරන මේ නූතන හමීඩ් අල් ගසාලි කවුද? කරුණු විමසා බලා ඔබම සොයාගන්න.

පුරාණ අල් ගසාලි කවුදැයි දැන ගැනීමට පහත වීඩියෝ නරඹන්න.



Read Full Post »

මේ ලිපිය ලිවීමට සිතමින් සති කිහිපයක් සිටියත් කාර්ය බහුලකම නිසාත් මොළේ ඇති ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි දෙයක් උලුප්පා ලිවීමට ඇති කම්මැලිකම නිසාත් ලිවීම ප්‍රමාද විය. නාථ දෙවියන් ගැන සාකච්ඡාව අසම්පූර්ණ යයි සිතෙන නිසා මෙය ලියමි.

මීට පෙර ලිපියෙන් ගුරුත්වය සෘජුව ග්‍රහණය කලහැකි අවයවයක් නැතිබවට මා සිතන බව කීමුත් බුද්ධිමත් පාඨකයින් කිහිපදෙනෙකුම (තනි අලියා, සූස්ති ගුණේ හා තවත් අයෙක්) පෙන්වාදුන්නේ ගුරුත්වය ඉන්ද්‍රියගෝචර විය හැකිබවයි.

ලේනෙකුගේ ගුරුත්වය දැනෙන අවයවය

ලේනෙකුගේ ගුරුත්වය දැනෙන අවයවය

වැඩිදුර කරුනු විමසීමේදී අහවල් එකට අමතරව ගුරුත්වය පංචේන්ද්‍රියයන්ටම ගෝචර කරගත හැකි බව පෙනීයයි.

බෙල්ලෙන් ගුරුත්වය දැනීම

ඇසට : පොල් ගෙඩියක් ගසකින් වැටීම දැකිය හැක.
කන: පොල්ගෙඩිය බිම පතිතවීමේදී නිකුත්වන ශබ්ධය ඇසිය හැක.
දිව හා නාසය: ඔබ ඔළුවෙන් සිටගෙන මුත්‍රා පිට කලවිට මුලින්ම දිවටත් ඉන්පසුව නාසයටත්
ශරීරය: බාල්කයක් වැනි යමක ලණුවක් ගැටගසා ගුරුත්වය දැනිය යුතු ස්ථානයෙන් එල්ලීමෙන් අදාල ස්ථානයට ගුරුත්වය දැනෙනු ඇත.

ගසින් වැටෙන පොල්ගෙඩිය දැකීම යනු ගුරුත්වාකර්ශනය දැකීමක් නොවන්නේ යයි කෙනෙකුට තර්ක කලහැක. එයට ඇති පිළිතුර සරලය. ඒ ගුරුත්වාකර්ශනය පොල්ගෙඩිය මත ඇතිකරන ප්‍රතික්‍රියාව අප ඇසින් නිරීක්ෂණය කරන බවයි.

අපි ඉලෙක්ට්‍රෝන දකින්නේද එලෙසය. ඒ ඉලෙක්ට්‍රෝන වල ප්‍රතික්‍රියා නිරීක්ෂණය කිරීමෙනි. එම ප්‍රතික්‍රියා ඉලෙක්ට්‍රෝන නිසා සිදුවන බව අපට නැවත නැවතත් සිදුකල හැකි පරීක්ෂණ මගින් සනාථ කල හැක.

ඉලෙක්ට්‍රෝන කියා දෙයක් නැතැයි කෙනෙකු තර්ක කරන්නේ නම් ඔහු හෝ ඇය මෙතෙක් කල් ඉලෙක්ට්‍රෝන ඇසුරෙන් පැහැදිලි කල සියළුම අන්තර්ක්‍රියා පැහැදිලි කල යුතුය. එසේ නොකර ඉලෙක්ට්‍රෝන කියා දෙයක් නැතැයි ද හැකිනම් තමන්ට ඉලෙක්ට්‍රෝන දෙකක් ගෙනවිත් දෙන්නැයි කියා ප්‍රකාශ නිකුත් කිරීම තර්කාභාසයකි. තර්කාභාසයක් යනු තර්ක කිරීමට නුසුදුසු තර්කන ක්‍රමයකි. නලින් ද. සිල්වාගේ හා ගෝලයන්ගේ තර්ක වටහාගැනීමට මට තර්ක ශාස්ත්‍රය ගැන ලියැවුනු පොතක් කියවීමට සිදුවිය.

දැන් අප නාථ දෙවියන් සම්බන්ධ ප්‍රවාදය සලකා බලමු. මොවුන් කියාසිටින ආකාරයට නාථ දෙවියන්ට පරිසරය සමග කිසිදු අන්තර්ක්‍රියාවක් කල නොහැක.

