Feeds:
Posts
Comments

මේ ගැන තවදුරටත් ලිවීම අප්‍රසන්න වුවත් පාඨකයාගේ දැන ගැනීම පිණිස පහත ප්‍රවෘත්තියද ඉදිරිපත් කරමි. මෙහි වැදගත් කරුණු දෙකක් වෙයි. පළමුවැන්න බෝවත්තේ ඉන්දරතන සියදිවි නසා ගැනීමට 2012 වසරේ දීත් උත්සාහ දරා ඇති බවයි.

දෙවැනි කාරණය වන්නේ එම මරණය වැලැක්වීම සඳහා මහින්ද රාජපක්ෂයන්ටද අවස්ථාවක් තිබූ බවයි. ඒ 2012 දී ඉන්දරතනව නිසි මනෝවෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු කිරීමෙනි.

කෙනෙක් සියදිවි නසාගන්නා බවට ජනාධිපති වෙත දැනුම් දුන්විට ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම මෙම මරණයට දායක වී ඇතැයි මට සිතේ.

indarathana

Link to original NethFM news article.

indraratana

ඉහත සිය දිවි නසා ගැනීමේ ලිපිය අනුව ඉන්ද්‍රරතන තම ජීවිතය “දළදා වහන්සේට පූජා කරමි/පූජාවේවා” යයි කියා ඇත. දළදා වහන්සේට බිලි පූජාවක් කල පළමු අවස්ථාව මෙය විය යුතුයි. මෙවන් දෑ කිසිදු බෞද්ධයෙක් අනුමත නොකල යුතුය.

තහනම් වචන ලියූ ලිපිය හා සම්බන්ධයි

හෙල උරුමයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වන ඉන්ද්‍රරතන නම් චීවරධාරියා අද දින හරකුන් මස් පිණිස මැරීමට විරුද්ධත්වය පා මහනුවර දළදා මාලිගය අසලදී සිරුරට ගිනි තබාගත් බව වාර්තා වේ. මාළුන්, කුකුළන් හෝ ඌරන් කෙරෙහි නොමැති ආදරයක් හරකුන් කෙරේ පහලවන්නේ ඇයි?

සීනිගම දේවාලය මිනිසුන් අතර වන්දනයට පාත්‍ර වන්නේ අපරාධ හා සොරුන්ට හැරෙන තැපෑලෙන් දැඩි දඬුවම් පමුණුවන දෙවියන් වැඩහිඳින දෙවොලක්‌ ලෙසිනි. පසුගිය 04 වැනිදා මැදියම් රැයේ දේවාලයේ වහළයෙන් ඇතුල් වූ කම්බා හොරුන් පිරිසක්‌ මුදලින් ලක්‍ෂ පහක්‌ සොරාගෙන අභියෝග කරන්නේ මිනිසුන් තුළ වන එකී විශ්වාසයටයි. දෙවියන්ගෙ දැස්‌ ඉදිරිපිට සිදුවූ එම සිද්ධිය සැකවින් මෙසේ වේ.

(කොළඹ,ලංකාපුවත්) – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පසුගිය කාලයේදී,පෙම් සබඳතා පිළිබඳ විශේෂ ආකල්පමය පරයේෂණයක් සිදු කළ බව එම අධිකාරියේ සභාපතිනි නිතිඥ අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.

ළමා ආරක්ෂාව පිළිබඳ අද(30) පැවති ජනමාධ්‍ය සංවේදිකරණ වැඩමුළුවට ඇය එක්වෙමින් මෙම පර්යේෂණය පිළිබඳව තොරතුරු අනාවරණය කරනු ලැබීය.

මේ සඳහා පාසල් යන වයසේ අවුරුදු 15-16ත් අතර වයස් කාණ්ඩයේ සිසු සිසුවියන් තෝරාගනිමින් අදාළ පර්යේෂණ්‍ය සිදු කර ඇත.

එම පර්යේෂණයට අනුව ඔවුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පෙම් සබඳතා පිළිබඳ ආඩම්බරයෙන් තොරතුරු ඉදිරිපත් කළ බව අනාවරණය වී තිබේ.

එසේම පෙම් සබඳතා නොමැති සිසුසිසුවියන් එම තත්වය ඔවුන්ගේ අඩුපාඩුවක් ලෙස සලකා ඇතැයිද සඳහන් වේ.

මෙම තත්වය ඉතා බරපතල තත්වයක් බවත්,විශේෂයෙන් දරුවන් අතර ආකල්පමය වෙනසක් බොහෝ අංශ කෙරෙහි යොමුවිය යුතු බවත්,ආනෝමා දිසානායක මහත්මිය සඳහන් කළාය.
Link

අනෝමා ඇන්ටි කියන්නේ යෞවනයින් පෙම් සබඳතා අවශ්‍යයි කීම ඉතා බරපතල ප්‍රශ්නයක් බවයි. කෙනෙක් තමන්ගේ පෙම් සබඳතා ගැන ආඩම්බරයෙන් කතා කිරීම දෝසයක් ද?

