Feeds:
Posts
Comments

Posts Tagged ‘නාථ දෙවියන්’

මේ ලිපිය ලිවීමට සිතමින් සති කිහිපයක් සිටියත් කාර්ය බහුලකම නිසාත් මොළේ ඇති ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි දෙයක් උලුප්පා ලිවීමට ඇති කම්මැලිකම නිසාත් ලිවීම ප්‍රමාද විය. නාථ දෙවියන් ගැන සාකච්ඡාව අසම්පූර්ණ යයි සිතෙන නිසා මෙය ලියමි.

මීට පෙර ලිපියෙන් ගුරුත්වය සෘජුව ග්‍රහණය කලහැකි අවයවයක් නැතිබවට මා සිතන බව කීමුත් බුද්ධිමත් පාඨකයින් කිහිපදෙනෙකුම (තනි අලියා, සූස්ති ගුණේ හා තවත් අයෙක්) පෙන්වාදුන්නේ ගුරුත්වය ඉන්ද්‍රියගෝචර විය හැකිබවයි.

ලේනෙකුගේ ගුරුත්වය දැනෙන අවයවය

ලේනෙකුගේ ගුරුත්වය දැනෙන අවයවය

වැඩිදුර කරුනු විමසීමේදී අහවල් එකට අමතරව ගුරුත්වය පංචේන්ද්‍රියයන්ටම ගෝචර කරගත හැකි බව පෙනීයයි.

බෙල්ලෙන් ගුරුත්වය දැනීම

ඇසට : පොල් ගෙඩියක් ගසකින් වැටීම දැකිය හැක.
කන: පොල්ගෙඩිය බිම පතිතවීමේදී නිකුත්වන ශබ්ධය ඇසිය හැක.
දිව හා නාසය: ඔබ ඔළුවෙන් සිටගෙන මුත්‍රා පිට කලවිට මුලින්ම දිවටත් ඉන්පසුව නාසයටත්
ශරීරය: බාල්කයක් වැනි යමක ලණුවක් ගැටගසා ගුරුත්වය දැනිය යුතු ස්ථානයෙන් එල්ලීමෙන් අදාල ස්ථානයට ගුරුත්වය දැනෙනු ඇත.

ගසින් වැටෙන පොල්ගෙඩිය දැකීම යනු ගුරුත්වාකර්ශනය දැකීමක් නොවන්නේ යයි කෙනෙකුට තර්ක කලහැක. එයට ඇති පිළිතුර සරලය. ඒ ගුරුත්වාකර්ශනය පොල්ගෙඩිය මත ඇතිකරන ප්‍රතික්‍රියාව අප ඇසින් නිරීක්ෂණය කරන බවයි.

අපි ඉලෙක්ට්‍රෝන දකින්නේද එලෙසය. ඒ ඉලෙක්ට්‍රෝන වල ප්‍රතික්‍රියා නිරීක්ෂණය කිරීමෙනි. එම ප්‍රතික්‍රියා ඉලෙක්ට්‍රෝන නිසා සිදුවන බව අපට නැවත නැවතත් සිදුකල හැකි පරීක්ෂණ මගින් සනාථ කල හැක.

ඉලෙක්ට්‍රෝන කියා දෙයක් නැතැයි කෙනෙකු තර්ක කරන්නේ නම් ඔහු හෝ ඇය මෙතෙක් කල් ඉලෙක්ට්‍රෝන ඇසුරෙන් පැහැදිලි කල සියළුම අන්තර්ක්‍රියා පැහැදිලි කල යුතුය. එසේ නොකර ඉලෙක්ට්‍රෝන කියා දෙයක් නැතැයි ද හැකිනම් තමන්ට ඉලෙක්ට්‍රෝන දෙකක් ගෙනවිත් දෙන්නැයි කියා ප්‍රකාශ නිකුත් කිරීම තර්කාභාසයකි. තර්කාභාසයක් යනු තර්ක කිරීමට නුසුදුසු තර්කන ක්‍රමයකි. නලින් ද. සිල්වාගේ හා ගෝලයන්ගේ තර්ක වටහාගැනීමට මට තර්ක ශාස්ත්‍රය ගැන ලියැවුනු පොතක් කියවීමට සිදුවිය.

