උසස්පෙළ විහාග ප්‍රතිඵල ලැබීමෙන් පසු තාවකාලික පදනමක් මත රජයේ බැංකුවක මුදල් අයකැමිවරයෙකු ලෙස රැකියාවක් කිරීමේ අවස්ථාව මට ලැබුනි. ඒ මගේ මුල්ම රැකියාව විය. පලපුරුදු අයකැමිවරයෙක් සමග එක ලඟ කවුන්ටරයක වැඩකරන්නට මට කලමණාකාරිණිය ඉඩ ලබා දුන්නේ බැංකුවක වැඩ ගැන මෙලෝ හසරක් මා නොදැන සිටි නිසාය.
දුෂ්කර යයි සැලකුන පලාතක පිහිටි මෙම බැංකුවේ බොහෝ ගණුදෙනුකරුවන් දුප්පත් පන්තියේ අයවලුන් විය. ඔවුන් බැංකුවට පැමිණියේ රත්තරන් බඩු උගස් කිරීමට හෝ ඒවා බේරා ගැනීමටය. ගොවිතැන් ආරම්භ කරන සමයේ රන්බඩු උගස් කිරීමත් අස්වැන්න විකිණූ පසු නැවත ඒවාට පොලී ගෙවීම හෝ නිදහස් කරගැනීම ඔවුන්ගේ සිරිත බව මගේ ගුරු අයකැමිවරයාගෙන් මට දැනගත හැකිවිය.
දිනය අවසානයේ ලාච්චුවේ ඇති මුදල් සියයේ මිටි සකස් කර මලු වලට දමා සේප්පුවට දැමීමට ද ඉතිරි වන මුදල් ඇතොත් ඒවා වෙනම මල්ලකට දමා පසු දිනයේ භාවිතයට වෙනම සේප්පුවක දැමීමද බැංකුවේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය විය. නමුත් කිසිම දිනක මාරුකාසි මට ලැබුනේ නැත. ඒ නිසා ගණුදෙනුකරුවන්ට පියවියයුතු මාරු මුදල් නැතිවිට ඔවුන්ට බැංකුවෙන් පිටට ගොස් මාරු මුදල් ගෙන එන ලෙස කීමට මට සිදුවිය. නැතහොත් ඔවුන්ගේ රිසිට් පතේ පසුපස රුපියල් දෙක පහ වශයෙන් සටහන් තබා පසු දිනක මගෙන් ඉල්ලාගන්නා ලෙස ඔවුන්ට පැවසීමි. බොහෝ ගණුදෙනුකරුවන් පසු දිනක හෝ පැමිණ මගෙන් රුපියල් දෙකක් හෝ පහක් වැනි ඉතිරි මුදල් ඉල්ලාගෙන යාම පුදුමයක් නමුත් ඒතරමට ඔවුන් දුප්පතුන් වූහ.
දිනක් කළු කෝට් එකක් දමා ගත් ගාම්භීර පෙනුමක් ඇති අයෙක් කවුන්ටරයට ඇති දිග පෝලිමද නොතකා පැමිණ ඔහුගේ මුදල් බෑගයක් මේසය මත තැබීය.
මම: මේ මොකද?
කළු කෝට්: ඉක්මණට මේක දානව.. මට පරක්කුයි…
මම: කරුණාකරල පොලිමේ එන්න.
කළු කෝට්: දන්නව්ද මම කවුද කියලා ?
මම: මට ඒක දැනගන්න ඕනි නැහැ. මෙතන කවුරුත් පෝලිමේ එන්නෙ.
කළු කෝට්කාරයා මුමුණමින් අනෙක් කවුන්ටරයේ මුදල් පසුම්බිය තැබීය. මොහොතකින් ඔහුගේ වැඩේ කර ඔහුව පිටත් කල මගේ ගුරු අයකැමිවරයා මට බණින්නට පටන්ගත්තේ ඔහු අසවල් නීතීඥ මහතා බවත් ඔහුට සලකන්න දන්නේ නැද්ද ආදී වශයෙනි.
“ආ කැම්පස් යන්නත් ඉස්සරින් දැනටම හිතට ලොකුකමක් ගහල”
මට තරමක් අසරණ කමක් දැනුනේ බැංකුවේ සේවකයින් බොහෝ දෙනෙකු ඇනුම් පද කියන්නට පටන් ගත් නිසාය.
මේ අතර සිද්ධිය දැනගත් බැංකුවේ සහකාර කලමණාකාරතුමා මා වෙනුවෙන් ඉදිරිපත් විය. ඔහු කල අවවාදය අදටත් මා පිලිපදින මූලධර්මයකි.
පුතා… පිස්සො කරන දේවල්වත් කියන දේවල්වත් ගණන් ගන්න එපා!
මමත් ඔය කට්ටම කාලා තියෙනවා,අපෙ පැත්තෙ නම් පෝලිමෙන් පිට මුදලාලිලා,එයාලගේ බිරින්දෑවරු(?),පොලිසියෙ අය.ඉස්කෝලෙ අපිත් එක්ක ඉගෙන ගත්ත එවුන් පනින්න හදනවා,සමහරවෙලාවට මටත් පෝලිම හොයා ගන්න බෑ.දවසක් එහෙම වෙලා කෙල්ලෙකුගේ ස්ලිප් එකක් අරගෙන මම පට්ට සීන් එකක් දාගත්තා.www.amuthusithuwili,wordpress.com
🙂
@ra(chi),
// ඔහු කල අවවාදය අදටත් මා පිලිපදින මූලධර්මයකි.