  1. ඇස: නාථ ඇසට නොපෙනෙයි. නාථට ගසක අත්තක් සෙලවීම, පුටුවක් පෙරලීම වැනි අක්ෂිගෝචර කිසිවක් කිරීමටද නොහැක.
  2. කන: නාථට කනට ඇසෙන ලෙස කථාකිරීමට, ශබ්ධනගා පඩයක් ඇරීම හෝ බෙරයකට තට්ටුවක් දැමීම හෝ කිසිම ශබ්ධයක් ඇති වන ක්‍රියාවක් කල නොහැක.
  3. නාසය: නාසයට ගෝචර වන ලෙස පඩයක් ඇරීම හෝ නාසයට ගෝචරවන දෙයක් කරන්නට නොහැක.
  4. දිව: දිවට දැනෙන යමක් කිරීමට නාථට නොහැක. අඩු ගානේ මම කන බත්පතට ලුණු රස වැඩිකිරීම වැනි දෙයක් වත්…
  5. ශරීරය: නාථ ඇඟේ හැප්පෙන්නේ හෝ පිරුනු වතුර බැරල් එකක ගිල්වූ විට එය උතුරා යන්නේවත් නැත.

මොවුන් කියා සිටින්නේ නාථ සිටින බව තමන්ගේ මනසට ගෝචරවන බවයි. එනම් නාථ සමග මනසින් අදහස් හුවමාරු කරගන්නා බවයි. ඒ නිසා නාථ වෙනත් ඉන්ද්‍රියයන්ට ගෝචර නොවන බවත් ඔවුන් කියා සිටියි. නමුත් මනසින් හෝ අදහස් හුවමාරු කරගන්නවා නම් නාථ දෙවියන් සිටින බව හෝ unknown entity ඇතිබව හෝ පෙන්විය හැකි ක්‍රමයක් මීට පෙර ලිපියේදී මම යෝජනා කලෙමි. ඒ නාථ දෙවියන් මාර්ගයෙන් පණිවිඩයක් පුද්ගලයෙකුගෙන් තවත් තවත් පුද්ගලයෙකුට යැවීමයි. එම පුද්ගලයන් දෙදෙනා දැනටමත් නාථ දෙවියන් සමග මනසින් අදහස් හුවමාරු කරන අයවලුන් විය යුතුය.

මෙම අභියෝගය හමුවේ දුර්මුඛ වූ නාථ දේවවාදීන් කියා සිටියේ නාථ එසේ පණිවිඩයක් ගෙනයාවිදැයි සහතිකවම කිව නොහැකි බවයි. නාථ සම්‍යක් දෘශ්ඨික නම් මෙය ඉටු කරනු ඇත. ඉහත අභියෝගය තවමත් වලංගු වන බව නැවතත් මා කියා සිටින අතර එය කර පෙන්වන අයෙකුට ත්‍යාගයක් ලෙස දේවාලයක්ම ඉදිකර දෙන බවට පොරොන්දුවෙමි.

මෙවර අභියෝගය නාථදෙවියන් සමග මනසින් කතා කරන අයට තමන් යහපත් මානසික සෞඛ්‍යයෙන් සිටින බවට මනෝවෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරන ලෙසයි.

Read Full Post »

ප්‍රශ්නය : මේ දවස්‌වල මොනව ද කරන්නේ? වකුගඩු රෝග පර්යේෂණ ඉවර ද?

පිළිතුර :

ඉවර නෑ. දැන් තමයි හොඳ ම ටික. අපේ හේතු දැක්‌වීම මත පදනම් වෙලා දැන් අපි ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවා. ඔය මොන පණ්‌ඩිත කතා කිව්වත් කාට ද පුළුවන් වකුගඩු අසනීපේ සුව කරන්න. ලෙඩේ තියෙන පැත්තේ ම තියෙන පැළෑටි වර්ග කිහිපයක්‌ යොදාගෙන අපි ප්‍රතිකාර පටන් අරගෙන තියෙන්නේ. මූලික පර්යේෂණ සාර්ථකයි. මේ වෙලාවේ ඔක්‌කොම විස්‌තර දෙන්න බෑ. හැබැයි සුබ පෙරනිමිති ගොඩක්‌ තියෙනවා. මතක තියාගන්න, මේ ප්‍රතිකාර ගැන දැනුම අපට ලැබුණෙත් අර ලෙඩේට හේතුව කියපු තැනින් ම තමයි.

අපි බලමු කෝ ලෙඩ්ඩු හොඳ වෙන කොට මේ අය කියන්නේ මොකද කියලා….!

Vidusara

මේ පිළිබඳව තවත් ලිපි කිහිපයක් ලියන්නට නම් අවස්ථාවක් ලැබෙන බව නම් මට විශ්වාසය.

Read Full Post »

To the best of my recollection I was 9 years old when I last prayed.

I did pray for forgiveness for my doubts. I did ask for evidence for his existence. (Of course it was a “he”!)
Mr Moody was my scripture teacher although the image used in this video is not him. He taught only the Christian god. It was some years later before I realized that there were other religions and other gods (both past and present).

Mr Moody was 6 foot 6 inches tall (198cm). An imposing figure for a small child.

