Feeds:
Posts
Comments

Posts Tagged ‘ගුරුත්වාකර්ෂණය’

බෞද්ධ සිංහලයන්ට වඩා වෙනස් ජන වර්ගයක් වන සිංහලබෞද්ධයන් වනාහි අමුතුම දැනුම් සම්භාරයක් ඇත්තවුන් පිරිසකි. මා දැන සිටි තරමින් ඔවුන් ගුරුත්වාකර්ෂණය හෝ ඉලෙක්ට්‍රෝන වැනි දෑ පවතින බවක් පිලිනොගන්නා අයවලුන්ය. පසුගිය දිනෙක ඔවුන්ගේ බ්ලොගයක පලකර තිබූ ලිපියකින් ඔවුන් ගුරුත්වාකර්ෂණය පිලිගෙන තිබුනි. එයද අපූරු මතවාදයක් සමගිනි.

gravity

මෙය කියවන විට මීවනපලානේ ජයරත්න නැවතත් වැඩ අරඹලා දැයි සිතුනේ එහි ඇති විහිලු සහගත බව නිසාය. ලංකාවේ රහත් උදවිය නිසා ගුරුත්වාකර්ෂණය අඩුවුනා නම් එම රහත් උදවිය සිටිය යුත්තේ මුහුදේය. ඒ ගුරුත්වාකර්ෂණය අවම වන්නේ ලංකාවට නුදුරින් වන මුහුදේ බැවිනි.

මේ ලිපිත් කියවන්න

Read Full Post »

මෙරට ඇති ජාතික දැනුම මේ වන විට අභාවයට යමින් පවතියි. ගොවිකමේ, වෙදකමේ ආදී වශයෙන් ඇති මේ දැනුමට සම්‍යක් දෘෂ්’ටික දෙවිවරුන් එකතුකරන දැනුම ද වෙයි. ඊනියා විද්‍යාඥයන් සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට සිනහසෙන්නේ ඒ අදෘශ්‍යමාන පාර භෞතික බලවේග කියමිනි. එහෙත් ගුරුත්වාකර්ෂණ බලය ද අදෘශ්‍යමාන වෙයි. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වේ. ඒ ඉන්ද්‍රිය ගෝචර දැනුමක් බව පෙන්විය හැකි අයකු වෙතොත් ඔහුගේ හෝ ඇයගේ හෝ ගුරුත්වාකර්ෂණය ගෝචර වන විශ්මිත ඉන්ද්‍රිය ද රැගෙන කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණෙන ලෙසට ආරාධනය කරමි.
~ නලින් ඩි. සිල්වා

මෙම මාතෘකාව මුලින්ම සාකච්ඡා කරන ලිපිය මෙය නොවේ. මීට පෙර ලිපියකින් මා ඉදිරිපත් කල විද්‍යාත්මක ක්‍රමය නම්වූ ක්‍රමවේදය යොදාගනිමින් ඉලෙක්ට්‍රෝන පවතින බවටත්, ගුරුත්වාකර්ෂණය පවතින බවටත් විද්‍යාඥයන් විසින් සාක්ෂි සොයාගෙන ඇත. මෙම ලිපිය කියවන ඔබටත් විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝශය තුලින් ඒ ගැන වැඩිදුර විස්තර සොයා ගත හැක. තමා විවේචනය කරන්නවුන් පුස්සන්, පඬියන් ආදී විශේෂණ යොදා ගනිමින් ආමන්ත්‍රනය කරන මෙතුමා තමා “මහාචාර්ය” වන්නේ කුමණ විශය ක්ශේත්‍රයකින් දැයි අමතක කොට බටහිර විද්‍යාවත්, විද්‍යාත්මක ක්‍රමයත් ප්‍රතික්ශේප කර ඇත. එය සැබවින්ම තමන් වාඩිවී සිටින අත්ත කපා ගත් දර කපන්නා කරගත් අමන ක්‍රියාව හා සමානය. තමන් උගත් විෂය අමතක වී ඇති මොහු තව දුරටත් මහාචාර්ය කෙනෙක් වන්නේ කෙසේ ද?

කැළනි විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරය දැරීමට වඩා මොහු වැන්නෙකු සුදුසු වන්නේ කැළනි පන්සලේ නාථ දේවාලයේ ප්‍රධාන කපුවා තනතුරට ය.

දෙවියන් සමග කථා කරන ගැහැණිය:
සම්‍යක් දෘෂ්ඨිය යනු බෞද්ධ දර්ශනයට අනුව යහපත් දැකීමය. මිත්‍යා දෘෂ්ඨිය යන්න සම්‍යක් දෘෂ්ඨියේ විරුද්ධාර්ථය ගෙනදේ. මීට අමතරව නොදියුණු ජනවහරේ එන තවත් දෘෂ්ඨියන් ඇත. යක්ෂ/දේව දෘෂ්ඨි යනු එවැනි භින්නෝන්මාදය (Schizophrenia) නම්වූ මානසික රෝගී ස්වභාවයක් හැඳින්වීමට යොදා ගනී. මෙම කාන්තාව පෙලෙන්නේ මෙම භින්නොන්මාදය රෝගයෙන් බව ඉහත වීඩියෝව නැරඹූ විට පෙනේ.

පෙර ලිපියේ සඳහන් කල පරිදි ‘දෙවියන් ලෝකය මැව්වා’ වැනි කාරණා විද්‍යා ගෝචර නොවේ. එසේම මීට වසර 2600 කට පමණ පෙර සිදුහත් කුමරා බුදු වුනා ද නැද්ද යන්නද විද්‍යාත්මක ක්‍රමය යොදා පරීක්ෂා කල හැකි නොවේ. එයට හේතුව වන්නේ මෙබඳු කල්පිතයන් හරිවැරදි බව තහවුරු කල නොහැකි නිසාය. නමුත් කැළණියේ ජීවත්වන කාන්තාවක් දෙවියෙක් සමග කථා කරනවා යයි කීම විද්‍යාත්මක ක්‍රමය යටතේ පරීක්ෂණයකට කල හැකිය. ඉල්ලීමක් කලහොත් මාහට පරීක්ෂනයක් යෝජනා කල හැක.

Read Full Post »