“ලංකාවේ සිටින්නෙකුට” කල හැකි පහසුම රැකියාව කුමක් ද? මෙතෙක් කල් මා සිතා සිටියේ ගොවිතැන හෝ මුහුදේ මාළු ඇල්ලීම හෝ සිකියුරිටි වැනි රැකියා වලින් එකක් එම තැන ගන්නා බවය. හේතුව එම රැකියාවන්ට අවශ්‍ය වන දැනුම ඉතා අවම මට්ටමක පවතින නිසාය.
පසුගිය දිනක පුවත්පතක පලවූ කාලගුණ අනාවැකියක් කියවමින් සිටි මා හට එක්වරම තේරුම් ගියේ ලංකාවේ පහසුම රැකියාව කාලගුණ විද්‍යාඥයෙක් වීම බවයි. එම රැකියාව කිරීමට කෙනෙකුට මෙලෝ දැනුමක් අවශ්‍ය නොවේ. තැනින් තැන වැසි ස්වල්පයක් ඇතිවනවා හෝ ඇතැම් අවස්ථා වලදී සුලං තදින් හමනු ඇතැයි කීම තේරුමක් නැති වචන හරඹයක් මිස හරි හමන් අනාවැකි කීමක් ද?
ඕක නෙවේ මේක ලේසිම එක.
ඕකට ඔය මිනිස්සුන්ට දොස් කියල වැඩක් නෑ. මොකද දියුණු රටවල නම් අනාවැකි කියන්න ඒවගේ දියුණු ක්‍රමවේදයක් තියනව. තාම මෙහේ කරන්නෙ ආදිකාලෙ වගේ බැලුමක් උඩයවන එක විතරක් වෙන්නැති. අවශ්‍ය පහසුකම් නොදී, කියන අනාවැකි වල නිරවද්‍යතාවයක් බලාපොරොත්තු වෙන්න බෑ.
පහුගිය අවුරුදු 20දි මේ ආයතනයට ලැබුන විදේශාධාර ප්‍රමාණය ගැන දන්නවනම් දොස් නොකිය බැහැ.
අද දින අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී හෝ දිවයිනේ බස්නාහිර සබරගමු හා මධ්‍ය පලාතේ හෝ ඉන් පිටත හෝ වැසි හෝ ගිගිරුම් සහිත වැසි හෝ වියලි කාළගුණයක් හෝ පවතිනු ඇත.
😀
සැටලයිට් ඩේටා අරං මොඩල් කරන සොෆ්ට්වෙයා ම මාර ගාණක් ඇති.
අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්දකුත් තිබෙනවා. දවසක ඒ ගැන ලියන්න හිතන් ඉන්නවා.
අනේ වාසනාවන්.
මෙහෙව් රටක්..
🙂