දැන් අප නාථ දෙවියන් සම්බන්ධ ප්‍රවාදය සලකා බලමු. මොවුන් කියාසිටින ආකාරයට නාථ දෙවියන්ට පරිසරය සමග කිසිදු අන්තර්ක්‍රියාවක් කල නොහැක.

  1. ඇස: නාථ ඇසට නොපෙනෙයි. නාථට ගසක අත්තක් සෙලවීම, පුටුවක් පෙරලීම වැනි අක්ෂිගෝචර කිසිවක් කිරීමටද නොහැක.
  2. කන: නාථට කනට ඇසෙන ලෙස කථාකිරීමට, ශබ්ධනගා පඩයක් ඇරීම හෝ බෙරයකට තට්ටුවක් දැමීම හෝ කිසිම ශබ්ධයක් ඇති වන ක්‍රියාවක් කල නොහැක.
  3. නාසය: නාසයට ගෝචර වන ලෙස පඩයක් ඇරීම හෝ නාසයට ගෝචරවන දෙයක් කරන්නට නොහැක.
  4. දිව: දිවට දැනෙන යමක් කිරීමට නාථට නොහැක. අඩු ගානේ මම කන බත්පතට ලුණු රස වැඩිකිරීම වැනි දෙයක් වත්…
  5. ශරීරය: නාථ ඇඟේ හැප්පෙන්නේ හෝ පිරුනු වතුර බැරල් එකක ගිල්වූ විට එය උතුරා යන්නේවත් නැත.

මොවුන් කියා සිටින්නේ නාථ සිටින බව තමන්ගේ මනසට ගෝචරවන බවයි. එනම් නාථ සමග මනසින් අදහස් හුවමාරු කරගන්නා බවයි. ඒ නිසා නාථ වෙනත් ඉන්ද්‍රියයන්ට ගෝචර නොවන බවත් ඔවුන් කියා සිටියි. නමුත් මනසින් හෝ අදහස් හුවමාරු කරගන්නවා නම් නාථ දෙවියන් සිටින බව හෝ unknown entity ඇතිබව හෝ පෙන්විය හැකි ක්‍රමයක් මීට පෙර ලිපියේදී මම යෝජනා කලෙමි. ඒ නාථ දෙවියන් මාර්ගයෙන් පණිවිඩයක් පුද්ගලයෙකුගෙන් තවත් තවත් පුද්ගලයෙකුට යැවීමයි. එම පුද්ගලයන් දෙදෙනා දැනටමත් නාථ දෙවියන් සමග මනසින් අදහස් හුවමාරු කරන අයවලුන් විය යුතුය.

මෙම අභියෝගය හමුවේ දුර්මුඛ වූ නාථ දේවවාදීන් කියා සිටියේ නාථ එසේ පණිවිඩයක් ගෙනයාවිදැයි සහතිකවම කිව නොහැකි බවයි. නාථ සම්‍යක් දෘශ්ඨික නම් මෙය ඉටු කරනු ඇත. ඉහත අභියෝගය තවමත් වලංගු වන බව නැවතත් මා කියා සිටින අතර එය කර පෙන්වන අයෙකුට ත්‍යාගයක් ලෙස දේවාලයක්ම ඉදිකර දෙන බවට පොරොන්දුවෙමි.

මෙවර අභියෝගය නාථදෙවියන් සමග මනසින් කතා කරන අයට තමන් යහපත් මානසික සෞඛ්‍යයෙන් සිටින බවට මනෝවෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරන ලෙසයි.

Advertisements

Read Full Post »

පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවන දේවල් ඇතැයි සමහරු විශ්වාස කරයි. ගුරුත්වාකර්ශනය දැනෙන්නේ කුමණ ඉන්ද්‍රියටදැයි ඔවුන් අසන්නේ ආකිමීඩීස් අර මොකක්දෝ එක සොයා ගත්තා වගේ ය.

මම ඉහත වැකිය ලිවීමෙන් අදහස් කලේ ගුරුත්වාකර්ශනය දැනෙන අවයවයක් මිනිසාට ඇතිබව හෝ නැතිබවක් නොවේ. නමුත් මෙම වැකිය පාඨකයෙකුගේ හිතේ අවුලක් ඇතිකර ඇතිබව හැඟී යන නිසා තවදුරටත් මේ ගැන පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමි.

