Feeds:
Posts
Comments

Archive for the ‘මෝඩ කතා’ Category

නලින් ද සිල්වා මහතා ගෙන් මා ඉල්ලා සිටින්නේ නන්දෙඩවිල්ල නවතා නවීන විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කර පෙන්වා දෙන ලෙස ය. මේ ලිපියේ සඳහන් අනෙකුත් කරුණු පසුව සාකච්ජා කළ හැකි ය. තව ද නවීන විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කිරීමට නවීන විද්‍යාව උපයෝගී කරගන්නා ක්‍රමවේදය හෝ ඉන් කොටසක්‌ හෝ භාවිත නො කළ යුතු ය. බොරුවක්‌ බොරුවක්‌ බව ඔප්පු කිරීමට බොරුවක්‌ පාවිච්චි නො කළ යුතු නිසා ය. ~අශෝක අමරතුංග

සේවාර්ජිත දන්ත වෛද්‍ය මහාචාර්ය අශෝක අමරතුංග බටහිර විද්‍යාව අසත්‍ය යෑයි ඔප්පුකරන ලෙස විදුසර පුවත්පත මගින් මගෙන් ඉල්ලා ඇත. ඔහු ඔප්පුකිරීම, සත්‍යය ආදියෙන් කුමක්‌ අදහස්‌ කරන්නේ දැයි නොදනිමි. එහෙත් පට්‌ටපල් බොරු වූ බටහිර විද්‍යාව සත්‍ය යෑයි ඔප්පු කළ හැකි කිසිවකු වේද? බටහිර විද්‍යාවෙහි කෙරෙන්නේ පංෙච්න්ද්‍රියයන්ට ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට යෑයි කියමින් පට්‌ටපල් බොරු වියුක්‌ත කතන්දර ගෙතීම පමණකි. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ බලය යන්න මොන තරම් පට්‌ටපල් බොරුවක්‌ දැයි අශෝක අමරතුංග නොදනියි. ~නලින් ද සිල්වා

Read Full Post »

මිනී මැරුමක් සම්බන්ධයෙන් සැකපිට වාස් ගුණවර්ධන නම් පොලිස් නිලධාරියා රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතිබව වාර්තාවේ. මේ ඒ මහතා අත් අඩංගුවේදී තමන්ට විඳින්නට සිදුවූ ගැහැට පිලිබඳව රැඩිකල් අදහස් වෙබ් අඩවිය වෙත කරන ලද විශේෂ ප්‍රකාශයකි.

