Feeds:
Posts
Comments

Posts Tagged ‘Human rights’

මිනී මැරුමක් සම්බන්ධයෙන් සැකපිට වාස් ගුණවර්ධන නම් පොලිස් නිලධාරියා රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතිබව වාර්තාවේ. මේ ඒ මහතා අත් අඩංගුවේදී තමන්ට විඳින්නට සිදුවූ ගැහැට පිලිබඳව රැඩිකල් අදහස් වෙබ් අඩවිය වෙත කරන ලද විශේෂ ප්‍රකාශයකි.

මාව කූඩුවෙන් එළියට අරන් මාංචු දමා, බෙල්ලෙන් අල්ලාගෙන පොලිසියේ පිටුපස පිහිටි නිල නිවාසයකට ගෙන ගියා. ඇතුලට ගෙන ගිය ගමන් සාලයේ බිම වාඩි කෙරෙව්වා.එහි කෑම මේසයක් හා පුටු තිබුනා. මාව ගෙන ආ, එක් නිලධාරියෙක් අතේ කොච්චි මිරිස් පාර්ෂලයක් තිබුනා. … පොලිස් නිලධාරී රවීන්දු පුෂ්ප කුමාර හිටියේ නිල ඇඳුමින්. අනෙක් දෙදෙනා හිටියේ සිවිල් ඇඳුමින්…. ඇත්ත කියපන්, අපෙන් ගුටි කන්නේ නැතිව, ගුටි කෑවොත් ආයෙත් උඹට රස්සාවක් කරන් කන්න වෙන්නේ නැහැ කිව්වා…… ඉන් පසු පොලිස් නිලධාරී රවීන්ද්‍ර පුෂ්ප කුමාර එහි තිබූ සපත්තුවක් තුල තිබුන මේස් එකක් ගත්තා. එ්ක තුලට මේසය උඩ තිබ්බ කොච්චි දැම්මා. අතේ තිබුන අඩි 1 1/2 – 2ක් පමණ වන එස්ලෝන බටයෙන් , මේස් එක තුල තිබූ කොච්චි මිරිස් තැලූවා. එකට වතුර ටිකක් දැම්මා…….මාව බිම දිගා කලා. එතැනට පැමිණි තරුණ නිලදාරියෙක් මගේ සරම ගලවා විසි කලා. ඊට පසු ඔහු මා ඇඳ සිටි යට කලිසම ඇද පාත් කලා. ඉන් පසු ඔහු මගේ කකුල් දෙකේ විලූඹ පාත්කර තදකර අල්ලා ගත්තා. අනෙක් නාලධාරියා මගේ කොණ්ඩෙන් අල්ලා පොලවට තද කලා.
එයින් පසුව, රවීන්ද්‍ර පුෂ්ප කුමාර මේස් එක මිරිකමින් මගේ ඇස් වලට මිරිස් ඉස්ම වක්කලා. ඇස් ඇතුලට මිරිස් ඉස්ම යන්න ඔලූව අල්ලාගෙන හිටි නිලධාරියා, එක් අතකින් මගේ ඇස් වැසෙන්නට නොදී අල්ලා ගත්තා……. මට දරා ගන්න බැරි වේදනාවක් ආවා. ඇස් නොපෙනී ගියා. එ් වෙලාවේ මම දැගලූවා. මූට ගාය වැඩියි කියමින් ඔවුන් මාව නැගිට්ටවලා ෂර්ට් උරහිස් පන්නලා, ඇද ෂර්ට් එක ගැලෙව්වා. අත්වල මාංචු වලට ෂර්ට් එක හිරවුනා. නැවත මා උඩුපෙලි අතට බිම පෙරලා, පුටු දෙකක් අරගෙන මගේ ඇඟ හිරවෙන්න තිබ්බා…… මගේ මුහුණ පැත්තට තිබූ පුටුවේ, රවීන්ද්‍ර පුෂ්ප කුමාර පොලිස් නිලධාරීවරයා වාඩි වුනා. එ් පිටුව තිබුනේ මගේ පපුව හිරවෙන්න….. අනෙක් පුටුවේ අනිත් නිලධාරියා වාඩි වුනා. ඔහු මගේ දණහිස් දෙක උඩ කකුල් තබාගෙන පොලවට තද කලා. අනෙක් නිලධෘරියා මගේ කකුල්වලට එහායින් පුටුවක් තබා එහි වාඩිවී, විලූඹ පහත්කොට, කකුල් වලින් පාගාගෙන හිටියා………. රවීන්ද්‍ර පුෂ්ප කුමාර, නැවත මගේ ඇස්වලට කොච්චි මිරිස් ඉස්ම මිරිකන්න පටන්ගත්තා. ……. එසේ කරලා, මූට මෙහෙම කරලා හරියන්නේ නැහැ කියා, පුටුවෙන් නැගිට පැමිණ පාත් වෙලා මගේ යට ඇඳුම් තවත් පාත් කරලා ඔහු අතේ තිබුන එස්ලෝන් බටයෙන් මගේ පුරුෂ ලිංගයේ මතුපිට සම පස්සට ඇද, කොච්චි මිරිස් ඉස්ම එතැන මිරිකා වක්කලා. එම ඉස්ම බේරී මාගේ ගුදමාර්ගයට ඇතුලූ වුනා. මා දැඩි වේදනාවෙන් පෙලූනා. ගුද මාර්ගයෙන් එලියට යමක් ආවා වගේ දැනුනා. මා මලපහ කරන වට, එ තත්වය දැන් දිගටම ඇති වෙනවා…….. එසේ මා වේදනාවෙන් පෙලෙන අතර, මගේ කකුල් දෙක පාගගෙන සිටිය තරුණ පොලිස් නිලධාරියා අසභ්‍ය වචන කියමින්, බොට නංගිලා දෙන්නෙක් ඉන්නවා නේද, දෙන්නම ”බඩු ”දෙකක් නේද ආදී වචන කියමින් මාව පීඩාවට පත්කලා…….


සම්පූර්ණ විස්තරය මෙතනින් කියවන්න

Advertisements

Read Full Post »