පුතා… පිස්සො කරන දේවල්වත් කියන දේවල්වත් ගණන් ගන්න එපා!//
දැන් ඔය අවවාදය මම ඔබේ ලිපියට දැම්මොත් ඔබ පිස්සෙකු වෙනවා නේද? මම ඔබට පිස්සකු යයි නොකියමි. එහෙත් එය සැබෑ නම්, ඔබ බොහොම සුළු රැකියාවකින් ජීවිතය ඇරඹූ බව පෙනේ. මම කොනකට ගාවපු (Tag) නිසා මෙය ලියමි.
මාද ලංකාවේ එකල විශාලම රාජ්‍ය අංශයේ ආයතනයක විධායක නිලයක (ප්‍රථම) රැකියාව කලෙමි. ආයතනයේ මුල්‍ය අංශයේ දෙවැනියා ඉදිකිරීමේ ව්‍යාපාරයක ගණන් තැබු අයුරු දැක අපහාස කලේ මම වෙනත් ක්ෂේත්රයක බවද දැන දැනය. මාස තුනකට පසු තේරුම් ගෙන කණගාටුව ප්‍රකාශ කලා. එවිට මගේ අංශ ප්‍රධානියා (ක්‍රියාවෙන් මා කියන දෙයම කල කෙනා) ලිපි ගොනු හිස් කලේ කුකුලකු ගේ පෙඳ ගලවන ලෙසය.
මා මීට කලින් හිටපු JRJ ඇතුළුව ජනපතියන් තිදෙනෙකුගෙ විශ්වාසී අය සිටියදී වැඩ කලෙමි. දේශපාලන හෝ අනෙකුත් බලපෑම් කිරීමට තබා මට ඇසීමටද නොලැබුනේ එසේ කර ඵලක් නැති නිසා ය. ආරවුළ විසඳීමට අවසන් තීරණය මගේ වීම කොතරම් වැඩ ප්‍රමාණය වැඩි කලාද කියනවා නම් අස් වුනේ රට යාමටය.
රැකියාවෙන්ම යැපෙන උන්ට වෙන විදිහක් නැති නිසා වහළුන් වන බවත් එසේ නොවේ නම් කඳ කෙලින් තබාගෙන ජීවත් විය හැකි බව පිස්සන්ට තේරුනද ඵලක් නැහැ නේද?
ra(chi) ? ටැපලීමක් වගේ. 🙂
ඒ අවවාදය මට නං මල්ලේ පොල් එකකි. කවුද පිස්සෝ? පෝලිමෙන් පිට පණින අයද?
පිස්සො කියන දේවල් ගණන් ගන්න එපා කිව්වම “පිස්සො” කියන්නෙ අපිට අනවශ්‍ය කරදරයක් (වාතයක්) වෙන පුද්ගලයන්. ඔවුන්ව මග හැරිය යුතු බවයි අවවාදය.
@Ra(chi),
//පිස්සො කියන දේවල් ගණන් ගන්න එපා කිව්වම “පිස්සො” කියන්නෙ අපිට අනවශ්‍ය කරදරයක් (වාතයක්) වෙන පුද්ගලයන්. ඔවුන්ව මග හැරිය යුතු බවයි අවවාදය.//
ටැපලීමක් නැත.
සිංහලෙන් සිංහල දේවල් වලට ගරහන, ලියන බසේ තේරුම නොදන්න කෙනෙකු, පිස්සා යන වචනයේ සිංහල අරුතට ඉතා ළඟය. ඉහත තමාගේම රචනයේ පිස්සෝ යයි බැංකුවේ සහකාර කලමණාකාරතුමා හැඳින් වූයේ තමාගෙ හැසිරීම විවේනයට ලක් කල තමාගේ කාර්යාල සේවකයන්ටය.
නිල තල, ධනය, බලය අනුව සැලකීම තීරණය වන ඉංග්‍රීසීන් බිහිකල ක්‍රමය තුල, නොදැනුවත්කම නිසා අනා ගැනීම හැඳින්වීමට, පිස්සකු කියනවාට වඩා, පිඟන් බඩු කඩයකට වැද බඩු කඩන මද කිපුනු ගොනකු ලෙස තමාගේ කාර්යාල සේවකයන් තමා ගැන කීවා යයි සිතමි.
හැකි නම් පිස්සා යන වචනයේ අරුත දක්වා පිස්සකු නොවන බව සඳහන් කරන්න. {“පිස්සො” කියන්නෙ අපිට අනවශ්‍ය කරදරයක් (වාතයක්) වෙන පුද්ගලයන්}, {නොව “වාතයක්” කියන්නෙ අපිට අනවශ්‍ය කරදරයක් වෙන පුද්ගලයන්ටය}. “ඇනයක්” බව නම් හොඳට පෙනේ.