මාව කූඩුවෙන් එළියට අරන් මාංචු දමා, බෙල්ලෙන් අල්ලාගෙන පොලිසියේ පිටුපස පිහිටි නිල නිවාසයකට ගෙන ගියා. ඇතුලට ගෙන ගිය ගමන් සාලයේ බිම වාඩි කෙරෙව්වා.එහි කෑම මේසයක් හා පුටු තිබුනා. මාව ගෙන ආ, එක් නිලධාරියෙක් අතේ කොච්චි මිරිස් පාර්ෂලයක් තිබුනා. … පොලිස් නිලධාරී රවීන්දු පුෂ්ප කුමාර හිටියේ නිල ඇඳුමින්. අනෙක් දෙදෙනා හිටියේ සිවිල් ඇඳුමින්…. ඇත්ත කියපන්, අපෙන් ගුටි කන්නේ නැතිව, ගුටි කෑවොත් ආයෙත් උඹට රස්සාවක් කරන් කන්න වෙන්නේ නැහැ කිව්වා…… ඉන් පසු පොලිස් නිලධාරී රවීන්ද්‍ර පුෂ්ප කුමාර එහි තිබූ සපත්තුවක් තුල තිබුන මේස් එකක් ගත්තා. එ්ක තුලට මේසය උඩ තිබ්බ කොච්චි දැම්මා. අතේ තිබුන අඩි 1 1/2 – 2ක් පමණ වන එස්ලෝන බටයෙන් , මේස් එක තුල තිබූ කොච්චි මිරිස් තැලූවා. එකට වතුර ටිකක් දැම්මා…….මාව බිම දිගා කලා. එතැනට පැමිණි තරුණ නිලදාරියෙක් මගේ සරම ගලවා විසි කලා. ඊට පසු ඔහු මා ඇඳ සිටි යට කලිසම ඇද පාත් කලා. ඉන් පසු ඔහු මගේ කකුල් දෙකේ විලූඹ පාත්කර තදකර අල්ලා ගත්තා. අනෙක් නාලධාරියා මගේ කොණ්ඩෙන් අල්ලා පොලවට තද කලා.
එයින් පසුව, රවීන්ද්‍ර පුෂ්ප කුමාර මේස් එක මිරිකමින් මගේ ඇස් වලට මිරිස් ඉස්ම වක්කලා. ඇස් ඇතුලට මිරිස් ඉස්ම යන්න ඔලූව අල්ලාගෙන හිටි නිලධාරියා, එක් අතකින් මගේ ඇස් වැසෙන්නට නොදී අල්ලා ගත්තා……. මට දරා ගන්න බැරි වේදනාවක් ආවා. ඇස් නොපෙනී ගියා. එ් වෙලාවේ මම දැගලූවා. මූට ගාය වැඩියි කියමින් ඔවුන් මාව නැගිට්ටවලා ෂර්ට් උරහිස් පන්නලා, ඇද ෂර්ට් එක ගැලෙව්වා. අත්වල මාංචු වලට ෂර්ට් එක හිරවුනා. නැවත මා උඩුපෙලි අතට බිම පෙරලා, පුටු දෙකක් අරගෙන මගේ ඇඟ හිරවෙන්න තිබ්බා…… මගේ මුහුණ පැත්තට තිබූ පුටුවේ, රවීන්ද්‍ර පුෂ්ප කුමාර පොලිස් නිලධාරීවරයා වාඩි වුනා. එ් පිටුව තිබුනේ මගේ පපුව හිරවෙන්න….. අනෙක් පුටුවේ අනිත් නිලධාරියා වාඩි වුනා. ඔහු මගේ දණහිස් දෙක උඩ කකුල් තබාගෙන පොලවට තද කලා. අනෙක් නිලධෘරියා මගේ කකුල්වලට එහායින් පුටුවක් තබා එහි වාඩිවී, විලූඹ පහත්කොට, කකුල් වලින් පාගාගෙන හිටියා………. රවීන්ද්‍ර පුෂ්ප කුමාර, නැවත මගේ ඇස්වලට කොච්චි මිරිස් ඉස්ම මිරිකන්න පටන්ගත්තා. ……. එසේ කරලා, මූට මෙහෙම කරලා හරියන්නේ නැහැ කියා, පුටුවෙන් නැගිට පැමිණ පාත් වෙලා මගේ යට ඇඳුම් තවත් පාත් කරලා ඔහු අතේ තිබුන එස්ලෝන් බටයෙන් මගේ පුරුෂ ලිංගයේ මතුපිට සම පස්සට ඇද, කොච්චි මිරිස් ඉස්ම එතැන මිරිකා වක්කලා. එම ඉස්ම බේරී මාගේ ගුදමාර්ගයට ඇතුලූ වුනා. මා දැඩි වේදනාවෙන් පෙලූනා. ගුද මාර්ගයෙන් එලියට යමක් ආවා වගේ දැනුනා. මා මලපහ කරන වට, එ තත්වය දැන් දිගටම ඇති වෙනවා…….. එසේ මා වේදනාවෙන් පෙලෙන අතර, මගේ කකුල් දෙක පාගගෙන සිටිය තරුණ පොලිස් නිලධාරියා අසභ්‍ය වචන කියමින්, බොට නංගිලා දෙන්නෙක් ඉන්නවා නේද, දෙන්නම ”බඩු ”දෙකක් නේද ආදී වචන කියමින් මාව පීඩාවට පත්කලා…….