විද්‍යාත්මක ක්‍රමයෙන් අප යම්කිසි කල්පිතයක් (hypothesis) වැරදි/නිවැරදි බව විමසීමේදී ඔප්පු කරන්න උත්සාහ කරන්නේ එම කල්පිතයක් වැරදි බව මිස නිවැරදි බව නොවේ. උදාහරණයක් ලෙස පරිණාමවාදය වැරදි බව පරීක්ෂණාත්මකව සනාථ කිරීමට කිසිවෙකුත් මේවනතෙක් සමත්වී නැත. කිසිවෙක් එය නිවැරදිදැයි සෙවීමට පරීක්ෂණ කරන්නේ නැත.
ඒ ලෙසම ජ්‍යෝතිෂය විමසීමේදී අප පරීක්ෂණයක් යෝජනා කරන්නේ ජ්‍යොතිෂය වැරදි බව තහවුරු කිරීමටය. මෙම පරීක්ෂණය සිදුකර ප්‍රතිඵල සමීක්ෂණය කිරීමෙන් එක්කෝ ජ්‍යොතිෂය වැරදි බව තහවුරු වීම හෝ නොවීම සිදුවේ.

යෝජිත පරීක්ෂණය:

දැනට ජීවතුන් අතර සිටින හා නොසිටින පුද්ගලයන් දහසකගේ හඳහන් ලබා ගන්න. කැමති එක් ජ්‍යොතිර්වේදියෙකු ලවා එම කේන්ද්‍ර විමසන්න. සෑම අනාවැකියක් සඳහාම එම ජ්‍යෝතිර්වේදියාගෙන් හේතුව විමසා සටහන් කරගන්න.
1. අදාල පුද්ගලයා දැනට ජීවතුන් අතර සිටීද? නැද්ද?
2. ජීවතුන් අතර නැතිනම් මියගිය දිනය හා මරණයට හේතුව?
3…. තවත් ප්‍රශ්න ඇසිය හැකි මුත් ඉහත ප්‍රශ්න දෙක ප්‍රමාණවත් විය යුතුය.

දැන් ජ්‍යොතිර්වේදීන් විසිපස් දෙනෙකු පමණ යොදවා ඉහත පරීක්ෂණය සිදුකර ප්‍රතිඵල අධ්‍යයනය කරන්න.

මේ ශාස්ත්‍රය අනුව සියයට සියයක්ම සත්‍යවන කරුණු ප්‍රකාශ කිරීමට නම් කිසිම ජ්‍යොතිෂ්ශාස්ත්‍රඥයෙකුට පුළුවන් කමක් නැත. සියයක් කියනවිට එයින් හරියන්නේ හැට හැත්තෑවක් පමණි. නැතහොත් 10ක් 15ක් පමණි. ගල් කැට 10ක් 12ක් ගහගෙන යනවිට එයින් දෙකතුනක් වත් නොවදින්නේ නැත.

~ එස්.ඩබ්ලිව් කස්තුරිරත්න (පෙරදිග ජ්‍යොතිෂ විද්‍යාලයයාධිපති )/ රොහාන් සිසිරකුමාර (බී.ඒ, එම්.එස්.සී)

ජෝතිෂය පිළිබඳ මා ලියූ ලිපි කිහිපය අහියෝගයට ලක් කරමින් කැලුම් ජයසිංහ නම් පාඨකයා කොමෙන්ටු කිහිපයක් (1, 2) දමා තිබුනි. මේ ඔහුගේ අදහස් ගැන මගේ මතය පැහැදිලි කිරීමකි.

ඔබේ ඉහත පෘථිවි කේන්ද්‍රවාදයක් ජ්‍යෝතිශය තුල ගැබ්ව ඇත්තේය යන මතය ඊට හේතුවන කරුණු කාරණා සමගින්ම දක්වන්නේ නම් සමාජයට සේවයකි. නැතිනම් ඔබ මිනිසුන්ට දෙන්නේ වැරදි පණිවිඩයකි

පෘථිවි කේන්ද්‍රවාදය ජෝතිෂ්‍ය ගණිත ක්‍රමයේ මූලික පදනමයි. පෘථිවිය ඇතුලු ග්‍රහයන් අටදෙනා සූර්යයා වටා ගමන් කරන බව ජෝතිෂ්‍යයේ දැනුමක් නොවේ. ඔබ කියන කාරණාව කිසිදු (පැරණි ) ජෝතිෂ්‍ය පොතක සඳහන් නොවේ. හැකිනම් පොතේ නම හා පිටු අංකය සඳහන් කරන්න.
ඔබ කියූ හෙන්ද්‍රික් මහතාගේ පොතේ පස්වන පිටුවේ දෙවැනි ඡේදයේ කියා ඇත්තේ පෘථිවිය කේන්ද්‍ර කරගත් පැහැදිලි කිරීමකි. එහි සඳහන් “සෙනසුරු තරුව අසුවන සේ වටයක් ගැසුවොත්…” කියන්නේ පෘථිවිය කේන්ද්‍රයේ තබාය. රාශි දොලහකට අහස බෙදන්නේ පෘථිවිය කේන්ද්‍රයේ තබා බව එහි තවදුරටත් සඳහන් වේ.

