Feeds:
Posts
Comments

Archive for the ‘Uncategorized’ Category

lion chased by buffalos

Read Full Post »

Read Full Post »

ලංකාවේ මිනිස්සුත් අනික් රටවල මිනිස්සුත් අතරේ හැසිරීමේ, කථා කිරීමේ, තීරණ ගැනීමේ, ආහාර පාන රටාවේ…. වෙනස්කම් දක්නට ලැබේ. එවන් වෙනස්කම් අතරින් කිහිපයක් හැරෙන්නට අනෙක් ඒවායේ විනාශකාරී, පීඩාකාරී හෝ නොමනා ස්වභාවයක් ඇති බව හොඳින් නිරීක්ශනය කරන්නෙකුට පැහැදිලිවේ. මීට හොඳම උදාහරණයක් වන්නේ පසුගිය සති කිහිපයතුල මානව හිමිකම් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවත්, ඊට අදාලව රටේ මිනිසුන් ක්‍රියා කල ආකාරයත් ය. උදෑසන 5:00 සිට රාත්‍රී නින්දට යන තෙක්ම පිරිත්, බන, ධර්ම දේශනා ආදිය තොරක් නැතිව ගුවන් විදුලි නාලිකා වල ප්‍රචාරය කරන රටේ සිදුවන අපරාඩ වල ස්වභාවය එසේ නොවන (බන නොඅසන ) වෙනත් රටක් සමග සංසන්දනය කලහොත් ඉතාම තිරිසන් ස්වභාවයක් ගන්නා බව නිතිපතා පුවත් පත් හා අන්තර්ජාල ආශ්‍රිතව පුවත් පරිශීලනය කරන්නෙකුට වැටහෙනු ඇත.

චන්ද්‍රයා හා මිනිස් සිත අතර සම්බන්ධතාවයක් ඇති බව අතීතයේ සිටම මිනිසාගේ නිරීක්ශණයට ලක්වූ කාරණාවකි. හඳ මෝරන විට පිස්සු තදවනවා යයි කථාවක් සිංහල ජනවහරේ පවතී. එසේම ජෝතිෂ්‍යයේ දීද මිනිස් සිත හා සම්බන්ධව අනාවැකි කීම සඳහා සලකා බලන්නේ චන්ද්‍රයාගේ පිහිටීමය. පිස්සු යන වචනයට ඉංගිරිසියෙන් ලුනසි යයි භාවිතවේ, එය ලූනා (චන්ද්‍රයා) යන්නෙන් බිඳුනු වචනයකි. චන්ද්‍රයාගෙන් මනසට ඇති බලපෑම කෙබඳු දැයි තවමත් නිසි අධ්‍යයනයක් සිදු කර නැති නමුත් එය ගුරුත්වාකර්ශණය හා සම්බන්ධ සංසිද්ධියකැයි මතවාදයක් පවතී. පුර හඳ පායා ඇතිවිට මිනිසාට පෘථිවිය වෙත ඇති ගුරුත්වාකර්ශනයේ අඩුවීමක් සිදුවේ. වඩදිය ඇතිවන්නේ ඒ නිසා බව ඔබට මතක ඇතැයි සිතමි. සමහර විට පොලොව වෙත ඇති ආකර්ශනය අඩුවීම මනස විකෘති හෝ අවුල් වීමට බලපානවා විය හැක.

පෘථිවියේ ගුරුත්වාකර්ශනය ලෝකයේ සෑම තැනකම එකාකාර නොවේ. පොලොවේ ගුරුත්වාකර්ශන සිතියම පහත ඉදිරිපත් කරමි.

Earth Gravitational Model

මෙම සිතියමේ ලංකාවේ පිහිටීම සුවිශේෂී ස්ථානයක වේ. ලොව අන් කිසිම පෙදෙසක නැති වර්ණයකින් ලංකාව ආශ්‍රිත ප්‍රදේශය ලකුණු කර තිබෙන බව ඔබ නිරීක්ශනය කලා ද?

පෘථිවියේ ගුරුත්වාකර්ශනය උච්චතම හා අවම ස්ථාන


ලෝකයේ වෙනත් ප්‍රදේශ වලට පුර චන්ද්‍රයාගෙන් ඇතිවන (ගුරුත්ව ) බලපෑම ලාංකිකයන්ට චන්ද්‍රයා නැතිවත් ඇතිවන බව දැන් ඔබට පැහැදිලි විය යුතුය.

වැඩිදුර කියවීමට:
Lunacy and the Full Moon
New Gravity Map Reveals Lumpy Earth

Read Full Post »