Mr Moody was also the school scout master and almost certainly a pedophile, although his interference with me was mild.

My description of parting with my god is as described. There was no struggle, no torment, no animosity. He was discarded with the ease in which you off load clothes you have grown out of, or a toy you have become bored of.
The arguments advanced by some theists — “you only deny god because you don’t want to be responsible to him” — or — “you hate god” — do not apply to me.

  • I think that the concept of god is entirely man-made.
  • I think that even a rudimentary understanding of how and why the human brain evolved (and why it evolved in the way it did) supports this.
  • I also think that this it is supported by what we know from psychology and how the mind works.
  • I do not think that any of these arguments presented in this video are novel or original. They are well known and have been around for many years. However, factual arguments alone clearly do not seem to work with the religious.
  • I think psychological arguments could have a more significant part to play in productive exchanges with the religious.

~Phil Mason

ෆිල් මේසන්ගේ Thunderf00t යූටියුබ් චැනලය මම නිතර බලන අඩවියකි. දෙවියන් ඉන්නවාද ඔහු ලෝකය මැව්වාද වැනි ගැටළු එම අඩවියේ බොහෝවිට සංවාදයට බඳුන් වේ. එම අඩවියට සම්මාදම් (subscribe) වන ලෙස මම ඔබටත් යෝජනා කරමි.

Read Full Post »

යකුන් සිටිනවාද යන්න දෙවියන් සිටිනවාද යන්න හා එකිනෙක බැඳී පවතින කාරණා දෙකක් ලෙස සැලකිය හැක. දෙවියන් සමග කතා කරන කපුරාලලා මෙන්ම යකුන් සමග කතා කරන කට්ටඩියන්ද ලංකාවේ සිටී. දෙවියන්ගෙන් මෙන්ම යකුන්ගෙන් ද විවිධාකාර වැඩ ගත හැකි බවට සමහරුන් තුල විශ්වාසයක් පවතී.

පසුගිය සති කිහිපයක කාලය තුල ජනමාධ්‍ය හා කට කතා හරහා ග්‍රීස් යක්කු පිලිබඳ විවිධාකාර පුවත් පැතිර ගිය බව දක්නට ලැබේ.

මට මුලින්ම ග්‍රීස් යකෙකු ගැන අසන්නට ලැබුනේ මීට වසර පහකට පමන පෙරය. ඒ මාගේ නිවසේ ඉදිකිරීමේ කටයුත්තක් සඳහා පැමිණ සිටි කම්කරුවන් පිරිසක් අතර වූ කථාබහකිනි. අනුරාධපුර, හඟුරන්කෙත, මාතර වැනි දුර පලාත්වලින් පැමිණ සිටි ඔවුන් තම තමන්ගේ ප්‍රදේශවල ග්‍රීස් යකුන් පිලිබඳ කතා කියන විට මට තේරුම් ගිය කාරණා වූයේ ග්‍රීස්යකුන් බැල්ම දමන්නේ ගැහැණුන්ට බවත්, ලංකාවේ බොහෝ ප්‍රදේශ වල මොවුන් සිටින බවත්ය. කිසිවෙකුට අල්ලාගැනීම දුශ්කරවීමට ඔවුන් ඇඟේ ග්‍රීස් තවරා ගෙන සිටින බවටත් මතයක් ඉදිරිපත් විය.

දැනට වසර විස්සකට පමන අතීතයේ සති අග පුවත්පත් වල බොහෝ විට යක්ෂ කතා හා ප්‍රසිද්ධ කට්ටඩින්ගේ කතා පලවූ බව මට මතකය. මෑත කාලයේ කිසිවෙක් මහසෝනා, රීරි යකා වැනි යක්ෂයන් දුටු බවක් වාර්තා වී නැත. සමහරවිට පිටිසර ගම් පලාත් වලටත් විදුලි බලය ලැබීම නිසා මෙම පැරණි යකුන් පැන්ෂන් ගන්නට ඇත.

යකුන් මෙන් නොව දෙවියන් ආලෝකයට බය නැත. මහළු වියට පත් මිනිසුන් හා ගැහැනුන් මෙවන් දෙවියන් ගේ බැල්මට නිතරම හසුවේ. දෙවියන් සිටින්නත් යකුන් නොසිටින්නත් හේතුවක් නැත.

ග්‍රීස් යකා පිලිබඳ හොඳ ලිපි කිහිපයක් W3Lanka අඩවියේ පලවුනු අතර එම ලිපි බොහොමයක් මගේ අදහස් හා සමගාමී බැවින් ග්‍රීස් යකා ගැන ඊට වැඩි යමක් කථා කරන්න බලා පොරොත්තු නොවෙමි.

නාථ, විපස්සක වැනි නම් වලින් හඳුන්වන දෙවියන් සමග ගනු-දෙනු කරන උදවියට අභියෝගයක් ලෙස මෙම ග්‍රීස් යක්ස ගැටලුව භාර දිය හැකිය.

Read Full Post »