Feeds:
Posts
Comments

Posts Tagged ‘හෙළ උරුමය’


මන්ත්‍රී හාමුදුරුවන් වහන්සේලාගේ ආගමනයට අවුරුදු ගණනාවක් ගතවී ඇති මොහොතක හිටි ගමන් නින්දෙන් ඇහැරුන සිංහලයින් පිරිසක් අරඹා ඇති බුද්ධ සාසනය ආරස්සා කිරීමේ ව්‍යායාමය ගැනයි මෙම සටහන.

සංඝයාට දේශපාලය අකැප යයි කියන පාර්ශවය මතුකරන කාරණා,

1. මන්ත්‍රී හාමුදුරුවන් ලෞකික ලාභ, ප්‍රයෝජන, සැප ආදියට ලොල් වීම නිසා බුද්ධ ශාසනයට හානි සිදුවීම
මා දකිනා ආකාරයට මෙය අලුත් දෙයක් නොවේ. මන්තර ගුරුකම්, වෙදකම්, සෙත්කවි/වස්කවි කීම/නිරිමාණය කිරීම, පාසල් වල ගුරු වෘත්තියේ යෙදීම, විශ්ව විද්‍යාලවල විද්‍යා විශයන් හැදෑරීම, හඳහන්/නැකැත් බැලීම ආදී නොයෙකුත් නොගැලපෙන ක්‍රියාවල යෙදීම බොහෝ භික්ෂූන් කරන දේවල්ය.

2. ගිහියන් සමග මැතිවරණයට තරඟ කිරීම නිසා තත්වය බාල්දුවීම

මෙයත් කලින් කී කාරණයට සමානය. ගිහියන් සමග බස් රථයක එකට ගමන් කිරීම බාල්දුවීමක් ලෙස මොවුන් නොසිතයි.

3. ගිහි-මන්ත්‍රීලාගෙන් බැනුම් ඇසීම, ගුටිකෑම, වෘෂණ මිරිකා ගැනීම බුද්ධ ශාසනයට හානියකි
අටලෝ දහමෙන් කම්පා නොවීම, සුනාපරත්තයට ගිය පුණ්ණ තෙරුන් වැනි කථාත් මෙවැනි දේවල් වලට භික්ෂූන් මුහුණ දිය යුතු බවට ධර්මයෙන්ම ලැබෙන උදාහරණයන්ය. වෘෂණයෙන් නම් ප්‍රයෝජනයක් ගන්නේ නැති නිසා ඕනි නම් කපලා අයින් කලත් මොකෝ?

4. බෙන්ස් කාර් බලපත්‍රය විකිණීම
නිකම් පන්සල්වලට වෙලා සිටින භික්ෂූන්ද පන්සල් වත්තේ ඇති පොල් විකිණීමෙන් අදායමක් ලබති. තවත් සමහරක් පන්සලේ අලියා හයර් එකට විකුණයි.

5. අවුරුදු හත අටක් මන්ත්‍රීකමේ හිටියත් ප්‍රධාන ඡන්ද පොරොන්දු එකක්වත් ඉටු කිරීමට නොහැකි වීම

කවුද ඡන්ද පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටුකලේ?

6. තමන්ට විරුද්ධ පක්ෂයක අයගෙන් දන් පිලි නොගැනීම හෝ පාංසුකූලයට නොයෑම වැනි දේශපාලන පලි ගැනීම් සිදුවීමට ඇති ඉඩ
මෙය තනිකරම කොරහේ කිඹුල්ලු දැකීමකි. බුද්ධ ශාසනය රැක ගන්නෙමුයි ප්‍රතිඥා දී එන මන්ත්‍රී හාමුදුරුවන් එසේ කරයි ද?

කරුණු මෙසේ නම් හෙළ උරුමය පාර්ලිමේන්තුවෙන් එළවා දැමීමට යූ එන් පී මන්ත්‍රී විජයදාස මැතිතුමාට අදහසක් පහළ උනේ ඇයි? ඒ මහතාටත් මෙම යෝජනාවට සහාය දක්වන අන් අයටත් හෙළ උරුමය පාර්ලිමේන්තුවේ අවුරුදු හතක් පමණ මළකඩ කන තුරු මේ අදහස නිකමටවත් පහල උනේ නැත්තේ ඇයි?

සමහර විට හෙළඋරුම හාමුදුරුවන්ටම වැඩේ ඇතිවෙලා ගොඩයන්න විජයදාස රාජපක්ෂව කඩේ යවනවා වෙන්නත් පුලුවනි.

අවසානයට කිව යුත්තේ අපට පාර්ලිමන්ට් ජෝක්ස් සපයන හෙළ උරුම මන්ත්‍රීතුමන්ලා එළවීමට ගෙන එන පනත පසුපස යම් කුමන්ත්‍රණයක් ඇති බවයි.

Read Full Post »