Gravitation is one of the four fundamental interactions of nature, along with electromagnetism, and the nuclear strong force and weak force. Modern physics describes gravitation using the general theory of relativity by Einstein, in which it is a consequence of the curvature of spacetime governing the motion of inertial objects. The simpler Newton’s law of universal gravitation provides an accurate approximation for most physical situations.
~ Wikipedia

ස්වභාවධර්මයේ පවතින මූලික අන්තර්ක්‍රියා හතරකින් එකක් ලෙස ගුරුත්වාකර්ශනය හඳුන්වා දී ඇත. මේ හතරින් එකක්වත් ඉන්ද්‍රියගෝචර නොවේ. ගුරුත්වාකර්ශනය පමණක් නොව චුම්භකත්වයද ශරීරයට දැනෙන්නේ නැති බව ඕනෑම මැට්ටෙකුට තේරෙන දෙයකි.

සැබෑ ගැටළුව ඔය ඉන්ද්‍රිය මොකක්ද යන ප්‍රශ්නය ඇසීම පසුපසින් එන මෝහාන්ධකාරයයි.

ගුරුත්වාකර්ශනය දෙවියන් සිටින බව ඔප්පු කිරීමත් යොදා ගත හැකි ආකාරය ඉහත වීඩියෝවේ පෙන්වයි. එසේම නලින් ද සිල්වා හා ඔහුගේ නඩයත් ගුරුත්වාකර්ශනය යොදා ගන්නේ නාථ දෙවියන් සිටිනා බව සාධනය කිරීමට වීම හාස්‍යයක් නොවේ ද?

ගුරුත්වාකර්ශනය දැනෙන ඉන්ද්‍රියයක් නොමැති නිසා නාථ සිටිනවා යයි නොකියා අපිට සරල පරීක්ෂණයක් මගින් නාථ දෙවියන් සිටී දැයි සෙවීමට හැකිය.

සිත දියුණු කරගත් විට නාථ දෙවියන් දැකීමට හැකියයි ඔවුන් අපිට කියයි. එසේ හිත දියුණු කරගත් දෙදෙනෙකු (A හා B) කාමර දෙකකට දමා එක් අයෙකුට (A ට) අපි යම් රහසක් කියමු. නාථ දෙවියන් ලවා එම රහස අනික් කාමරයේ සිටින (B) තැනැත්තාට දැනගත හැකිනම් නාථගේ පැවැත්ම තවදුරටත් ප්‍රශ්න නොනගා පිලිගැනීමට අප සූදානම්ය.

Read Full Post »

ප්‍රශ්නය : මේ දවස්‌වල මොනව ද කරන්නේ? වකුගඩු රෝග පර්යේෂණ ඉවර ද?

පිළිතුර :

ඉවර නෑ. දැන් තමයි හොඳ ම ටික. අපේ හේතු දැක්‌වීම මත පදනම් වෙලා දැන් අපි ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවා. ඔය මොන පණ්‌ඩිත කතා කිව්වත් කාට ද පුළුවන් වකුගඩු අසනීපේ සුව කරන්න. ලෙඩේ තියෙන පැත්තේ ම තියෙන පැළෑටි වර්ග කිහිපයක්‌ යොදාගෙන අපි ප්‍රතිකාර පටන් අරගෙන තියෙන්නේ. මූලික පර්යේෂණ සාර්ථකයි. මේ වෙලාවේ ඔක්‌කොම විස්‌තර දෙන්න බෑ. හැබැයි සුබ පෙරනිමිති ගොඩක්‌ තියෙනවා. මතක තියාගන්න, මේ ප්‍රතිකාර ගැන දැනුම අපට ලැබුණෙත් අර ලෙඩේට හේතුව කියපු තැනින් ම තමයි.

අපි බලමු කෝ ලෙඩ්ඩු හොඳ වෙන කොට මේ අය කියන්නේ මොකද කියලා….!

Vidusara

මේ පිළිබඳව තවත් ලිපි කිහිපයක් ලියන්නට නම් අවස්ථාවක් ලැබෙන බව නම් මට විශ්වාසය.