සම්පූර්ණ විස්තරය මෙතනින් කියවන්න

Read Full Post »

indraratana

ඉහත සිය දිවි නසා ගැනීමේ ලිපිය අනුව ඉන්ද්‍රරතන තම ජීවිතය “දළදා වහන්සේට පූජා කරමි/පූජාවේවා” යයි කියා ඇත. දළදා වහන්සේට බිලි පූජාවක් කල පළමු අවස්ථාව මෙය විය යුතුයි. මෙවන් දෑ කිසිදු බෞද්ධයෙක් අනුමත නොකල යුතුය.

තහනම් වචන ලියූ ලිපිය හා සම්බන්ධයි

Read Full Post »

හෙල උරුමයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වන ඉන්ද්‍රරතන නම් චීවරධාරියා අද දින හරකුන් මස් පිණිස මැරීමට විරුද්ධත්වය පා මහනුවර දළදා මාලිගය අසලදී සිරුරට ගිනි තබාගත් බව වාර්තා වේ. මාළුන්, කුකුළන් හෝ ඌරන් කෙරෙහි නොමැති ආදරයක් හරකුන් කෙරේ පහලවන්නේ ඇයි?

Read Full Post »

සීනිගම දේවාලය මිනිසුන් අතර වන්දනයට පාත්‍ර වන්නේ අපරාධ හා සොරුන්ට හැරෙන තැපෑලෙන් දැඩි දඬුවම් පමුණුවන දෙවියන් වැඩහිඳින දෙවොලක්‌ ලෙසිනි. පසුගිය 04 වැනිදා මැදියම් රැයේ දේවාලයේ වහළයෙන් ඇතුල් වූ කම්බා හොරුන් පිරිසක්‌ මුදලින් ලක්‍ෂ පහක්‌ සොරාගෙන අභියෝග කරන්නේ මිනිසුන් තුළ වන එකී විශ්වාසයටයි. දෙවියන්ගෙ දැස්‌ ඉදිරිපිට සිදුවූ එම සිද්ධිය සැකවින් මෙසේ වේ.

Read Full Post »

(කොළඹ,ලංකාපුවත්) – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පසුගිය කාලයේදී,පෙම් සබඳතා පිළිබඳ විශේෂ ආකල්පමය පරයේෂණයක් සිදු කළ බව එම අධිකාරියේ සභාපතිනි නිතිඥ අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.

ළමා ආරක්ෂාව පිළිබඳ අද(30) පැවති ජනමාධ්‍ය සංවේදිකරණ වැඩමුළුවට ඇය එක්වෙමින් මෙම පර්යේෂණය පිළිබඳව තොරතුරු අනාවරණය කරනු ලැබීය.

මේ සඳහා පාසල් යන වයසේ අවුරුදු 15-16ත් අතර වයස් කාණ්ඩයේ සිසු සිසුවියන් තෝරාගනිමින් අදාළ පර්යේෂණ්‍ය සිදු කර ඇත.

එම පර්යේෂණයට අනුව ඔවුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පෙම් සබඳතා පිළිබඳ ආඩම්බරයෙන් තොරතුරු ඉදිරිපත් කළ බව අනාවරණය වී තිබේ.

එසේම පෙම් සබඳතා නොමැති සිසුසිසුවියන් එම තත්වය ඔවුන්ගේ අඩුපාඩුවක් ලෙස සලකා ඇතැයිද සඳහන් වේ.

මෙම තත්වය ඉතා බරපතල තත්වයක් බවත්,විශේෂයෙන් දරුවන් අතර ආකල්පමය වෙනසක් බොහෝ අංශ කෙරෙහි යොමුවිය යුතු බවත්,ආනෝමා දිසානායක මහත්මිය සඳහන් කළාය.
Link

අනෝමා ඇන්ටි කියන්නේ යෞවනයින් පෙම් සබඳතා අවශ්‍යයි කීම ඉතා බරපතල ප්‍රශ්නයක් බවයි. කෙනෙක් තමන්ගේ පෙම් සබඳතා ගැන ආඩම්බරයෙන් කතා කිරීම දෝසයක් ද?

