රට පුරා උද්ගතව ඇති අපරාධ රැල්ල නවත්වන්න උපරිමව කටයුතු කරනවා
~ නව නීතිපති පාලිත ප්‍රනාන්දු
මේ දිනවල නිතරම ස්ත්‍රී දූෂන හා ළමා අපචාර අපරාධ පුවත් අසන්නට ලැබේ. නීතිපති පාලිත ප්‍රනාන්දු කියන්නේ අපරාධ රැල්ලක් රටේ ඇති බවයි. ඔහුට එය නවත්වන්නට ප්ලෑන් එකක් ඇතිබවත් කියයි. නමුත් මෙවන් දෑ සම්බන්ධයෙන් වගකීමක් දැරිය යුතු අනෝමා දිසානායක පවසන්නේ අපරාධ වැඩිවීමක් නොව අපරාධ වාර්තා වීමේ වැඩිවීමක් ඇතිබවයි. මේ දෙන්නාම කියන දේවල් සත්‍ය විය හැක්කේ ශ්‍රීලාංකික අනන්‍යතාවයක් ඇති චතුස්කෝටික චින්තන ක්රමයටය.
නීතිපති ගැන වැඩියමක් නොදන්නා නමුත් අනෝමා නම් වැඩිවන අපරාධවලිනුත් තමන්ට ක්‍රෙඩිට් එකක් ගන්නට උත්සාහගනු පෙනේ.
මගේ ප්රශ්නය මේ දෙදෙනාගේ මත වල ඇති පරස්පර භාවය නොවේ…
ගොසිප් 9, අද දෙරණ හා ඩේලි මිරර් වැනි පාඨකයන්ට අදහස් දැක්වීමට ඉඩ දෙන පුවත් අඩවිවල ඉදිරිපත් කර තිබූ පාඨක අදහස් බොහොමයකින් ඉල්ලා තිබුනේ මේ අපරාධකරුවන්ට අරාබියේ දෙන දඬුවම් දෙන ලෙසයි.
මුස්ලිම් ආක්‍රමණයකට එරෙහිව පෙල ගැසෙනවා යයි කියන සිංහල සමාජය ඉස්ලාමික නීති ඉල්ලන්නේ ඇයි? කරුණාව මෛත්‍රිය පෙරදැරි කරගත් ධර්මිෂ්ඨ සමාජයකට වඩා ඇහැට-ඇහැක් ගන්නට සිතනා සමාජය හොඳය කියා සිතන නිසා ද?
_කෙනුත් හිනා යන කථාවක් තමයි ඒක , මරණ දඬුවම හෝ අරාබින්ගේ ඔටු නිති ගෙනා පමණින් අපරාධ නවතිනවා කියල හිතනවා නම් ඒක විහිලුවක් , දැනට රටේ තියන නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක වෙන එකයි වෙන්න ඕනි
ඒකෙන් පේන්නේ අපේ මිනිස්සුන්ව පාලකයන් අන්දල තියෙන තරම තමයි. බුද්ධිමතුන් රට අතහැරල යද්දී මෝඩයෝ ඉතුරු වෙනවා. ජනතාව මෝඩයෝ වෙන තරමට පාලකයෝ කැමතියි මොකද එතකොට පාලනය කරන්න ලේසි නිසා. අද ලංකාවේ තියෙන්නෙත් ඒ වගේ තත්වයක් ගොඩක් මිනිස්සුන්ට තමන්ගේම කියල ස්වාධීන අදහස් නෑ, ඔහේ යන්නන් වාලේ රැල්ලට වගේ ගහගෙන යනවා. අපරාධ අඩුකරන්න කියල ඒ අපරාධයටත් වඩා ම්ලේච්ඡ දඩුවම් දෙන එක නෙවෙයි කරන්න ඕනි. තියෙන නීතිය සහ දඩුවම් පාට, පක්ෂ, දුප්පත්, පෝසත් බේද නැතුව සර්ව සාධාරණව ක්‍රියාත්මක කරන එකයි.