ජ්‍යෝතිශයේ නිෂ්පාදකයින් හෙළයන්ය. මෙරටෙහි බිහිවී ලෝකය පුරා එය බිහි වූ බවට සාධක බොහෝ ඇත. උදාහරණයකට සිංහල ජ්‍යෝතිශයේ මූලික ග්‍රන්ථ තාමත් මෙරටේ ඇත.ඒවා සමහරක් රචනා කරඇත්තේද සූර්ය දෙවි වන්දනාවේ යෙදුනු රාවණ රජු විසිනුයි ( එසේම හෙළ වෙදකමේ ආරම්භයද මේ කාලයයි ). ඇතැම් පාරම්පරික වෙද මහතුන් සමග, එක්තර පොත් සමාගමක මෙම ග්‍රන්ථ තාමත් ශේෂයි. නොදන්නා, සොයාගත නොහැකි දේ අන්ධව ප්‍රතික්ශේප කිරීම ඔබලාගේ ක්‍රමය බව මා දනිමි.

සියළුදේම හෙළයන් කලබව කීම නවීන හෙළ විලාසිතාවකි. මෙවන් කතා වලට කියන්නේ මුගටි කතා කියාය. මෙය ඔප්පු කිරීමට අඩුගානේ ඔය කියන පොතේ නමත්, කතෘත්, ප්‍රකාශකයාත් සඳහන් කරන්න.

කෙනෙකුගේ ලග්නයට අයත් ගති ලක්ෂණ පොදුවේ මේ මේ යැයි දක්වන්නේ වුවද නියම ස්වභාවය කිව හැකි වන්නේ ඔහුගේ කෙන්ද්‍රයේ හා වෙනත් සියුම් කේන්ද්‍රවල ග්‍රහ පිහිටීම් සැළකූ විටයි. මේ නිසයි කෙනෙකුගේ කේන්ද්‍රය ආවාට ගියාට විමසිය නොහැක්කේ.
කරුණු විකෘති නොකොට අපක්ෂපාතීව ( ඔබ විද්‍යාත්මක ක්‍රමය පිළිපදින්නේ නම් ) විමසන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. උඩින් පල්ලෙන් බලා කිසිවෙකුට එය වටහා ගත නොහැක. ඔබලා කරුණු විමසීමට භාවිත කරන විද්‍යාව යන මග එකකි, ජ්යෝතිශය ආදී සිංහල දැනුම් පද්ධති යොමුවූ මග තවෙකකි. එසේම ඒවායේ බිහිවීමද එළෙසින්ම වෙනස් වේ. භාවිතයද වෙනස්ය…විද්‍යාවෙන් ලෝකයේ සියළුම දේ විමසීමට විග්‍රහ කිරීමට නම් එය පරිපූර්ණ දැනුමක් දැයි ඔබම විමසා බැලිය යුතුය.

විද්‍යාව පරිපූර්ණ දැනුමක් නොවේ. ජ්‍යෝතිෂය පරිපූර්ණ ද? මේ ලිපියේ ඉහලින්ම රතු පාටින් උපුටා දක්වා ඇති අදහස් ගැන මොකද කියන්නේ? සීයක් කිව්වම දහයක් හරියන අනාවැකි කියන්න ජ්‍යෝතිෂයම ඕනෑද?

ජ්‍යෝතිශවේදියකු පරිණත වන්නේ කාලය ගත වීමත් සමගයි.ඔබ උඩින් පල්ලෙන් පොත් කියවා කතා කිරීම පූර්ණ අධ්‍යනයක් නොවන්නේය. ඔබ කල යුත්තේ අඩුම තරමින් කේන්ද්‍රයක් හදන්නට වත්, නැකතක් හදන්නටවත් නිසි පරිදි පළපුරුදු ජ්‍යෝතිශවේදියකු ලඟ ඉගෙනගෙන පර්යේෂණාත්මකව මෙහි තත්ත්වය පෙන්වා දීමයි.

ඔබ මේ කියන්නේ මුහුණ බලා සාස්තර කීම ගැනයි. ඔය කියන විදිහේ පරිණත වීම යනු අනුමාන කිරීමේ හැකියාවයි. මේ කිසිවක් ශාස්ත්‍රානුකූල නැත.

ඔබ ” ආඩම්බර රැඩිකල්වාදියකු” බැවින් මෙන්ම සමාජ ශෝධනය කෙරෙහි මහා උනන්දුවක් දක්වන බැවින් ලිපියේ ආරම්භය ගන්නේ ජ්‍යෝතිශයට පහර ගසාමය..එය තුල ඇත්තේ ගැටළුවකි. ඔබ සිතන්නට සළස්වන්නකු නොවන බවත් ඔබ කරුණු දක්වන්නේ ජ්යෝතිශය සමාජයෙන් තුරන් කිරීමට බවත් ප්‍රත්‍යක්ෂය.

මගේ අරමුණ මිත්‍යාවෙන් ගැලවීමට සිංහලයා උනන්දු කිරීමයි. ජ්‍යෝතිෂය යනු වැරදි උපකල්පන මත ගොඩනැගුනු මිත්‍යාවකි.