Read Full Post »

මේ ශාස්ත්‍රය අනුව සියයට සියයක්ම සත්‍යවන කරුණු ප්‍රකාශ කිරීමට නම් කිසිම ජ්‍යොතිෂ්ශාස්ත්‍රඥයෙකුට පුළුවන් කමක් නැත. සියයක් කියනවිට එයින් හරියන්නේ හැට හැත්තෑවක් පමණි. නැතහොත් 10ක් 15ක් පමණි. ගල් කැට 10ක් 12ක් ගහගෙන යනවිට එයින් දෙකතුනක් වත් නොවදින්නේ නැත.

~ එස්.ඩබ්ලිව් කස්තුරිරත්න (පෙරදිග ජ්‍යොතිෂ විද්‍යාලයයාධිපති )/ රොහාන් සිසිරකුමාර (බී.ඒ, එම්.එස්.සී)

ජෝතිෂය පිළිබඳ මා ලියූ ලිපි කිහිපය අහියෝගයට ලක් කරමින් කැලුම් ජයසිංහ නම් පාඨකයා කොමෙන්ටු කිහිපයක් (1, 2) දමා තිබුනි. මේ ඔහුගේ අදහස් ගැන මගේ මතය පැහැදිලි කිරීමකි.

ඔබේ ඉහත පෘථිවි කේන්ද්‍රවාදයක් ජ්‍යෝතිශය තුල ගැබ්ව ඇත්තේය යන මතය ඊට හේතුවන කරුණු කාරණා සමගින්ම දක්වන්නේ නම් සමාජයට සේවයකි. නැතිනම් ඔබ මිනිසුන්ට දෙන්නේ වැරදි පණිවිඩයකි

පෘථිවි කේන්ද්‍රවාදය ජෝතිෂ්‍ය ගණිත ක්‍රමයේ මූලික පදනමයි. පෘථිවිය ඇතුලු ග්‍රහයන් අටදෙනා සූර්යයා වටා ගමන් කරන බව ජෝතිෂ්‍යයේ දැනුමක් නොවේ. ඔබ කියන කාරණාව කිසිදු (පැරණි ) ජෝතිෂ්‍ය පොතක සඳහන් නොවේ. හැකිනම් පොතේ නම හා පිටු අංකය සඳහන් කරන්න.
ඔබ කියූ හෙන්ද්‍රික් මහතාගේ පොතේ පස්වන පිටුවේ දෙවැනි ඡේදයේ කියා ඇත්තේ පෘථිවිය කේන්ද්‍ර කරගත් පැහැදිලි කිරීමකි. එහි සඳහන් “සෙනසුරු තරුව අසුවන සේ වටයක් ගැසුවොත්…” කියන්නේ පෘථිවිය කේන්ද්‍රයේ තබාය. රාශි දොලහකට අහස බෙදන්නේ පෘථිවිය කේන්ද්‍රයේ තබා බව එහි තවදුරටත් සඳහන් වේ.

ජ්‍යෝතිශයේ නිෂ්පාදකයින් හෙළයන්ය. මෙරටෙහි බිහිවී ලෝකය පුරා එය බිහි වූ බවට සාධක බොහෝ ඇත. උදාහරණයකට සිංහල ජ්‍යෝතිශයේ මූලික ග්‍රන්ථ තාමත් මෙරටේ ඇත.ඒවා සමහරක් රචනා කරඇත්තේද සූර්ය දෙවි වන්දනාවේ යෙදුනු රාවණ රජු විසිනුයි ( එසේම හෙළ වෙදකමේ ආරම්භයද මේ කාලයයි ). ඇතැම් පාරම්පරික වෙද මහතුන් සමග, එක්තර පොත් සමාගමක මෙම ග්‍රන්ථ තාමත් ශේෂයි. නොදන්නා, සොයාගත නොහැකි දේ අන්ධව ප්‍රතික්ශේප කිරීම ඔබලාගේ ක්‍රමය බව මා දනිමි.