Read Full Post »

මෙරට ඇති ජාතික දැනුම මේ වන විට අභාවයට යමින් පවතියි. ගොවිකමේ, වෙදකමේ ආදී වශයෙන් ඇති මේ දැනුමට සම්‍යක් දෘෂ්’ටික දෙවිවරුන් එකතුකරන දැනුම ද වෙයි. ඊනියා විද්‍යාඥයන් සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට සිනහසෙන්නේ ඒ අදෘශ්‍යමාන පාර භෞතික බලවේග කියමිනි. එහෙත් ගුරුත්වාකර්ෂණ බලය ද අදෘශ්‍යමාන වෙයි. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වේ. ඒ ඉන්ද්‍රිය ගෝචර දැනුමක් බව පෙන්විය හැකි අයකු වෙතොත් ඔහුගේ හෝ ඇයගේ හෝ ගුරුත්වාකර්ෂණය ගෝචර වන විශ්මිත ඉන්ද්‍රිය ද රැගෙන කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණෙන ලෙසට ආරාධනය කරමි.
~ නලින් ඩි. සිල්වා

මෙම මාතෘකාව මුලින්ම සාකච්ඡා කරන ලිපිය මෙය නොවේ. මීට පෙර ලිපියකින් මා ඉදිරිපත් කල විද්‍යාත්මක ක්‍රමය නම්වූ ක්‍රමවේදය යොදාගනිමින් ඉලෙක්ට්‍රෝන පවතින බවටත්, ගුරුත්වාකර්ෂණය පවතින බවටත් විද්‍යාඥයන් විසින් සාක්ෂි සොයාගෙන ඇත. මෙම ලිපිය කියවන ඔබටත් විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝශය තුලින් ඒ ගැන වැඩිදුර විස්තර සොයා ගත හැක. තමා විවේචනය කරන්නවුන් පුස්සන්, පඬියන් ආදී විශේෂණ යොදා ගනිමින් ආමන්ත්‍රනය කරන මෙතුමා තමා “මහාචාර්ය” වන්නේ කුමණ විශය ක්ශේත්‍රයකින් දැයි අමතක කොට බටහිර විද්‍යාවත්, විද්‍යාත්මක ක්‍රමයත් ප්‍රතික්ශේප කර ඇත. එය සැබවින්ම තමන් වාඩිවී සිටින අත්ත කපා ගත් දර කපන්නා කරගත් අමන ක්‍රියාව හා සමානය. තමන් උගත් විෂය අමතක වී ඇති මොහු තව දුරටත් මහාචාර්ය කෙනෙක් වන්නේ කෙසේ ද?

කැළනි විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරය දැරීමට වඩා මොහු වැන්නෙකු සුදුසු වන්නේ කැළනි පන්සලේ නාථ දේවාලයේ ප්‍රධාන කපුවා තනතුරට ය.

දෙවියන් සමග කථා කරන ගැහැණිය:
සම්‍යක් දෘෂ්ඨිය යනු බෞද්ධ දර්ශනයට අනුව යහපත් දැකීමය. මිත්‍යා දෘෂ්ඨිය යන්න සම්‍යක් දෘෂ්ඨියේ විරුද්ධාර්ථය ගෙනදේ. මීට අමතරව නොදියුණු ජනවහරේ එන තවත් දෘෂ්ඨියන් ඇත. යක්ෂ/දේව දෘෂ්ඨි යනු එවැනි භින්නෝන්මාදය (Schizophrenia) නම්වූ මානසික රෝගී ස්වභාවයක් හැඳින්වීමට යොදා ගනී. මෙම කාන්තාව පෙලෙන්නේ මෙම භින්නොන්මාදය රෝගයෙන් බව ඉහත වීඩියෝව නැරඹූ විට පෙනේ.

පෙර ලිපියේ සඳහන් කල පරිදි ‘දෙවියන් ලෝකය මැව්වා’ වැනි කාරණා විද්‍යා ගෝචර නොවේ. එසේම මීට වසර 2600 කට පමණ පෙර සිදුහත් කුමරා බුදු වුනා ද නැද්ද යන්නද විද්‍යාත්මක ක්‍රමය යොදා පරීක්ෂා කල හැකි නොවේ. එයට හේතුව වන්නේ මෙබඳු කල්පිතයන් හරිවැරදි බව තහවුරු කල නොහැකි නිසාය. නමුත් කැළණියේ ජීවත්වන කාන්තාවක් දෙවියෙක් සමග කථා කරනවා යයි කීම විද්‍යාත්මක ක්‍රමය යටතේ පරීක්ෂණයකට කල හැකිය. ඉල්ලීමක් කලහොත් මාහට පරීක්ෂනයක් යෝජනා කල හැක.

Read Full Post »