සියළුදේම හෙළයන් කලබව කීම නවීන හෙළ විලාසිතාවකි. මෙවන් කතා වලට කියන්නේ මුගටි කතා කියාය. මෙය ඔප්පු කිරීමට අඩුගානේ ඔය කියන පොතේ නමත්, කතෘත්, ප්‍රකාශකයාත් සඳහන් කරන්න.

කෙනෙකුගේ ලග්නයට අයත් ගති ලක්ෂණ පොදුවේ මේ මේ යැයි දක්වන්නේ වුවද නියම ස්වභාවය කිව හැකි වන්නේ ඔහුගේ කෙන්ද්‍රයේ හා වෙනත් සියුම් කේන්ද්‍රවල ග්‍රහ පිහිටීම් සැළකූ විටයි. මේ නිසයි කෙනෙකුගේ කේන්ද්‍රය ආවාට ගියාට විමසිය නොහැක්කේ.
කරුණු විකෘති නොකොට අපක්ෂපාතීව ( ඔබ විද්‍යාත්මක ක්‍රමය පිළිපදින්නේ නම් ) විමසන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. උඩින් පල්ලෙන් බලා කිසිවෙකුට එය වටහා ගත නොහැක. ඔබලා කරුණු විමසීමට භාවිත කරන විද්‍යාව යන මග එකකි, ජ්යෝතිශය ආදී සිංහල දැනුම් පද්ධති යොමුවූ මග තවෙකකි. එසේම ඒවායේ බිහිවීමද එළෙසින්ම වෙනස් වේ. භාවිතයද වෙනස්ය…විද්‍යාවෙන් ලෝකයේ සියළුම දේ විමසීමට විග්‍රහ කිරීමට නම් එය පරිපූර්ණ දැනුමක් දැයි ඔබම විමසා බැලිය යුතුය.

විද්‍යාව පරිපූර්ණ දැනුමක් නොවේ. ජ්‍යෝතිෂය පරිපූර්ණ ද? මේ ලිපියේ ඉහලින්ම රතු පාටින් උපුටා දක්වා ඇති අදහස් ගැන මොකද කියන්නේ? සීයක් කිව්වම දහයක් හරියන අනාවැකි කියන්න ජ්‍යෝතිෂයම ඕනෑද?

ජ්‍යෝතිශවේදියකු පරිණත වන්නේ කාලය ගත වීමත් සමගයි.ඔබ උඩින් පල්ලෙන් පොත් කියවා කතා කිරීම පූර්ණ අධ්‍යනයක් නොවන්නේය. ඔබ කල යුත්තේ අඩුම තරමින් කේන්ද්‍රයක් හදන්නට වත්, නැකතක් හදන්නටවත් නිසි පරිදි පළපුරුදු ජ්‍යෝතිශවේදියකු ලඟ ඉගෙනගෙන පර්යේෂණාත්මකව මෙහි තත්ත්වය පෙන්වා දීමයි.

ඔබ මේ කියන්නේ මුහුණ බලා සාස්තර කීම ගැනයි. ඔය කියන විදිහේ පරිණත වීම යනු අනුමාන කිරීමේ හැකියාවයි. මේ කිසිවක් ශාස්ත්‍රානුකූල නැත.

ඔබ ” ආඩම්බර රැඩිකල්වාදියකු” බැවින් මෙන්ම සමාජ ශෝධනය කෙරෙහි මහා උනන්දුවක් දක්වන බැවින් ලිපියේ ආරම්භය ගන්නේ ජ්‍යෝතිශයට පහර ගසාමය..එය තුල ඇත්තේ ගැටළුවකි. ඔබ සිතන්නට සළස්වන්නකු නොවන බවත් ඔබ කරුණු දක්වන්නේ ජ්යෝතිශය සමාජයෙන් තුරන් කිරීමට බවත් ප්‍රත්‍යක්ෂය.

මගේ අරමුණ මිත්‍යාවෙන් ගැලවීමට සිංහලයා උනන්දු කිරීමයි. ජ්‍යෝතිෂය යනු වැරදි උපකල්පන මත ගොඩනැගුනු මිත්‍යාවකි.

Read Full Post »

Older Posts »